
ඇමරිකානු ජාතික තෝමස් හූවර් 2021 ඔක්තෝබර් අග භාගයේදී අධික මත්ද්‍රව්‍ය (Narcotic) මාත්‍රාවක් ගැනීමෙන් පසු රිච්මන්ඩ් බැප්ටිස්ට් රෝහලට ගෙන එන ලද අතර ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවිය. ඔහුව නැවත පණ ගැන්වීමට අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසු, හූවර් හෘදයාබාධයකට ගොදුරු වී මොළය මිය ගොස් ඇති බව පවුලේ අයට වෛද්‍යවරුන් විසින් පවසන ලදී. මරණයකදී හූවර් තම ඉන්ද්‍රිය පරිත්‍යාගශීලියෙකු ලෙස ලියාපදිංචි වී ඇති බවත්, තෝමස් හූවර්ගේ මරණයට නිල හේතුව අධික මත්ද්‍රව්‍ය මාත්‍රාවක් බවත්, වෛද්‍යවරුන් රෝගියාගේ සහෝදරියට ද දැනුම් දුන්හ. ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි හි රෝහලකදී එදින සිදුවූයේ කුමක්දැයි මෙම ලිපියෙන් අනාවරනය කරයි.
“ඔක්තෝබර් 26 වෙනිදා අපිට කිව්වා මොළයේ reflex ප්‍රතීකයන් නැති බව, එනම් මොළයේ ක්‍රියාකාරිත්වයක් නොතිබුනු බවත්, මොළයේ EEG තරංග නොතිබුනු බවත් වෛද්‍ය වරුන් පැවසීය"
- Donna Rohrer, තෝමස් හූවර්ගේ සහෝදරිය.
හූවර් තම ඉන්ද්‍රිය පරිත්‍යාගශීලියෙකු ලෙස ලියාපදිංචි වී සිටි බැවින්, ශල්‍ය වෛද්‍යවරුන්ගේ සැලසුම වූයේ ඔහු දින කිහිපයක් ජීවිතය පවත්වාගෙන යන යන්ත්‍ර උපකරණ භාවිතා කරමින් දින කිහිපයක් ගත කරන අතර පසුව ශල්‍ය වෛද්‍යවරුන් විසින් බද්ධ කිරීමට සුදුසු යැයි සැලකෙන අවයව සියල්ල සිරුරෙන් ඉවත් කිරීමයි.
ඥාතීන් හූවර් ගැන වැලපෙමින් ඔහුට සමු දීමට සූදානම් වීමට පටන් ගත්හ. හූවර්, ශල්‍යාගාරයට ගෙන යාමට නියමිත දින, පවුලේ අය සහ මිතුරන් විසින් වට කර ගත් අතර, ඒ අතරතුර අමුතු දෙයක් සිදු විය. එනම් ඔහු මදක් දෑස් විවර කොට ඔහු කාමරය වටේ බලනවාක් මෙන් ඔහුගේ ඇහිබැමි චලනය විය. හූවර්ගේ සොහොයුරිය ඩොනා රොහර් මෙය දුටු අතර වහාම වෛද්‍යවරුන්ට පැවසුවද ඔවුන් ඇයව ඉවත් කළාය. වෛද්‍යවරුන් පැවසූයේ, මේවා ස්නායු පද්ධතියේ අවශේෂ ප්‍රතික්‍රියා හා ඖෂධවල ක්‍රියාකාරිත්වයේ ප්‍රතිවිපාක බවයි. නමුත් වෛද්‍යවරුන් නැවතත් වෛද්‍ය වාර්තා බැලූවිට පෙනී ගියේ පරිත්‍යාග කිරීම සඳහා ඉන්ද්‍රියයේ තත්වය පරීක්ෂා කිරීම සඳහා හූවර් මීට පෙර හෘද කැතීටරීකරණයකට භාජනය කර ඇති බවත්, ඒ අතරතුර, හූවර් හදිසියේම චලනය වීමට පටන් ගත් නමුත් වෛද්‍යවරයා ඔහුට සන්සුන්කාරක (sedative) ඖෂධයක් පමණක් ලබා දී ඇති බවත්ය.
