නියමුවන් රහිත ගුවන් යානා (UAV) මගින් වේගවත්, ස්වයංක්‍රීය සහ ලාභදායී ප්‍රවාහන විසඳුම් ලබා දීමෙන්, සැපයුම් සහ ප්‍රවාහන අංශවල විප්ලවීය වෙනසක් සිදු කරයි. "ඩ්‍රෝන යානා" ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන මෙම දියුණු ගුවන් යානා, තීරණාත්මක වෛද්‍ය සැපයුම්වල සිට පාරිභෝගික භාණ්ඩ හා සේවා සියල්ල ප්‍රවාහනය කිරීම සඳහා භූමි තදබදය මඟ හරිමින්, සාම්ප්‍රදායික ලෙස පොලොවෙන් සිදුවන ප්‍රවාහනය ගුවන් මගින් සිදු කිරීමෙන්, වඩාත් දියුණු අනාගතයකට මග පාදයි.
ශ්‍රී ලංකාවට විද්‍යුත් මගී ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වාදීමේ සූදානමක් ලෙස මෙම පරීක්ෂණ සිදු කෙරෙන අතර, ඒ සඳහා චීන ගුවන් තාක්ෂණ සමාගමක් වන EHang විසින් නිෂ්පාදනය කරන ලද EH216-S යානය, හෙලිකොප්ටර් යානාවක් මෙන් සිරස්ව ගුවන් ගතවීම සහ ගොඩබෑම සිදුකල හැකි, එනම් eVTOL කාණ්ඩයට අයත් වන මෙම යානය ජාත්‍යන්තර වෙළඳපොලේ මිල ඇමෙරිකානු ඩොලර් 332,000 USD ක් පමන වේ. එය හෙලිකොප්ටර යානාවකට වඩා දස ගුනයකින් පමන මිල අඩු නමුත් ඒවායේ කාර්යභාරයන් එකිනෙකට වෙනස් වේ.
මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත හැකි මෙම "මල්ටිකොප්ටර් (රොටර් හෙවත් පංකා ගනණ 2කට වැඩි)" යානා කොළඹ "පෝර්ට් සිටි" ප්‍රදේශයේදී මේ වනවිට අත්හදා බැලීම් කරමින් පවතී. මගීන් දෙදෙනෙකු රැගෙන යා හැකි මෙම EH216-S යානය "ඔක්ටොකොප්ටර් (Octocopter)" හෙවත් එසවීමේ බලය ලබාදෙන පංකා යුගල් 8 කින් සමන්වීත වන අතර මුළු පංකා ගනන 16කි (hexadecacopter). මෙම යානාවකට නොකඩවා ගමන් කල හැකි දුර කි.මී. 30km ක් වන අතර වේගය පැයට කි.මී. 130 km/h ක් පමන පවත්වා ගත හැකිය. නියමුවන් රහිත මෙම යානය නිශ්චිත ගමනාන්තයක් දක්වා ස්වයංක්‍රීයව, අර්ධ ස්වයංක්‍රීයව සහ අවශ්‍යතාවයක් ඇත්නම් මගියා විසින් යානය පාලනය කර පියාසර කල හැකිය. පියාසර කල හැකි උපරිම පියාසර කාලය විනාඩි 20 - 25 ක් පමන වන අතර ඉන් පසුව වෙනත් අරෝපිත බැටරි කට්ටලයකට මාරු කල යුතුය. එසේ නොමැති නම් පැය 2ක පමන කාලයක් බැටරි නැවත ආරෝපණය කල යුතුය.
