2026 අගෝස්තු මස 12 වන දින "හාර්ට් එරොස්පේස් (Heart Aerospace)" සමාගම විසින් නිශ්පාදනය කරන ලද X1 නම් ප්‍රථම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර ආධාරයෙන් පියාසර කරන මගී ගුවන් යානයක් විසින් විනාඩි 27ක් වූ ප්‍රථම ගුවන් ගමන සාර්ථකව නිමකරන ලදි. මෙම ගුවන් යානයේ දිග, එනම් නාසයේ සිට වල්ග කොටස දක්වා අඩි 76ක් වන අතර පියාපත් විහිදුම් පරතරය අඩි 106ක් මෙන්ම මගී ආසන 30 කින් සමන්විත වේ. ගුවන්ගත වීමේ උපරිම බර ටොන් 11.3 ක් පමන වන අතර සම්පූර්ණයෙන්ම බැටරි මගින් පියාසර කල ප්‍රථම ගුවන් යානයද මෙය වේ. පරීකෂණ මට්ටමේ ගුවන්ගත වූ උස අඩි 1100 fts ක් වන අතරම යානය ඉදිරියට තල්ලු කරන විද්යුත් මෝටර එක් පියාපතකට දෙක බැගින් සවිකර ඇති මෙම විදුලි පංකා මගින් ලැබෙන වායු තෙරපුම් බලය මෙගාවොට් 1 MW කි. එනම් කිලෝවොට් 1000 KW කි.
ඇමෙරිකා එක්සත්ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ආයතනය (FAA) විසින් පර්යේෂණාත්මක කාණ්ඩයට අයත් විශේෂ ගුවන් යෝග්‍යතා සහතිකයක් (SAC-EC / Special Airworthiness Certificate - Experimental Category) ලබාදෙන ලදි. මෙම මෙහෙයුම සැලසුම් කර ඇත්තේ වාණිජ ගුවන් සේවා මෙහෙයුම්වලට අදාළ පරිමාණයෙන් සම්පූර්ණයෙන්ම විදුලිබලයෙන් පියාසැරි නිරූපණය කිරීම සඳහා වන අතර ගුවන්යානය දාවන පථය කරා යාම, ගුවන්ගත කිරීම, ඉහලට නැගීම, උපාමාරු දැමීම සහ ගොඩබෑම ඇතුළත් පරීක්ෂණ සමඟය.
කලින් සදහන් කල පරිදි සම්පූර්ණයෙන්ම බැටරි වලින් බල ගැන්වෙන මෙම X1 ගුවන් යානය, එහි පළමු ගුවන් ගමනේදී ආසන්න වශයෙන්, එක් මගියෙක් සඳහා වැය වන විදුලි බලයේ පිරිවැය ඩොලර් 5 (USD) ක් (රු. 1700) තරම් වූ ඉතා කුඩා විදුලිබලයක් භාවිතා කළේය. නමුත්, මේ අවසථාව වන විට සාමාන්‍යයෙන් ගුවන් යානා ඉන්ධන ගැලුමකට ඩොලර් 3.50 (USD) ක පිරිවැයක් වූ ගෝලීය ජෙට් ඉන්ධන මිලෙහි අඛණ්ඩ වැඩිවීමක් මධ්‍යයේ, මෙම ගුවන් ගමන සිදු වූ අතර, එය වසරින් වසර 63% කින් පමන ඉහළ ගොස් ඇත. ගෝලීය තෙල් වෙළඳපොළවල අස්ථාවරත්වයෙන් උද්ගතවී ඇති ගැටළු හේතුවෙන් බොහොමයක් ගුවන් සමාගම් බංකොලොත් වූ අතරම ඒ සඳහා විසදුමක් ලෙස අඩු ගුවන් යානා මෙහෙයුම් පිරිවැයක් ලබා දීමට විදුලි ප්‍රචාලනයට ඇති හැකියාව මෙම ගුවන් ගමන ඉස්මතු කරන ලදි.
විදුලි වාණිජ ගුවන් යානාවලට ගුවන් සේවා ආර්ථිකය මූලික වශයෙන් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඇති අතර, අවසානයේ මගීන් සඳහා වූ ගුවන් ගමන් පිරිවැය අඩු කිරීමට හැකියාව ඇත. අධික ගුවන් ගමන් පිරිවැය නිසා අඩු වූ මගී ප්‍රවාහය නැවත වැඩි කිරීමටත්, පරිසරයට ඉතාමත්ම හිතකාමී වඩාත් පිරිසිදු, බහුල, ගුවන් ගමන් සේවාවක් ලබාදීමටත් හැකි වේ.
2031 වර්ෂයට ඉලක්ක කරගත් ගුවන් සේවාවට පිවිසීමත් සමඟ සාමාන්‍යය ඉන්ධන වලින් ක්‍රියාකරන ගුවන් ගමන් හා සසඳන විට ඊඑස්-30 ගුවන් යානා මෙහෙයුම් පිරිවැය 40% කට වඩා අඩු කරනු ඇතැයි හාර්ට් එරොස්පේස් සමාගම අපේක්ෂා කරයි. මෙම අඩු වීම අඩු බලශක්ති පිරිවැය, සරල කළ විදුලි ප්‍රචාලනය සහ විද්‍යුත්කරණය කළ පියාසැරි පද්ධති නිසා ගුවන් යානයේ නඩත්තු අවශ්‍යතා අඩු වීම, මෙන්ම, ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික හා මෘදුකාංග, ගුවන්යානා නිර්මාණ ශිල්පයන් මගින් බල ගන්වන ලද වැඩි ගුවන් යානා ක්‍රියාකාරී කාලයක් සහ විශ්වසනීයත්වයක් සපයනු ලැබේ.
නවීන බැටරි තාක්‍ෂණයේ දියුණුව, ලොව පුරා ඉන්දන දහනයන් හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් (CO2) වැනි හරිතාගාර වායු විමෝචනයට අදාළ ගුවන් සේවා බදු සහ ගාස්තු අඩු වීම හේතුවෙන් කාලයත් සමඟ මෙම පිරිවැය වාසිය පුළුල් වන බව සමාගම පුරෝකථනය කරයි.