අවයව ලබාගැනීමට නියමිත සියලු වෛද්‍ය පරීක්ෂණ සුපුරුදු පරිදි සිදු වූ අතර ශල්‍යකර්මය කිරීමට නියමිත දින, "මියගිය" හූවර් හදිසියේම ශල්‍යකර්ම මේසය මත ඔහුගේ ඉරියව්ව වෙනස් කරන බවට සැක පහල විය. මරණ පරීක්ෂණයකදී මළ සිරුරක් ජීවයට පැමිණියහොත් වෛද්‍යවරුන් නොසන්සුන් වනවා සේම, බද්ධ කරන ශල්‍ය වෛද්‍යවරුන් ද දැඩි කලබලයට පත් වූ නමුත් අධීක්ෂකවරයා මෙහෙයුම දිගටම කරගෙන යාමට අවධාරනය කළේය.
වෛද්‍ය අක්‍රමිකතා පිළිබඳ අතිමහත් සාක්ෂි තිබියදීත්, අධීක්ෂකවරයා ක්‍රියා කරන්නේ, අවයව ලබාගැනීමේ අවසාන ඉලක්කය කරා හඹා යාමේදී රෝගියාගේ ජීවිතය වැදගත් සාධකයක් නොවන්නා සේය. එසේ හැඟුණු ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනා නියමිත සැත්කම කිරීම ප්‍රතික්ශේප කොට වහාම ශල්‍යාගාරයෙන් පිටව ගියහ. මෙම ශල්‍යකර්මයේදී මිය යා යුතුව තිබූ හූවර් ඒ වන විටත්, තවමත් ජීවතුන් අතර සිටියාය.
අවයව බද්ධ කිරීමේ කණ්ඩායමේ සාමාජිකාවක් වන නටාෂා මිලර් ඉන්ද්‍රිය සංරක්ෂණ ක්‍රියාවලියට සූදානම් වෙමින් සිටියදී හෙදියන් විසින් මෙම දායකයා ශල්‍යාගාරයට ගෙන එන ලදී. දායකයා සමඟ යමක් වැරදී ඇති බව මිලර් වහාම වටහා ගත් අතර - ඔහු මිය ගිය බවක් පෙනෙන්නට නැත, යන මතය ඇයගේ සිතේ නැවත නැවත ඇතිවන්නට විය. එමනිසා ඇය නැවත වෛද්‍ය වාර්තා අධ්‍යනය කිරීමෙන් සහ අවයව දායකයා නැවත නැවත නිරීක්ෂණය කිරීමෙන් අනාවරණය වූයේ දයකයා මිය ගොස් නැති බවයී.
“මා විසින් නිරීක්ෂණය කල අවස්ථාවකදී ඔහු යම් චලනයක් පෙන්නුම් කල අතර එය, යම් ආකාරයක වෙව්ලීමක් වැනි චලනයක් උවද, ඔහු ඇඳ මත, එහා මෙහා පෙරළෙමින් සිටියාක් මෙන් පෙනෙන්නට තිබුණි. එමෙන්ම, අපි ඔහු වෙතට ගිය විට, ඔහුගේ ඇස් වලින් කඳුළු ගලා යන බව පැහැදිලි විය. ඔහු පැහැදිලිවම අඬනවා, යන්න පැහැදිලිවම පෙනෙන්නට තිබුණි"
-අවයව සංරක්ෂණ විශේෂඥ නටාෂා මිලර්.
ඇය පවසන අන්දමට, අවයව දායකයාගේ මෙම තත්වය හේතුවෙන්, පැමිණ සිටි සියල්ලන් හිරිවැටීමේ තත්වයකට ඇද දැමීය. ඉන්ද්‍රිය ඉවත් කිරීමට වෛද්‍යවරු දෙදෙනෙක් වහාම ප්‍රතික්ෂේප කළ අතර විෂය භාර ශල්‍ය වෛද්‍යවරයා මෙසේ පැවසීය:
මම මේකට සම්බන්ධ වෙන්නෙ නැහැ. මට මේකට කිසිම සම්බන්ධයක් නෑ.“මිලර් පවසන්නේ ශල්‍යාගාරය අවුල් සහගත තත්ත්වයක පැවති අතර සෑම දෙනාම ඉතා කලබල වූ බවයි.
