
Airbus ඩ්‍රැගන්ෆ්ලයි (DragonFly) ව්යාපෘතිය ඉතා දියුණු පරිගණක දෘෂ්ඨියක් සහ බුද්ධිමත් පියාසර හැකියාවන්ගෙන්යුත් A350-1000 වර්ගයට අයත් ගුවන්යානයකි. මෙම ව්යාපෘතිය AI (කෘතිම බුද්ධිය ) තාක්ෂණය ආධාරයෙන් ගුවන්යානයට - ධාවන පථය කරා යාම, ගුවන්ගතවීම, පියාසර කිරීම සහ ගොඩබෑම ATTOL ( autonomous taxi take-off and landing), ස්වයංක්‍රීයව සිදුකල හැකි අතර දැන් එහි පරීක්ෂණ අදියරේ අවසන් මාස තුනට අවතීර්ණ වී ඇත, එහි ස්වයංක්‍රීය ගුවන් නියමු සහය තාක්ෂණය, වේගයන් තවතවත් දියුණු වෙමින් පවතී.
ආරක්ෂාව ගැන සැලකිලිමත් වන විට, අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහ ආරක්ෂාව තර කිරීම, එහි සාර්ථකත්වයට වයට හෙතු වේ. එම නිසා Airbus ආයතනය, ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සහ කාර්ය සාධනය වැඩි දියුණු කළ හැකි උපරිම ක්‍රියාකාරී විසඳුම් සෙවීමට නිරන්තරයෙන් කැපවී සිටී.
ජීව විද්‍යාත්මකව ආභාසය ලත් ඉංජිනේරු විද්‍යාව - හෝ ජෛව අනුකරණය - සුලි ධාරා අඩු කරන “මෝරා” පියාපත් අග (wingtip) නිර්මාණයේ සිට වැඩි දියුණු කළ කාර්ය සාධනයක් සඳහා හිම පාත්තයින් පියාසර කිරීම අනුකරණය කරන Airbus Felo’fly demonstrator දක්වා Airbus ආයතනය නිර්මාණාත්මක විසඳුම් බොහොමයක් වෙත යොමුවී ඇත.
“මෝරා” පියාපත් අග (wingtip) පියාසර පියාපත්වල අග කොටසේ අතිවනන ප්‍රතිරෝධය අවම කොට වැඩි දුරක් පියාසර කිරීමට හැකිවන අතර එනම් ඉන්දන දහනය 10% පමන අවම කොට, ගුවන් සමාගම් වලට වැඩි අදායමක් ඉපයීමට සලස්වා දෙයි. එමෙනම පරිසර දුෂණය ද අවම කෙරීමට හෙතුවේ.
ජෛව අනුකරණය භාවිතා කළ Airbus ආයතනයේ නවතම ආදර්ශකයා වන්නේ DragonFly - ඒ ''බත්කූරා'' හෙවත් dragonfly. බත්කූරෙකුට තමා වටා ඇති පරිසරය 360° එකවර දැකීමේ අතිවිශිෂ්ට හැකියාවක් ඇත, එමෙන්ම බිම් සලකුණු හඳුනා ගත හැකි අතර, එමඟින් එහි භෞමික මායිම් හදුනා ගනී. Airbus ආයතනය සංවර්ධනය කරන සහ පරීක්ෂා කරන මෙම dragonfly පද්ධති සැලසුම් කර ඇත්තේද ගුවන් යානයට එහි වටපිටාව "දැකීමට" සහ ඒ අනුව ආරක්ෂිතව ස්වයංක්‍රීයව ධාවන පථය (taxi to runway) කරා ධාවණය කිරීමට ඉඩ සලසන භූමි ලක්ෂණ සහ ගොඩබිම් ගමනාගමනය (ground traffics), එ මෙන්ම ගුවනේදීද තම පථයට බාදක ඇත්නම් (TCAS වගේ) එවා හඳුනා ගැනීමට සහ විශ්ලේෂණය කිරීමට ය.
මෙම නවෝත්පාදනයන් ගුවන් යානා සඳහා, විශේෂයෙන් හදිසි අවස්තාවක් තුළ අතිරේක ආරක්‍ෂාවක් ලබා දිය හැකිය. එනම් කාර්යමණ්ඩලයකට යානය පාලනය කිරීමට නොහැකි වූ විට, DragonFly හට ගුවන් යානය ළඟම ඇති සුදුසු ගුවන් තොටුපළ වෙත හරවා යවා ස්වයංක්‍රීයව ආරක්ෂිත ගොඩබෑමකට පහසුකම් සැලසිය හැක.
හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී DragonFly අවදානම් රහිතව ඉතාමත් ආරක්‍ෂාකාරී ලෙස එය ඉටුකිරීම මගින්, එය ගුවන් යනා තාක්ෂණයේ සැලකිය යුතු වෙනසක් ඇති කරයි. එහි අවධානය යොමු වී ඇත්තේ ප්‍රධාන අංශ තුනක් කෙරෙහි වන අතර, ඒ සෑම අංශක්ම පියාසර කිරීමේදී ග්‍රහණය කරගත් දත්ත ගණනය කිරීම සහ විශ්ලේෂණ එකතුවක් සහ පියාසර තොරතුරු විශාල සංකලනයක් ගණනය කිරීම සහ විශ්ලේෂණය කිරීම ගැඹුරු අධ්‍යයනය (deep learning) තුලින් ස්වයංක්‍රීය එහෙත් බුද්ධිමත් තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීමයි.
