අඟහරු ග්‍රහයා වෙත ගමන් කාලය දින 30-60 දක්වා අඩු කළ හැකි ප්ලාස්මා විදුලි රොකට් එන්ජිමක්
තාක්ෂණික නවෝත්පාදන

අඟහරු ග්‍රහයා වෙත ගමන් කාලය දින 30-60 දක්වා අඩු කළ හැකි ප්ලාස්මා විදුලි රොකට් එන්ජිමක්

රුසියානු විද්‍යාඥයින් විසින් අඟහරු ග්‍රහයා වෙත ගමන් කාලය දින 30-60 දක්වා අඩු කළ හැකි ප්ලාස්මා විදුලි රොකට් එන්ජිමක් නිපදවයි.

"රොස්-ආතම් (RosAtom)" "රුසියානු පරමාණුව" ලෙස අර්ථදැක්වෙන මෙම ආයතනය රුසියාවේ "රාජ්‍ය න්‍යෂ්ටික සංස්ථාව" ලෙසද හැඳින්වේ (Rosatom - State Nuclear Corporation). මොස්කව් නගරයේ මූලස්ථානය පිහිටි එය න්‍යෂ්ටික බලශක්තිය, න්‍යෂ්ටික බලශක්ති නොවන භාණ්ඩ සහ අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා විශේෂිත වූ ආයතනයකි.

"රොස්-ආතම්" විද්‍යාඥයින් විසින් ප්ලාස්මා-විදුලි රොකට් එන්ජිමක් (plasma electric rocket engine මූලාකෘතියක්) නිපදවා ඇති අතර එය පරීක්ෂාවට ලක් වෙමින් පවතී. 2030 වන විට පියාසර කිරීමට සූදානම් ආකෘතියක් අපේක්ෂා කෙරේ. එන්ජිම නිව්ටන් 6Nක තෙරපුමක් ලබාදෙන අතර කාර්යක්‍ෂමතාවය කිලොවොට් 300KW කි. වසර 2025 පෙබරවාරි 10 වන විට පැය 2,400 කට වඩා පරීක්ෂා කර ඇත. සාම්ප්‍රදායික රසායනික ඉන්දන දහනය මත පදනම් වූ රොකට් මෙන් නොව, මෙම එන්ජිම අභ්‍යාවකාශයේදී චුම්භක ප්ලාස්මා ත්වරකයක් භාවිතා කර ආරෝපිත අංශු තත්පරයට කිලෝමීටර 100Km/s ක වේගයෙන්, කුටීරයෙන් ඉවතට තල්ලු කරයි. එවිට යානය ඉදිරියට තල්ලු වීම සිදුවේ. එන්ජිමේ කාර්යක්‍ෂමතාවය සැලකිය යුතු ලෙස වැඩි කරන අතර අඟහරු මෙහෙයුමක් සඳහා බෙහෙවින් ප්‍රමාණවත් වේ. සාම්ප්‍රදායික රසායනික ඉන්දන දහනය මත පදනම් වූ රොකට් (වේගය තත්පරයට කිලෝමීටර 4.5 Km/s කි) යානයක් මගින් අඟහරු ග්‍රහයා වෙත ගමන් කාලය දින 200-300ක් (සාමාන්‍ය කාලය දින 210කි ) පමන වේ. එම නිසා අභ්‍යවකාශගාමීන් කොස්මික් විකිරණවලට භාජනය වීම නිසා මිය යාම සිදුවේ.

