සංකීර්ණ කරුණු සරල බසින්

MH-370 බෝයිං 777 යානය සොයා නව මෙහෙයුමක්
ගුවන් යානා හා ගුවන් සේවා

MH-370 බෝයිං 777 යානය සොයා නව මෙහෙයුමක්

මැලේසියානු MH370 බෝයිං 777 යානය අතුරුදහන් වූ ආකාරය කියවීමට අවශ්‍යය නම් ක්ලික් කරන්න.

ක්වාලාලම්පූර් (Kuala Lumpur) ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට බීජිං බලා ගමන් කල, මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් ගමන් අංක MH 370 දරන Boeing 777-200ER වර්ගයට අයත් ගුවන් යානය, මගීන් 239 දෙනෙකු සමඟ 2014 මාර්තු 8 දින, ගුවන් ගමන අතර තුර අතුරුදහන් විය. ගුවන් යානා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම අභිරහස වන මෙය මෙතරම් තාක්ෂණය දියුණු යුගයක, ගුවන් යානාවල අති නවීනතම චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ, ගුවන් ආරක්‍ෂක කලාප සහ රේඩාර් පද්ධති, ගුවන් යානා පාලක ක්‍රමවේද තිබියෙදීත්, කිසිම හෝඩුවාවක්වත් නොමැතිව ගුවන් යානය අතුරුදහන් වූයේ කෙසේද? ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් ගණනාවක ගුවන් සහ නාවික හමුදා, MH 370 (Boeing 777) යානය සෙවීමට මහත් ප්‍රයත්නයක් දැරුවද සියලුම සෙවීමේ මෙහෙයුම් අසාර්ථක විය.

ඕස්ට්‍රේලියාව ආසන්නයේ යානය අනතුරට ලක් වූවා යැයි සැක කරන ප්‍රදේශයේ සාගර පතුලේ (sea bed) යානාවේ සුන්බුන් සෙවීම 2025-12-30 දින නැවත ආරම්භ කර ඇති අතර යානය කඩාවැටුන ස්ථානය දැනට ඇති දත්ත අනුව උපකල්පන මත පදනම්ව තීරණය කර ඇත. යානය පියාසර කල අවසාන අදියරේදී ඉන්මාර්සැට් චන්ද්‍රිකාව මගින් අවසානයේ MH 370 යානයේ සිට ලබාගත් විද්‍යුත් චුම්භක තරංගය පැමිණි දුර ගනණය කිරීම තුලින් ලබාගත්, වස්තුවේ පිහිටීම (MH 370), එනම් හත්වන චාපය (7th Arc) මත ඇති ප්‍රදේශයක සාගරයේ පතුල ස්කෑන් කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන කාර්යභාරයයි.

2024 මැයි 2 වන දින ක්වාලාලම්පූර් නගරයේදී, ඇමෙරිකානු සමාගමක් වන "ඕෂන් ඉන්ෆිනිටි" (Ocean Infinity) විසින් මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය ගරු ඇන්තනි ලොක් (Mr. Anthony Loke) මහතා වෙත MH370 බෝයිං 777 යානය, කුඩා සබ්මැරීන යාත්‍රා (AUV) ආධාරයෙන් ඉන්දියන් සාගර පතුලේ සෙවීමට, නව යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එම නව ගිවිසුම යටතේ, දැනට ඇති අති නවීන තාක්ෂණය භාවිතා කරමින්, ඉන්දියන් සාගරයේ විශේෂ වූ ප්‍රදේශයක, සාගර පතුල ස්කෑන් කර MH 370 (Boeing 777) යානය සෙවීමයි. මෙහි වූ විශේශ කරුන වන්නේ යානය සෙවීම සිදු කරනුලබන්නේ "සොයා ගැනීමක් නැත" - "මුදල් ගෙවීමක් නැත" යන කොන්ත්‍රාත්තු පදනම යටතේයි. එනම්, යානය සොයාගත නොහැකි වුවහොත්, ඕෂන් ඉන්ෆිනිටි සමාගමට කිසිම මුදලක් නොලැබේ. යානය සොයාගතහැකි වුවහොත්, ගිවිසුමට අනුව මැලේසියානු ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක මුදලක් ගෙවිය යුතුය.