මෙම යානා උපයොගී කරගනිමින් මගී ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය සහ සාමාන්‍ය ක්‍රම වලින් ළඟා වීමට අපහසු ස්ථාන වලට භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගැනීම සඳහා ඉතා යෝග්‍යය වේ. හදිසි වෛද්‍ය ප්‍රවාහන කටයුතු සහ දුෂ්කර කඳුකර ප්‍රදේශවලට භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද මෙම තාක්ෂණය බොහෝමයක් රටවල මේ වන විටත් භාවිතාකරමින් පවතී. දේශීය පුවත් වලට අනුව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මෙම යානා මඟින් නාගරික ගුවන් ප්‍රවාහන ක්ෂේත්රයට ඇති කළ හැකි වෙනස්කම් සහ දේශීය හා විදේශීය සංචාරකයන්ට ලබාදිය හැකි නව අත්දැකීම් පිළිබඳව නොවැම්බර් 11 වැනිදා පැවැත්වෙන නිල ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ඔබට ප්‍රථම වතාවට මෙම යානාවෙන් ගුවන් ගමනක් යාමට සිදුවුවහොත් ප්‍රථමයෙන්ම සිහියට එන්නේ එය ආරක්ෂිතද? කඩා වැටෙයිද? යන බියජනක සිතුවිලිය. මෙම යානයෙන් පියාසර කිරීමට බිය විය යුතු නැත. එය ඉතාමත් ආරක්ෂිතයි. නමුත් සමහර අවස්ථා වල ගුවන් අනතුරු සිදුවිය හැකියි. එම ගුවන් අනතුරක් සිදුවීමේ සම්භාවිතාව සාමාන්‍ය හෙලිකොප්ටරයකට සමානය. ගුවන් යානා අතරින් ආරක්ෂිතම යානය හෙලිකොප්ටර් යානයයි. හෙලිකොප්ටර් යානයක හදිසියේ එන්ජින් ක්‍රියා විරහිත වුවහොත් පියාසර පෙති කැරකීම නොනවතී. එය "ඔටෝරොටේෂන් (Autorotation)" හෙවත් "ස්වයංක්‍රීය භ්‍රමණය" ලෙස හදුන්වන අතර එම භ්‍රමණය ප්‍රයෝජනයට ගැනීම සඳහා නියමුවා ඉක්මනින් පියාසර පෙතිවල තිරස් කෝණය (pitch angle / Angle of Attack - AoA) අවම අගයට දමනු ලැබේ. එනම් වම් අතට ඇති කලෙක්ටිව් හැන්ඩලය (collective lever) ඉක්මනින් පහත දමනු ලැබේ. එවිට පියාසර පෙති (පියාපත්) හෙවත් රොටර් තල (Rotor blades) කැරකීම පවත්වා ගෙන, යානය සෙමෙන් පහතට ගමන් කරන අතර, ඉක්මනින් සුදුසු ස්ථානයක් සොයා එතැනට ගොඩබැස්සවිය හැකිය. නමුත් මෙම විද්‍යුත් පියාසර ටැක්සි වල එසේ සිදු නොවේ. එයට හේතුව හෙලිකොප්ටරයකට සාපේක්ෂව යානයේ ඇති පංකා ඉතා කුඩා සහ සැහැල්ලු නිසාත් බල සම්ප්‍රේෂණ නෝඩයක් අවශ්‍යය නොවී පංකා කෙලින්ම මෝටර වලට සවිවන නිසාය. නමුත්, මෙම ස්වයංක්‍රීය යානා, නොයෙකුත් තාක්ෂණික ක්‍රම උපයොගී කර ගනිමින් ශක්තිමත් පියාසර ආරක්ෂාවක් ලබාදෙයි.
භ්‍රමණය හෝ චලනය නොවන පියාපත් (Fixed-wing aircraft) සහිත ගුවන් යානා වල, හදිසියේ එන්ජින් සියල්ල අක්‍රීය වුවහොත් ගොඩබැස්වීමට සුදුසු ස්ථානයක් සොයාගැනීම පහසු කාර්යක් නොවේ.
මෙම EH216-S යානයේ ඇති විද්‍යුත් මෝටර ගනණ 16 කි. එක් මෝටරයක් උපරිම වේගයෙන් ක්‍රියා කරන විට, එසවිය හැකි බර ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 18-25 kg පමන වේ. බොහෝ විට එම මෝටර ධාවනය සඳහා යොදාගන්නා විද්‍යුත් මෝටර පාලක (Electronic Speed Controller / ESC) 16 කි. හදිසියේ මෝටර කිහිපයක් ක්‍රියා විරහිත වීමට ඇති ඉඩප්‍රස්තාව අඩුය. මෝටර 1-2 ක්‍රියා විරහිත වූ විට අනෙක් මෝටර මගින් එම පාඩුව මකා දැමීම සඳහා ලබාදෙන බලය වැඩි කර, පියාසර පාලක පරිඝණකය හා සම්භන්ද "විද්‍යුත් ගයිරස්කෝපය (Gyroscope)" මගින් අක්ෂ වල සමතුලිත තාවය පවත්වාගනී. නමුත්, යම් අයුරින් එක පැත්තක මෝටර කිහිපයක් ක්‍රියා විරහිත වී යානය ඇල වුවහොත්, යානයේ සියලු මෝටර ක්‍රියා විරහිත කර, එහි ඇති ආරක්ෂක ස්වයංක්‍රීය පැරෂුටය මගින් යානය නිරුපද්‍රිතව ගොඩබෑම සිදු වේ. බොහෝ අවස්ථාවල මෝටර ක්‍රියා විරහිතවීමට හේතුව මොටර වල ඇති දුර්වලතාවයක් නොව, එම මෝටර වල වේගය පාලනය කරන පාලක (ESC) දැවීයාම එයට හේතුවයි. ඒවා හරහා හැම විටම ගලන ධාරාව වෙනස් වන නිසා, එවා දැඩි විද්‍යුත් ආතතියකට ලක්වේ. පියාසර පාලක පරිඝණකය (Flight controller) මගින් එවනු ලබන සංඥා වලට අනුකූලව මෝටරයට විද්‍යුත් ධාරාව සපයන්නේ මෙම උපාංගය (ESC) මගිනි. එම නිසා මෙම උපාංගයේ ක්‍රියාකාරීත්වය පිලිබඳ විශ්වාසනීයත්වය ඉතා වැදගත් ය.