නමුත් ඇත්ත වශයෙන්ම පියාසර මාර්ග සහ නොයෙකුත් බාහිර සාධක සංකීර්ණ වන අතර එවා එකිනෙකට වෙනස් වේ. බත්කූරෙකු තම වටපිටාව අවබෝධ කරගෙන ඒ අනුව තම ගමන අනුගත කරයි. මෙම Airbus DragonFly Demonstrator ද බොහෝ දුරට එසේම සිදුකරයි, එය ගොඩබෑම සඳහා තෝරා ගන්නා විට පියාසර කලාප, භූමි සහ කාලගුණික තත්ත්වයන් වැනි බාහිර සාධක සැලකිල්ලට ගනී. නමුත් Airbus DragonFly සාමාන්‍ය බත්කූරෙකු මෙන් නොව, ආරක්ෂිත සහ සම්බන්ධීකරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා ගුවන් යානය සහ ගුවන් ගමනාගමන පාලනය (ATC) සහ ගුවන් සමාගමේ මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය (OCC) අතර නිරන්තර සන්නිවේදන නාලිකාවන් (ACARS) ද ස්ථාපිත කරනු ලබයි.
"බත්කූරන්ට මායිම් හදුනා ගැනීමට උපකාර වන බිම් සලකුණු හඳුනා ගත හැකි ආකාරයටම, අපගේ ආදර්ශකයාට (Airbus DragonFly) ද පියාසර සහ ගොඩබෑමේ මෙහෙයුම් කළමණාකරනය කළ හැකි අති නවීන සංවේදන තාක්ෂණය සහ මෘදුකාංග වලින් සමන්විත වේ. DragonFly demonstrator එයාර්බස් ඉංජිනේරු ප්‍රජාව තුළ සහ අපගේ විශ්වාසවන්ත බාහිර හවුල්කරුවන් සමඟ සහයෝගීතාවයෙන් සිදු කර ඇති අතර, මෙම අවසාන අදියරේ පරීක්‍ෂණය ලබා දෙන විශිෂ්ඨ අවබෝධය සහ සාර්ථකත්වය අපි බලාපොරොත්තු වෙමු."
- Isabelle Lacaze, Head of DragonFly demonstrator, Airbus UpNext (AIRBUS)
Airbus DragonFly ගේ දෘෂ්ඨිය මිනිසෙකුට වඩා වේගයෙන් ක්‍රියා කරයි, ඒ නිසා ගුවන් නියමුවාට අඩු දෘශ්‍යතාවක් ඇති අවස්ථාවක හෝ දුෂ්කර කාලගුණික තත්ත්වයන් යටතේ ගොඩබෑම වඩාත් පහසු කිරීමට සංවේදක දත්ත, පරිගණක දෘෂ්ඨිය algorithms (තර්ක රටාවන්) දත්ත ශක්තිමත් මාර්ගෝපදේශ ගණනය කිරීම් ආධාරයෙන් ඒකාබද්ධ කරන ලද පද්ධතියක් නිර්මාණය කර ඇත.
මෙම නවෝත්පාදනයන් හදිසි හෝ තීරණාත්මක අවස්ථාවකදී ස්වයංක්‍රීය ගොඩබෑම සඳහා (අවශ්‍ය නම්) මග පාදයි, නැතහොත් නියමුවාගේ පියාසර කුසලතා අනුව අමතර ක්‍රියාවලීන්ගෙන් නියමුවාට සහය විය හැකිය.
කාලයාගේ ඇවෑමෙන්, DragonFly හි නවෝත්පාදනයන් මගින් යානයට ලෝකයේ ඕනෑම ගුවන් තොටුපළකට ගොඩබෑමට ඉඩ සැලසේ. ගුවන් තොටුපළ දැනට ස්වයංක්‍රීය ගොඩබෑම සඳහා භාවිතා කරන භූගත උපකරණ තාක්‍ෂණයෙන් (ILS, GLS or GBAS) සමන්විතද යන්න නොසලකා, යානයට තනිවම ගොඩබෑම සිදුකල හැක.
DragonFly demonstrator හි අවසාන අංගය වන්නේ, නියමු සහය තාක්ෂණයයි. එහි වැදගත් කාර්ය වන්නේ නියමුවාට උපකාර කිරීමයි. එනම් ධාවන පථය කරා යාමට මාර්ගෝපදේශ (taxi guidance), උපදෙස් කළමනාකරණය, නාවික මාර්ගෝපදේශ සහ නිරීක්ෂණය සඳහා උපකාර කිරීමයි. එසේ සිදු කිරීමෙන්, නියමුවාට වෙනත් වැදගත් කාර්යයන් කෙරෙහි අවධානය යොමු කල හැක.
මෙම DragonFly නවෝත්පාදනයන් වැදගත් කාර්යක් වන්නේ විශාල ගුවන් යනා වල පවා ගුවන් නියමුවන් එක්පුද්ගලයෙක් දක්වා අඩු කල හැකි අතර, වරතමානයේ විශාල ගුවන් යානාවල අනිවාර්යෙන්ම නියමුවන් දෙදෙනෙක් සිටිය යුතු වේ. එයට හේතුව යානය පැදවීමට එක් නියමුවෙක් ප්‍රමානවත් වන අතර වැඩි ආරක්ෂාව සඳහා ගුවන් නියාමන නීති වලට අනුව නියමුවන් දෙදෙනෙක් සිටිය යුතු වේ. නමුත් DragonFly යානය පැදවීමට එක් නියමුවෙක්වත් අවශ්‍යය නොවේ (ස්වයංක්‍රීය නියමුවන් රහිත ගුවන් යානා), එම නිසා ගුවන් නියාමන නීති වලට අනුව එක් නියමුවෙක් (eMCO-SiPO) ප්‍රමානවත් වේ.