යානය සෙවීමේ ක්‍රියා පටිපාටි පිලිවෙත වන්නේ:

  1. ප්‍රථමයෙන් සොනාර් (Sonar) උපයොගී කර ගනිමින් සාගර පතුල (මුහුදු පතුල) ස්කෑන් කිරීමයි.
  2. යම් සැකසහිත ස්ථානයක් හමු වුවහොත්, එම ස්ථානය කැමරා ආධාරයෙන් නිරීක්ෂණය කරනු ලැබේ.
  3. MH 370 යානයේ යානයේ සුන්බුන් හමු වුවහොත් සුන්බුන් පරීක්ෂණයට භාජනය කරනු ලැබේ.

සොනාර් (Sonar) උපයොගී කර ගනිමින් සාගර පතුල (මුහුදු පතුල) ස්කෑන් කිරීම.

සොනාර් ස්කෑන් යන්ත්‍ර ලෙස හඳුන්වනු ලබන්නේ මිනිසාගේ කනට නෑසෙන අදි සංඛයාත ශබ්ද තරංග (20 kHz කිලෝ හ්ර්ට්ස් - 10 GHz ගිගා හර්ට්ස්) හෙවත් ඇල්ට්‍රා සෞන්ඩ් (ultrasound) උපයෝගී කරගනිමින් සිදු කරන ස්කෑන් කිරීමකි. උපකරණයේ එක් අංගයකින් ශබ්ද තරංග නිකුත්කරන අතර එහි අනාවරක මගින් පරාවර්ථනය වන ශබ්ද තරංග ලබාගෙන එය පසුව විශේශිත පරිඝණක මෘදුකාංගයක් වෙත යොමු කර එමගින් ත්‍රිමාන රූපකරණය සිදුකරනු ලැබේ. ජලය තුල විද්‍යුත් චුම්භක තරංග ක්‍රියා නොකරයි. එම නිසා රේඩියෝ, තරංග මගින් දිය යට ඇති කුඩා සබ්මැරීනයක් සමග සන්නිවේදනය නාලිකාවක් පවත්වාගත නොහැක. රේඩාර් තරංග මගින් දිය යට කිසිවක් සෙවිය නොහැක.

රේඩාර් දිය යට භාවිතා කල නොහැකි නිසා, දිය යට රේඩාරය වෙනුවට සොනාර භාවිතා කරයි. අදි සංඛයාත ශබ්ද තරංග ජලය හරහා හොඳින් ගමන් කරන නිසා සියලුම දිය යට ගමන්කරන යාත්‍රා සියල්ල තම වටපිටාව පිලිබඳ දත්ත සහ අඳුරේ වුවද පෙනීම ලබා දෙන සොනාර උපයෝගී කරගනී. උදාහරණයක් ලෙස සබ්මැරීන, කුඩා සබ්මැරීන යාත්‍රා (AUVs), ටොර්පෙඩෝ ( torpedo / දිය යට ගමන් කරන මිසයිල) සහ වෙනත් දිය යට ගමන් කරන හෝ පරීක්ෂණ යාත්‍රා (Mir, OceanGate etc.) සඳහන් කල හැකිය.

වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන ඇල්ට්‍රා සෞන්ඩ් ස්කෑන් (US Scan) යන්ත්‍ර නිර්මාණය කර ඇත්තේ ද මෙම සොනාර් (Sonar) මූලධර්මය මතය. ඝනත්වය, තරලය සහ කුහර ඇතිවිට ශබ්ද තරංග වල පරාවර්ථනය වෙනස් වන අතර පරාවර්තනය වන තරංග වල ශක්තිය ඉහල පහල යා හැකිය. එසේ සිදුවන්නේ අනුනාද (resonance) ඇතිවීම නිසයි. එමනිසා රූපකරණය තාක්ෂණය භාවිතයෙන් ස්කෑන් කරන ප්‍රදේශය පිළිබඳව දත්ත ලබාගත හැකිය.