Kentucky Organ Donor Affiliates (KODA - කෙන්ටකි අවයව දායක අනුබද්ධිත ආයතනය) හි සේවකයෙකු වන පරිත්‍යාගශීලීන්ගේ සිද්ධි සම්බන්ධීකාරක, හදිසි තත්වයක් වාර්තා කිරීම සඳහා ඇයගේ ඉහල නිලධාරීන් ඇමතුවාය. ශල්‍ය වෛද්‍යවරුන් ශල්‍යකර්මය කිරීමට ප්‍රතික්ෂේප කළ බව, ඇය පැවසූ විට කළමනාකරු තුල දැඩි කෝපයක් ඇති විය. මෙම කාර්‍යභාරය ඉටු කිරීමට එකඟ වන වෙනත් වෛද්‍යවරුන් සොයා දෙන ලෙස ඔහු ඇයගෙන් ඉල්ලා සිටියේය. හූවර්ගේ තත්ත්වය හේතුවෙන් ඒ වන විටත් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි කාන්තාව, KODA ගේ පීඩනය හේතුවෙන් කඳුළු සලන්නට වූවාය: පවතින තත්ත්වය තුළ වෙනත් වෛද්‍යවරුන් සෙවීම මානසිකව මෙන්ම ශාරීරිකවද කළ නොහැකි කාර්යයක් විය. මිලර් පවසන්නේ ශල්‍යාගාරය අවුල් සහගත තත්ත්වයක පැවති අතර සෑම දෙනාම ඉතා කලබල වූ බවයි. රොහල විසින් ශල්‍යකර්මය අවලංගු කිරීමට කටයුතු කිරීමෙන් පසු, අවසානයේ ශල්‍යකර්මය අවලංගු වූ අතර වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් හූවර් නැවත පණ ගන්වා, තත්වය ස්ථාවර න ලදි. ටික කලකට පසු ඔහුගේ නිල භාරකරු බවට පත් වූ තම සහෝදරියට ඩොනා රොරර් වෙත භාර දෙන ලදී. ඒ සමඟම, තම සහෝදරයාට වැඩි කාලයක් ඉතිරි නොවන බව කාන්තාවට වෛද්‍යවරුන් අනතුරු ඇඟවීය.
නාකොටික් අධික මාත්‍රාව නිසා හූවර් ආබාධිත වූ, නමුත් වෛද්‍යවරුන්ගේ අනාවැකිවලට අනුව, ඔහු සතියකට හෝ මාසයකට පසු මිය ගියේ නැත. එපමණක් නොව, වසර තුනකට පසුව, ඇමරිකානුවා තවමත් ඔහුගේ සහෝදරිය සමඟ ජීවත් වේ. ඔහුගේ තත්ත්වය ස්ථාවරයි.
මෙම කම්පන සහගත සිදුවීම ඇමරිකා එක්සත් ජනපදයේ නීතියෙන් ගැලවීමට කිසුදු අවස්තාවක් නොතිබූණි. හූවර් සිද්ධිය නිසා සමහර KODA සේවකයින් ඉල්ලා අස්විය. ඉන් එක් අයෙක් ඉන්ද්‍රිය සංරක්ෂණ විශේෂඥවරියක් වූ නිකොලෙටා මාටින් ය. මාර්ටින් එදින ශල්‍යාගාරයේ නොසිටි නමුත් ඇයව, සහාය වීමට කැඳවීමට අවස්ථාවක් ඇති බව දැන සිටි බැවින් ඇය පෙර දින හූවර්ගේ රෝහල් වෛද්‍ය වරුන්ගේ වාර්තා ගොනුව දෙස බැලුවාය. හෘද පරීක්ෂාවකදී හූවර් ජීවිත සලකුණු පෙන්නුම් කළ බවත් වෛද්‍යවරු සන්සුන්ව ඔහුව පරිත්‍යාග කිරීමට සූදානම් කළ බව දැන ගත් මාටින්, සැබවින්ම කලබලයට පත් වූවාය. හූවර් නිශ්ශබ්දව "HELP" ලෙස මුමුණනවා දුටු බව ඇගේ කාර්ය මණ්ඩලයේ එක් අයෙක් මාටින්ට පැවසීය.
KODA නිලධාරීන් පසුව මෙම සිද්ධිය අවතක්සේරු කිරීමට උත්සාහ කළ බව මාටින් පැවසූ අතර හූවර් සමඟ සේවය කළ සමහර වෛද්‍යවරුන්ට සැලකිය යුතු මානසික වෛද්‍ය උපකාර අවශ්‍ය වූ බව ඇය පසුව ජාතික මහජන ගුවන් විදුලියට පැවසුවාය.
