පෘථිවියේ උතුරු සහ දකුණු අර්ධගෝල වල විස්මිත ආලෝක දර්ශන - අවුරෝරා Aurora
අභ්‍යාවකාශය

පෘථිවියේ උතුරු සහ දකුණු අර්ධගෝල වල විස්මිත ආලෝක දර්ශන - අවුරෝරා Aurora

ඕනෑම මොහොතක, සූර්යයා එහි corona කලාපය, සූර්යා තුල සිදුවන පිපිරීම් හෙතුවෙන් ආරෝපිත අංශු පිට කරමින් සූර්ය සුළඟ නිර්මාණය කරයි. එම කලාපය corona ලෙස ලතින් භාෂාවෙන් නම් කර ඇත්තේ, ඔටුන්නක ස්වරූපයක් ගන්නා නිසාය. එය සූර්යයාගේ පිටතම සූර්ය කිරණ විහිදුවන ප්ලාස්මා ප්‍රභාවක් වන අතර අභ්‍යවකාශයට කිලෝමීටර මිලියන ගණනක් විහිදෙන අතර පූර්ණ සූර්යග්‍රහණයකදී වඩාත් පහසුවෙන් දැකගත හැක. මෙම සූර්ය සුළඟ (ආරෝපිත අංශු - Cosmic Radiation) ඉතා අධික වේගයෙන් පෘථිවිය දෙසට ගමන් කරන විට, පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය (ආරක්ෂිත පලිහක් ලෙස ක්‍රියාකරයි) නිසා බහුතරයක් අංශු පෘථිවියෙන් ඉවතට හරවා යවන නමුත්, ආරෝපිත අංශු වලින් කොටසක් උතුරු සහ දකුණු අර්ධගෝල ආසන්නයේ එකතුවීමක් සිදු වේ. මෙම විස්මිත දර්ශනය නිර්මාණය කරන සූර්ය අංශු ඉතාමත්ම විකිරණශීලී වන අතර පෘථිවි චුම්බක ක්ෂේත්‍රය නිසා පෘථිවියට හානියක් වීම වළක්වයි.

පෘථිවියේ ආසන්න අභ්‍යවකාශය, නිරන්තරයෙන් ගලා එන සූර්ය සුළඟක් පවතින නමුත් එය සෑම විටම ඒකකාරී නොවේ. එනම් සූර්ය කුණාටු ද ඇතිවිය හැකි අතර එය අධික වේගයෙන් අභ්‍යවකාශය හරහා ගමන් කළ හැකි ආරෝපිත අංශු වලින් යුත් විශාල ප්ලාස්මා කදම්භයක් පිට කරයි. සූර්ය කුණාටුවක් අප දෙසට පැමිණෙන විට, සමහර ආරෝපිත අංශු උතුරු හා දකුණු ධ්‍රැවවල ඇති චුම්බක ක්ෂේත්‍ර රේඛා ඔස්සේ පෘථිවි වායුගෝලයට ගමන් කළ හැකිය. එවිට අවුරෝරා අහසේ විශාල ප්‍රදේශයක වඩාත් දීප්තිමත් ආලෝක රටාවන් නිර්මාණය වන අතර විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්රැස් වේ.

එම සුළඟ පෘථිවියේ අයනගෝලයට හෝ වායුගෝලයේ ඉහළ ස්ථර සමඟ ගැටෙන විට පරමාණු සහ අණු උද්දීපනය කර, පසුව රාත්‍රී අහසේ සුළි වර්ණ ස්වරූපයෙන් ශක්තිය මුදා හැර, එනම් වර්ණවත් ආලොකයක් නිකුත්වී, මෙම විස්මිත දර්ශනය, හෙවත් අවුරෝරා සාදයි. එහි වර්ණය තීරනය වන්නේ අයනගෝලයේ හෝ වායුගෝලයේ ඉහළ ස්ථර වල රසායනික සංයුතිය මත, වන අතර එය විද්‍යාඥයින් සහ අහස නිරීක්ෂකයින් විස්මයට පත් කරයි.

උතුරු අර්ධගෝලයේ දී, මෙම සංසිද්ධිය උතුරු ආලෝකය (Northern lights) හෙවත්, අවුරෝරා බොරියාලිස් (Latin භාෂාවෙන් Aurora borealis) ලෙස හැඳින්වෙන අතර, දකුණු අර්ධගෝලයේ දී, එය දකුණු ආලෝකය (Southern Lights) හෙවත්, අවුරෝරා ඕස්ට්‍රාලිස් (Latin භාෂාවෙන් Aurora australis) ලෙස හැඳින්වේ. අවුරෝරා අපගේ සූර්යයාගේ ක්‍රියාකාරීත්වය, අභ්‍යවකාශ කාලගුණය සහ පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ තත්වය පිලිබඳ අද්විතීය දර්ශකයක් ලෙස දැක්විය හැකිය.

  1. අවුරෝරා බොරියාලිස් (Northern lights) නැරඹීමට හැකි රටවල්:
    Norway, Sweden, Finland, Iceland, Canada, Greenland, Alaska and Russia (Murmansk City).
  2. අවුරෝරා ඕස්ට්‍රාලිස් (Southern Lights) නැරඹීමට හැකි රටවල්:
    Antarctica, New Zealand, Tasmania, Australia and South Georgia Island.

සෑම වර්ගයකම පරමාණුවක් හෝ අණුවක්, නියමිත ශක්තියක් (ආරෝපිත අංශු - Cosmic Radiation) ලැබුන විට, එයට අනන්‍ය වර්ණයක් විකිරණය කරයි. අවුරෝරා වල දක්නට ලැබෙන ප්‍රමුඛ වර්ණ වලින් සමහරක් රතු, කොළ, නිල් සහ දම් පැහැයක් ගන්නා අතර නයිට්රජන් නිල් සහ දම් පාටින් දිදුලයි. රතු සහ කොළ පැහැය ඔක්සිජන් අණු මගින් නිපදවයි.

වෙනත් ග්‍රහලෝකවල අවුරෝරා (Aurora) ඇතිවේද?

අවුරෝරා යනු පෘථිවියේ පමණක් සිදුවන දෙයක් නොවේ. ග්‍රහලෝකයකට වායුගෝලයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් තිබේ නම්, ඒවාට බොහෝ විට අවුරෝරා හටගනී. තාරකා විද්‍යාඥයින් විසින් බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයා මත විස්මිත අවුරෝරා නැරඹීමට හැකි වී ඇත.

සෙනසුරු ග්‍රහයා මත අවුරෝරා

බ්‍රහස්පති ග්‍රහයා මත අවුරෝරා

Share:
අභ්‍යාවකාශය : ඛාණ්ඩයේ පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්