
දිලිර (බිම්මල්) වල පරිවෘත්තීය නිෂ්පාදන මහා බඩවැලේ පිළිකා සමඟ සටන් කළ හැකි බව සොයා ගත් විද්යාඥයින්, දිලිර ආධාරයෙන් පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමට යෝජනා කරයි.
මහා බඩවැලේ පිළිකා වර්තමානයේ වඩාත් සුලභ පිළිකාවකි. සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම වන සයිටොස්ටැටික් ඖෂධ භාවිතා කිරීම බොහෝ අතුරු ආබාධවලට තුඩු දෙන අතර ඒවා පිළිකාමය සෛල පමණක් නොව සෞඛ්‍ය සම්පන්න සෛල වර්ධනයට බාධා ඇතිකරයි. කෙසේ වෙතත්, සෞඛ්‍ය සම්පන්න පටක වලට වන හානිය අවම කිරීම සඳහා පිළිකා සෛලවල නිශ්චිත ඉලක්කගත ප්‍රතිකාර ක්‍රම (පිළිකා සෛල පමණක් විනාශ කිරීම) කෙරෙහි විද්යාඥයින් වැඩි අවධානයක් යොමු වෙමින් පවතී.
ශාක මත ජීවත් වන Bipolaris victoriae S27 නම් දිලීරයේ පරිවෘත්තීය නිෂ්පාදනවල පිළිකා නාශක සංයෝග අඩංගු බව චීනයේ ඖෂධ විශ්වවිද්‍යාලයේ සහ නැන්ජිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. අධ්‍යයනයේ ප්‍රතිඵල Angewandte Chemie සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.
දැනට භාවිතා කෙරෙන ඉලක්කගත චිකිත්සක ඖෂධවලින් අඩක් පමණ ශාක, බැක්ටීරියා සහ සාගර ජීවීන් වැනි ස්වභාවික සංඝටක වලින් නිපදවා ඇත.
අධ්‍යනය අතරතුර, විශේෂඥයන් ශාක මත ජීවත් වන Bipolaris victoriae S27 දිලීරයේ පරිවෘත්තීය නිෂ්පාදන අධ්‍යනය කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් කලින් නොදන්නා දිලීරයේ පරිවෘත්තීය නිෂ්පාදන සංයෝගක කිහිපයක් හඳුනා ගත්හ - එවා terpene-non-adrid heterodimers ලෙස හඳුන්වා ඇත. අධ්‍යයනය කරන ලද ද්‍රව්‍ය 12ක් වන අතර ඉන් නවයක් පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා බෙහෙවින් ඵලදායී වූ අතර ඒවායින් එකක් බහුලව භාවිතා වන සිස්ප්ලැටින් (Cisplatin) ඖෂධය තරම් ඵලදායී විය. මෙය ලංකාවේ සාම්ප්‍රදායික අයුර්වේද ප්‍රතිකාර ක්‍රම සහතික කරන තවත් උදාහරණයක් ලෙසද දක්විය හැකිය.
සිස්ප්ලැටින් (Cisplatin) යනු tumor පිළිකා සහ රුධිර සෛල වල පිළිකා කළමනාකරණය සහ ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධයකි.
පරීක්ෂණාගාරයේ මීයන් ආධාරයෙන් කරන ලද අත්හදා බැලීම් වලදී, මෙම ද්‍රව්‍යය මත පදනම් වූ ඖෂධයක් අතුරු ආබාධ නොමැතිව පිළිකා සැලකිය යුතු ලෙස අඩු කිරීමට සමත් වූ අතර එමඟින් මහා බඩවැලේ පිළිකා සඳහා ඉලක්කගත ප්‍රතිකාර ක්ෂේත්‍රයේ වැඩිදුර පර්යේෂණ සඳහා අපේක්ෂකයෙකු බවට පත් වූ හෙයින්, ඖෂධ සමාගම් නුදුරු අනාගතයේ දී අතුරු ආබාධ නොමැති පිළිකා නාශක ඖෂධ නිකුත්කිරීමට සූදානමින් සිටී.
-Angewandte Chemie සඟරාව.