“මෙය කුමන හෝ පුද්ගලයෙක් මුහුන දීය හැකි නරකම බියකරු සිහිනයක්, නොවේද? ශල්‍යකර්මයේදී ජීවතුන් අතර සිටීම සහ යමෙකු ඔබව කපා ඔබේ ශරීරයේ කොටස් ඉවත් කිරීමට යන බව දැන සිටීම?”
- නිකොලෙටා මාටින්, ඉන්ද්‍රිය සංරක්ෂණ විශේෂඥ.
පරිත්‍යාගශීලීන්ගේ අවයව ලබා ගැනීම සහ බද්ධ කිරීම සම්බන්ධ සංවිධානවල ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම සඳහා සාක්ෂි විමසීම් පැවැත්වූ බලශක්ති සහ වාණිජ පිළිබඳ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට මුලින්ම ලියා ඇත්තේ මාටින් ය. නිකොලෙටා මාටින්, තෝමස් හූවර්ගේ සහෝදරියද (Donna) සම්බන්ධ කර ගත්තේය. ඇගේ (Donna) සහෝදරයාගේ ශල්‍යකර්මයේ භයානක තොරතුරු ගැන ඇයට අදහසක් නොතිබූ බව මාටින්ට ද පෙනී ගියේය.
මාර්ටින්ගේ ලිපියෙන් පසුව, නඩු පවරන ජනරාල් කාර්යාලය KODA පරීක්ෂා කිරීමට මෙහෙයුම් අරම්භ කෙරුණි. 2024 ඔක්තෝම්බර් මාසයේදී, කෙන්ටකි නීතිපති කාර්යාලය නිවේදනය කළේ විමර්ශකයින් හූවර් නඩුවේ ගොනුව සමාලෝචනය කිරීම ආරම්භ කර ඇති බවයි. පරිත්‍යාගශීලීන්ගේ වැඩසටහන් අර්ධ වශයෙන් අධීක්‍ෂණය කරන ෆෙඩරල් සෞඛ්‍ය සේවා පරිපාලනය (HRSA), රිච්මන්ඩ් බැප්ටිස්ට් රෝහලට සහ KODA ට එරෙහි චෝදනා ද විමර්ශනය කරයි.
ෆෙඩරල් නිලධාරීන් හූවර් නඩුව සම්බන්ධයෙන් කිසිඳු අදහසක් ප්‍රකාශ කර නොමැති නමුත්, සිද්ධියට සම්බන්ධ සමහර අය කියා සිටියේ තමන් ෆෙඩරල් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ මානව සේවා දෙපාර්තමේන්තුවේ පොලිස්පති කාර්යාලය ඉදිරියේ සාක්ෂි දුන් බවයි.
තමා සාක්ෂිකාරියක් ලෙස හඳුන්වන නතාෂා මිලර් එදින ශල්‍යාගාරයේ සිටි බව KODA තහවුරු කර ඇත. ඒ අතරම, සංවිධානයේ නියෝජිතයින් සඳහන් කළේ "මෙම නඩුව ගොනු කර ඇති කරුනු සම්පූර්ණයෙන්ම විශ්වසනීය නොවන බවයි."
“කොඩා ආයතනයේ කිසිවකුට ජීවතුන් අතර සිටින රෝගීන්ගේ අවයව ලබාගැනීමට කිසිවිටෙක බලපෑම් කළේ නැත. KODA ජීවමාන රෝගීන්ගෙන් අවයව ලබා ගන්නේ නැත. KODA කිසිවිටෙක තම කණ්ඩායමේ සාමාජිකයින්ට එසේ කරන ලෙසට බලපෑම් කළේ නැත.”
-KODA ඉන්ද්‍රිය පරිත්‍යාගශීලීන්ගේ සායන දාමයක් වන LifeCenter සමඟ ඒකාබද්ධ වීමෙන් පසුව පිහිටුවන ලද Network for Hope හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජූලි බර්ජින් විධිමත් ප්‍රතික්ෂේප කිරීමක් ලෙස එසේ ලිවීය.