මෙම ප්ලාස්මා-විදුලි රොකට් එන්ජිම අපගේ වායුගෝලයේ ක්‍රියා කිරීම තුලින් කාර්යක්‍ෂමතාවය අවම අගයක් ගනී. එයට රික්තකයක් අවශ්‍යයයි. එම නිසා සාම්ප්‍රදායික රසායනික ඉන්දන දහනය මත පදනම් වූ රොකට් යානයක් මගින් ප්‍රථමයෙන් අභ්‍යාවකාශ යානය පෘතුවියට ආසන්න අභ්‍යාවකාශයේ කක්ෂගත කර පසුව ප්ලාස්මා-විදුලි රොකට් එන්ජිම සක්‍රීය කිරීම මගින් ඉතා වේගයෙන් අඟහරු ග්‍රහයා වෙත ගමන් කරයි. මෙම දෙමුහුන් ප්‍රවේශය පෘථිවියේ සිට අභ්‍යවකාශයට සුමට සංක්‍රමණයකට ඉඩ සලසන අතර දුරස්ථ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා දියුණු ප්ලාස්මා තාක්‍ෂණය භාවිතා කළ හැකිය. එනම් අඟහරු ග්‍රහයා ගවේෂණය පමනක් නොව අන්තර්-සූර්යග්‍රහ-මන්ඩල ගවේෂණ සිහින සැබෑ වනු ඇත. අනෙකුත් ග්‍රහලෝක වෙත සහ අපගේ සෞරග්‍රහ මණ්ඩල පද්ධතියෙන් ඔබ්බට පවා වේගවත් ගමන් සඳහා ඇති හැකියාව අන්තර් ග්‍රහලෝක ගවේෂණ සඳහා ආකර්ෂණීය හැකියාවන් විවෘත කරයි. මෙම සංවර්ධනය මගින් කලින් ඉතා දුරස්ථ හෝ අභියෝගාත්මක යැයි සැලකූ ගමනාන්ත වෙත, අනාගත මෙහෙයුම් සඳහා මග පාදයි.

එමගින් අභ්‍යාවකාශ යානයට අඟහරු ග්‍රහයා වෙත ගමන් කාලය දින 30-60 දක්වා අඩු කළ හැකි අතර යානය වටා චුම්භක ක්ෂේත්‍රයක් ඇති කිරීම මගින් සහ අභ්‍යවකාශගාමීන් භ්‍යාවකාශ (කොස්මික්) විකිරණවලට නිරාවරණය වීම අඩු කිරීම (අඩු කාල සීමාව) අභ්‍යවකාශගාමීන් කොස්මික් විකිරණවලට භාජනය වීම අඩු කරයි. මෙම දියුණුව නිසා අඟහරු ග්‍රහයා වෙත ගගනගාමීන් යැවීමට සහ නිරුපද්‍රිතව ගගනගාමීන් ආපසු පෘතුවියට ගැටළුවකින් තොරව ගෙන්වා ගැනීමට හැකි වේ.

ක්‍රියා කරන ආකාරය - සිද්ධාන්තය

එන්ජිම ඉලෙක්ට්‍රෝඩ දෙකක් භාවිතා කරමින් ආරෝපිත අංශු විශේෂයෙන් ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන නිර්මාණය කරයි (ප්ලාස්මාව). දඟර ආධාරයෙන් චුම්භක ක්ෂේත්‍රයක් නිර්මාණය කරමින්, එම ආරෝපිත අංශු තත්පරයට කිලෝමීටර 100Km/s ක වේගයෙන්, කුටීරයෙන් ඉවතට තල්ලු කරයි. එවිට ප්‍රතිවිරුද්ධ දිශාවට ඒ හා සමාන බලයක් ඇති කරයි. එමගින් යානය අභ්‍යාවකාශයේ ගමන්කිරීම සිදුවේ.

වර්තමානයේ "රොස්-ආතම්" මූලාකෘතිය පිළිබඳ දැඩි පරීක්ෂණ පැවැත්වීම සඳහා මහා පරිමාණ පර්යේෂණාත්මක සැකසුමක් එකලස් කරමින් සිටී. මෙම පහසුකමට අභ්‍යවකාශ තත්වයන් අනුකරණය කරන මීටර 14m දිග සහ මීටර 4m විෂ්කම්භයකින් යුත් රික්ත කුටියක් ඇතුළත් වේ. මෙම රික්ත කුටිය තුල යානයට ස්ථාපනය කල හැකි එන්ජිමක් පරීක්ෂාවකින් පසුව 2030 වන විට නිකුත්කිරීමට සූදානම් කර ඇත.

Share:
තාක්ෂණික නවෝත්පාදන : ඛාණ්ඩයේ පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්