එපමනක් නොව මෙම විද්‍යුත් eVTOL යානා වල සහ බහු-පංකා එනම් මල්ටිකොප්ටෙර් වල භාවිතා වන මෝටර විශේෂ මෝටර වර්ගයකි. විදුලි බලය ලබාදුන් විට අනෙක් මෝටර මෙන් මේවා කැරකෙන්නේ නැත. එයට හේතුව මෙම මෝටර වල ඇති විද්‍යුත් චුම්භක බලය ඇති කරන දඟර (කොයිල්) ස්ථිතික (භ්‍රමණය නොවේ) වන අතර කැරකෙන්නේ ස්ථිර චුම්භක අඩංගු ආවරනයයි. එක් මෝටරයක් තුල දඟර කොපමණ තිබුනත් එවා ඛාණ්ඩ තුනකටවෙන් කර ඇති අතර ඒවාට රිද්මානුකූලව වයර 3ක් මගින් විද්‍යුත් ස්පන්දන (Pulse) ලෙස විදුලි බලය ලබා දිය යුතුය. එසේ විදුලි බලය ලබාදෙන්නේ විද්‍යුත් මෝටර පාලක මගිනි. මෙම වර්ගයේ මෝටර බුරුසු රහිත මෝටර (Brushless motor) ලෙස හැදින්වේ. බුරුසු රහිත මෝටර මගින් ලබාගත හැකි කාර්යක්ෂමතාවය ඉතාම ඉහලය. බොහොමයක් සාමාන්‍යය මෝටර වල කැරකෙන්නේ දඟරය ඔතා ඇති කොටසයි. එම නිසා එම දගරයට විදුලිය ලබාදීමට භාවිතා කරන ස්පර්ශවන සම්භන්දතා, බුරුසු ලෙස හදුන්වයි.
යානයේ ඇති පියාසර පාලක පරිඝණකය (Flight controller) මගින් එවනු ලබන PWM සංඥා එම මෝටර පාලක (ESC) වෙතට ලබා දුන් විට, ඊට අනුකූලව මෝටර පාලක විසින් පාලනය කරන තම අක්ශයේ මෝටර 1-2 ක කැරකෙන වේගය පාලනය කරයි. පියාසර පාලක පරිඝණකයෙන් මන්දගාමී PWM සංඥා ලැබෙන විට මෝටර මන්දගාමීවත්, වේගවත් PWM සංඥා ලැබෙන විට වේගයෙන් කැරකේ. ඉහලට එසවීමේ බලය ලැබෙන්නේ, එම අවස්ථාවේ මෝටර වල වෙගය අනුවයි. එවිට පරිඝණකය විසින් නියමිත අක්ෂ වල මෝටරවල වේගය වෙනස්කිරීම තුලින් යානාව පාලනය කරයි. නමුත්, මෙම මෝටර වල අධික කාර්යක්ෂමතාවය හේතුවෙන්, මෝටර මෙන්ම මෝටර පාලක අධික ලෙස රත්වීමට භාජනය වේ.
මෙම EH216-S යානයේ එය අඩුපාඩුවක් ලෙස පෙනෙන්නට ඇත. මෝටර වල (Brushless motors) සහ මෝටර පාලක (ESC) වල කල්පැවැත්ම සඳහා මෝටර සම්භන්ද වන ස්ථානයේ තාප නිවාරක (Heatsink) අඩංගු කර මෝටර පාලකයේ තාපය ( (ESC heat) සහ මෝටරයේ තාපය (Motor heat) එයට ලබා දුන් විට තම පංකාව කැරකෙන විට (Air Cooling / Heat Sink Cooling) එය හොදින් සිසිල් වී කල් පැවැත්ම තහවුරු වේ.