ඉන්ද්‍රිය ප්‍රසම්පාදන නිලධාරීන්, බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරුන් සහ ආයත්නයේ වෙනත් නිලධාරීන් පවසා ඇත්තේ අනාරක්ෂිත ලෙස ඉන්ද්‍රිය ලබාගැනීම වැළැක්වීම සඳහා දැඩි ප්‍රොටෝකෝල ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවයි.
ඉන්ද්‍රිය පරිත්‍යාග සංවිධාන සංගමයේ නියෝජිතයින්ට අනුව, කොන්ග්‍රස් සභා රැස්වීම්වලදී කරන ලද චෝදනා ඉන්ද්‍රිය පරිත්‍යාග පද්ධතියට විශාල තර්ජනයක් වී තිබේ. හූවර්ගේ නඩුව පිළිබඳ මහජන සාකච්ඡාව දැනටමත් ඉන්ද්‍රිය පරිත්‍යාගශීලීන් ලෙස ලියාපදිංචි වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩුවීමට හේතු වී තිබේ. මෙය ඉන්ද්‍රිය බද්ධ කිරීමක් අවශ්‍ය සියල්ලන්ටම ජීවත් වීමට අවස්ථාව අහිමි කරයි.
ඉන්ද්‍රිය බද්ධ කිරීමේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් පවසන්නේ එවැනි සිදුවීම් දුර්ලභ, නමුත් සෑම කෙනෙකුම ඒවා විශ්වාස නොකරන බවයි.
සමහර විවේචකයින් පරිත්‍යාගශීලීන්ගේ වැඩසටහන්වල KODA ට එරෙහිව චෝදනා පිළිබඳව අදහස් දැක්වූ අතර හූවර් නඩුව ඔවුන්ව පුදුමයට පත් නොකරන බව පවසයි. එක්සත් ජනපදයේ, අවයව බද්ධ කිරීම් සඳහා බලාපොරොත්තු ලේඛනයේ 103,000 කට වැඩි පිරිසක් සිටින අතර, මේ නිසා තවත් ජීවිත බේරා ගැනීම සඳහා ඉන්ද්‍රිය බද්ධ කිරීමට පවතින අවයව සංඛ්‍යාව නිරන්තරයෙන් වැඩි කිරීමට අවයව පරිත්‍යාගශීලී සංවිධාන දැවැන්ත පීඩනයකට ලක්ව ඇත.
ඒ අතරම, මරණය 100% විශ්වාසයෙන් නීර්නය කිරීමට අපට ඉඩ දෙන්නේ කුමන සාධකද යන්න පිළිබඳව වෛද්‍ය ප්‍රජාව තුළ විවාදයක් දිගටම පවතී. එබැවින්, කෙන්ටකි සිදුවීම ජීවමාන රෝගියකුගේ අවයව ලබා ගැනීමට එකම උත්සාහය නොවිය හැකිය.
36 හැවිරිදි තෝමස් හූවර්ට 2021 ඔක්තෝම්බර් මාසයේදී ඔහු රෝහලේ ගත කළ දින ගැන, ශල්‍යාගාරය, වෙත යන ආකාරය, වෛද්‍යවරුන්ගේ සංවාද, ඔහුගේම භීතිය සහ කඳුළු - සියල්ල ඔහුගේ මතකයෙන් මැකී ගියේය. හූවර්ගේ සොහොයුරිය වන ඩෝනා රොහ්රර් පවසන්නේ ඔහුගේ ටිකට් කැපූ දා සිට ඇගේ සහෝදරයාට මතකය සහ කථනය පිළිබඳ ගැටළු ඇති බවත්, ඇවිදීමට අපහසු බවත්ය.
2023 දී, හූවර් සුවයෙන් ජීවත් වන අතර ඔහුගේ සහෝදරියගේ විවාහ මංගල්යයට ද පැමිනියහ. වසර තුනකට පෙර ඔහු ශල්‍යාගාරය තුල අවදි නොවූයේ නම්, රොහර් ඇගේ සහෝදරයා නොමැතිව විවාහ වීමට ඉඩ තිබුණි. එපමණක්ද නොව, ශල්‍ය වෛද්‍යවරුන් ඔහුගේ අවයව වෙනත් පුද්ගලයින් සඳහා ලබා ගැනීමට යන මොහොතේ ඔහු ජීවතුන් අතර සිටින බවට ඇති භයානක සත්‍යය ඇයට කිසි දිනෙක දැනගැනීමට නොහැකිවනු ඇත.