ඉන්දියන් සාගර පතුලේ යානය සෙවීමේ මෙහෙයුම සිදුකරන ආකාරය.

යානය සෙවීමට නියමිත ප්‍රදේශයේ සාගරයේ ගැඹුර මීටර් 3900m ත් මීටර් 4000m ත් අතර පවතින හෙයින් Hugin 6000 නම් කුඩා සබ්මැරීන යාත්‍රා යොදාගෙන ඇත. එහි අන්තර්ගත සොනාරයට මීටර් 6000m ක් ගැඹුරට ස්කෑන් කල හැකිය. සාගරයේ ගැඹුර වැඩි නිසා අර්මාදා මව් යාත්‍රාවේ ඇති සොනාරය භාවිතා නොකරයි.

ඕෂන් ඉන්ෆිනිටි (Ocean Infinity) සමාගම විසින් යානය සෙවීම සඳහා අර්මාදා 8605 (ARMADA 8605) නෞකාව යොදවා ඇති අතර එය Hugin 6000 නම් ස්වයංක්‍රීය කුඩා සබ්මැරීන යාත්‍රා (Autonomous Underwater Vehicle / AUV) කිහිපයකින් සන්නද්ධ වන අතර එවා ආධාරයෙන් සගරයේ පතුල සකෑන් කිරීම සිදුකරයි. සෑම කුඩා සබ්මැරීන යාත්‍රාවක්ම සොනාර දෙකක්, අවස්ථිති මිනුම් ඒකකයක්, කැමරා සහ යත්‍රා පරිඝණකයක් අඩංගු වේ. අවස්ථිති මිනුම් ඒකකය සහ මැග්නිටෝ මීටරය මගින් තම පිහිටීම, වේගය, දිශාව වැනි දත්ත ලබාගන්නා අතර එම දත්ත මව් යාත්‍රාව වෙත සම්ප්‍රේෂණය කරයි. යාත්‍රා පරිඝණකය මගින් එහි ස්වයංක්‍රීයකරණය කර ඇත.

 

Hugin 6000 ස්වයංක්‍රීය කුඩා සබ්මැරීන යාත්‍රාවේ, ප්‍රධාන සොනාරයේ කාර්යය වන්නේ සාගරයේ පතුල ස්කෑන් කිරීමයි. එම Hugin 6000 යාත්‍රාවට, නිශ්චිත පූර්ව සටහන්ගත (කලින් ප්‍රෝග්‍රෑම් කරන ලද / pre-programmed pattern) රටාවක් අනුව යාත්‍රා කිරීමේ කාර්යය පැවරී ඇත. දෙවන සොනාරය මගින් මව් යාත්‍රාව වන "අර්මාදා 8605" සමග සම්භන්දතාවය පවත්වා ගන්නා අතරම Hugin 6000 සබ්මැරීන යාත්‍රාවට (AUV) පරිපාලක විධාන ලබාගැනීම මෙන්ම යාත්‍රාවේ තත්වය හා පිහිටීම පිලිබඳ දත්ත මව් යාත්‍රාව වෙත යැවීමයි.

කුඩා සබ්මැරීන යාත්‍රාව තුල වූ ප්‍රධාන සොනාරය මගින්, ස්කෑන් කිරීමේදී ලැබෙන දත්ත, තම යාත්‍රාව තුල වූ දත්ත ගබඩාවක ගබඩා කර පසුව කුඩා සබ්මැරීන යාත්‍රාව මව් යාත්‍රාව තුලට ගොඩගත් පසු එහි සටහන් සියලු දත්ත විශේෂඥයින් වෙනත් පරිඝනකයකට බාගත (download) කර විශේශ මෘදුකාංගයක් උපයෝගී කරගනිමින් ත්‍රිමාණ (3D) රූපකරණයට භාජනය කර විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඊලඟ මෙහෙයුම් චක්‍රය සඳහා කුඩා සබ්මැරීන යාත්‍රා දියත් කරයි.

