
මහාචාර්ය මාර්ක් පෝස්ට් විසින් (Prof. Mark Post) 2013 දී ප්‍රෝටීන් කෙඳි 20,000 ක් පමණ භාවිතා කරමින් ලොව ප්‍රථම රසායනාගාර හැම් -බර්ගර් නිර්මාණය කළ විට, එය රස බැලූ ආහාර සූපශාස්ත්‍ර විශේෂඥයින් (culinary experts and tasters) එය පිළිකුල් කළේ නැත, නමුත් රසායනාගාර බර්ගර් ජනතාව සඳහා සාර්ථක මස් විකල්පයක් වනු ඇතැයි සිතීමට පෙර බොහෝ දේ සොයා ගැනීමට තිබුණි. එමෙන්ම, නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට පමණක් නොව, වඩාත් තිරසාර හා සදාචාරාත්මක ආහාර සැපයුමක් කෙරෙහි ඇති උනන්දුව ද වර්ධනය වී ඇත. රසායනාගාරවල හෝ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර මගින් නිෂ්පාදනය කරන ලද මස් සහ මුහුදු ආහාර සෑම පුද්ගලයෙකුටම පෝෂණීය වශයෙන් පරිපූර්ණය කර ඇති විට, අපගේ ආහාරවල අනාගතය දැනට වඩා බෙහෙවින් වෙනස් විය හැකිය.
2050 වන විට ලෝක ජනගහනය බිලියන 9 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, අපගේ ග්‍රහලෝකය විනාශ නොකර මෙම පිරිසට ඔරොත්තු දිය හැකි ආහාර සැපයුමක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත. එමෙන්ම අභ්‍යාවකාශ ගඟනගාමීන්ට මාර්ස් ග්‍රහලෝකය මත කලක් ජීවත්වීම සඳහා නව ආහාර ප්‍රභවයක් ලෙසත්,ආගමික හේතූන් මත මස් මාලු නොකන පිරිස සඳහා ද මස් මාලු විකල්පයක් ලෙස දක්විය හැකිය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (U.N. Food and Agriculture organisation - FAO) අනුව, කාර්මික කෘෂිකර්මාන්තය, අපගේ වායු දූෂණය, ජෛව විවිධත්වය අඩුවීම, දේශගුණික විපර්යාස සහ භූමි පිරිහීම, සැලකිය යුතු ලෙස වගකිව යුතුය. රසායනාගාරවල ආහාර වගා කිරීම මහා පරිමාණයෙන් පිරිවැය-ඵලදායී ලෙස නිෂ්පාදනය කිරීමට ක්‍රමයක් සොයා ගත හැකි නම්, අඩු ඉඩක් සහිත වැඩි ආහාර ප්‍රමාණයක් පරිසරයට හානියක් නොමැතිව නිශ්පාදනය කිරිම එක් විසඳුමකි. ඊට අමතරව, සංවර්ධනය වෙමින් පවතින රටවල් ඔවුන්ගේ මස් පරිභෝජනය වැඩි කරමින් සිටින බැවින්, ඔවුන් ඉක්මනින් උතුරු ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පරිභෝජන මට්ටම් කරා ළඟා විය හැකිය. අතිරේක ආහාර නිෂ්පාදනය විමෝචනය වැඩි කරයි, එවිට සතුන් සහ භෝග වගා කර අපගේ පරිභෝජනය සඳහා සැකසීමට පෙර, එම සතුන් සහ භෝග පෝෂණය කිරීමට අවශ්‍ය පරිසර පද්ධතිය විනාශ කළ හැකිය.
විවිධ ආරම්භක සමාගම්වල (start-ups) පර්යේෂකයින් දැන් අනාගත ඉල්ලුම සපුරාලීම සඳහා සතෙකු භාවිතා නොකර මස් නිර්මාණය කිරීමේ ගැටලුවට මුහුණ දෙමින් සිටිති. රසායනාගාරයක මස් වගා කිරීමෙන් කෘෂිකර්මාන්තය නිසා ඇතිවන හරිතාගාර වායු විමෝචනය සියයට 78-96% කින් අඩු කළ හැකි අතර සියයට 99% ක් පමන අඩු ඉඩ ප්‍රමාණයක් භාවිතා කළ හැකිය. මේ සඳහා සෛලීය කෘෂිකර්ම තාක්ෂණය උපයෝගී කරගෙන පර්යේෂකයන්, එළදෙනක්, ඌරෙක්, කුකුලෙකුගේ සහ මුහුදු ජීවීන්ගෙන් පූර්ව සෛල (stem cells) ලබාගෙන ජෛව ප්‍රතික්‍රියාකාරකයක වැඩෙන මාධ්‍යයක තබා වැඩීමට සලස්වයි.
ඉන්පසුව ලැබෙන විශාල සෛල ස්කන්ධය ගෙන ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය සඳහා මාධ්‍යයක් සකසා නියමිත රටාවකට අනුව මේදය යොදා ප්රින්ට් කරනු ලැබේ. ඉන් අනතුරුව, ප්‍රින්ට් කරන ලද මස් කොටස නැවත දින කිහිපයක් විශේෂ තත්ව යටතේ තවත් වර්දනය වී සෛල මස් කෙඳි සෛල බවට පත් වූ විට සාමාන්‍ය මස් වලින් වෙන්කර හඳුනා ගත නොහැක. විද්‍යාවට තවම නියම ස්ටේක් ( steak) එකක සෛල රටාව (beef - Marbled meat) නිර්මාණය කළ නොහැකි වුවද, බර්ගර්, කුකුල් මස්, ඌරු මස්, හරක් මස් සහ මීට්බෝල්ස් වැනි හොඳ සැකසූ මස් තව වසර 3-4කින් සුපිරි වෙළඳසැල් රාක්කවලින් ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ක්ෂණික ආහාර අවන්හලක් වන බර්ගර් කිං (Burger King) මෑතකදී ඉම්පොසිබල් ™ පැටී (Impossible™ patty) ලෙස ශාක වලින් සාදන හරක් මස් වල රසය සහ සුවඳ ඇති පැටියකින් සාදන ලද වොපර් සැන්ඩ්විච් එකක් දියත් කළේය. ලංකාවේ සෝයා මෙන් නොව, තාක්ෂණය යොදා රස මෙන්ම පෙනුමද ඉහල තත්වයක පවතී. රසායනාගාරයක වගා නොකළද, ඉම්පොසිබල් බර්ගර් එක පාරිභෝගිකයින්ට මස් රහිත විකල්ප වැඩි වැඩියෙන් යෝජනා කරයි. මෙය, අනෙකුත් මුලපිරීම් (start-ups) සමඟින්, ලෝක ආහාර හිගයත් සමග, මස් විකල්ප ඇති විට ඒවා පිළිගැනීමට වැඩි පිරිසක් සූදානම් කළ හැකිය.
BlueNalu සහ Finless Foods වැනි මුහුදු ආහාර කේන්ද්‍ර කරගත් සමාගම් කිහිපයක් සෛල මත පදනම් වූ මුහුදු ආහාර කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත. මහාචාර්ය පෝස්ට් මෙන්ම, BlueNalu සමාගමේ සේවකයින් රසායනාගාරයක වැඩීම සඳහා විශේෂිත මාළුවෙකුගෙන් මාංශ පේශි සෛල නිස්සාරණය කරන ලදි. පසුව, එම සෛල මාළුවෙකුගේ පේශි පටක වර්ධනය වන තෙක් රසායනාගාරයක වගා කරන අතර පසුව විකිණීම සඳහා ඇසුරුම් වෙලඳපොලට නිකුත් කරයි. මුහුදු ආහාර කේන්ද්‍ර කරගත් සමාගම් කිහිපයකට තවමත් ලබාදිය හැක්කේ සාම්පල පමණි. ඔවුන් තවමත් මහා පරිමාණ වලින් නිපදවා වෙළඳසැල් වෙත යැවීමට අසාර්ථක අතර ඒ පිළිබඳව නව පරීක්ෂණ සිදු කරයි.
එළවළු ප්‍රෝටීන භාවිතා කරමින්, පළමු "මස්" කැබැල්ල ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් මුද්‍රණය කර ඇත. මෙම තාක්ෂණය පුද්ගලයෙකුගේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා පාරිභෝගිකයාගේ රුචිය අනුව සංයෝග කිරීමට ද ඉඩ සලසයි. පාරිභෝගිකයින් අපේක්ෂා කරන ආකාරයට රස, දැනෙන සහ පෙනෙන මස් (beef - Marbled meat) කැබැල්ලක් නිර්මාණය කිරීම අභියෝගයේ කොටසක් වන අතර ප්‍රතිඵල වඩා හොඳ තත්වයක පවතී. නොදුරු අනාගතයේදී , ආහාර ඖෂධයක් ලෙසත් ශාක හිතකාමී ආහාර ලෙස ආහාර කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කෙරේ.
ලොව වැඩි පිරිසක් සත්ව සුභසාධනය, සෞඛ්‍ය (ලෙඩරෝග) සහ පාරිසරික ගැටළු හේතුවෙන් මස් පරිභෝජනය අඩු කරනු ඇත. එමනිසා, විකල්ප ප්‍රෝටීන වෙළඳපොළ සියයට 25% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනාගතයේදී, අවන්හලක් වෙත ගිය විට ඉල්ලුම මත මුද්‍රණය කරන ලද පරිපූර්ණ ෆිලට් ස්ටේක් හෝ බැදපු ටූනා කැබැල්ලක් භුක්ති විඳීම ඉතා නිරොගී දෙයක් විය හැකිය, එයට අපව නිරෝගීව තබා ගැනීමට අවශ්‍ය සියල්ල පමණක් නොව සාගරය සූරාකෑමට හෝ කිසිදු සතෙකු මරා දැමීමට අපට සිදු නොවේ!.