මෙය ඕනෑම වෘත්තීය මෙහෙයුමකදී මෙන්, කෙටි විස්තර කිරීමකින් සහ සමාලෝචනය කර ක්‍රියාත්මක කරන ප්‍රවේශම් සහගත, ක්‍රමානුකූල සෙවුම් මෙහෙයුමකි. Hugin 6000 යාත්‍රා ඉතා ප්‍රවේසමින් දියත්කල යුතුය. එමෙන්ම, Hugin 6000 යාත්‍රා "අර්මාදා" මව් යාත්‍රාවට ගොඩගැනීමේදීද ඉතාම ප්‍රවේශමෙන් කල යුතුය. දින 55ක් වැනි කෙටි කාලයක් මේ සඳහා වෙන් කර ඇත්තේ මේ නිසාය. අනෙක් දින වල කාළගුණය අහිතකර නිසා Hugin 6000 යාත්‍රා දියත් කිරීම අපහසු වේ. එපමනක් නොව එම යාත්‍රා වලට යම් හානියක් සිදුවුවහොත් මෙහෙයුම නවතාදැමීමට සිදු වේ.

ඉන්දියන් සාගරයේ මෙම ප්‍රදේශයේ, යානය සෙවීමේ මෙහෙයුම කල හැක්කේ වසරකට දින 55ක් පමණි. එයින් සති 2ක පමන ක්‍රියාකාරී අවධියක් (Active phase) පවතින අතර ඉන් පසුව, "අර්මාදා" යාත්‍රාව ඕස්ට්‍රේලියාව වෙත ගමන් කර කාර්යමන්ඩලය විවේක ගන්නා අතරම, යන්ත්‍රෝපකරණ යාවත්කාලීන කිරීම, තව සති දෙකක් සඳහා ඉන්ධන පිරවීම සහ ආහාර ද්‍රවය ගබඩාකිරීම සිදු කරයි. 2026-01-28 වන දින "අර්මාදා" යාත්‍රාව, 2026 වසරේ MH370 (Boeing 777-200ER) ගුවන් යානය සෙවීමේ පලමු වදිය අවසන් කර ඕස්ට්‍රේලියාව වෙත පැමිණ ඇත.

හත්වන චාපය (7th Arc)

හත්වන චාපය ලෙස සලකනු ලබන්නේ, ගුවන් ගමන් අංක MH 370 දරන Boeing 777-200ER වර්ගයට අයත් ගුවන් යානය යානය පියාසර කල අවසාන අදියරේදී ඉන්මාර්සැට් චන්ද්‍රිකාව මගින් අවසානයේ යානයේ සිට ලබාගත් විද්‍යුත් චුම්භක තරංගය පැමිණි දුර ගනණය කිරීම තුලින් ලබාගත්, වස්තුවේ පිහිටීම (MH 370), සොයාගැනීමට ආධාරවන චාපයකි. එය හත්වන වරට ලැබුන නිසා "හත්වන චාපය" වන අතර එය අවසන් වරට ලැබුන චාපයයි. එමෙන්ම, තවත් ගනණය කිරීම් තුලින් ලබාගත් දත්ත අනුව, යානය බොහෝ විට කඩාවැටීමට වඩාත්ම අවස්ථාවක් ඇති ස්ථානය ගනනය කර එම හත්වන චාපය (7th Arc) මත ඇති ප්‍රදේශයක සාගරයේ පතුල ස්කෑන් කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ විය.

 

 

ඕෂන් ඉන්ෆිනිටි සමාගමේ "අර්මාදා 86-05 (ARMADA 8605)" නෞකාව මේ වන විට, හත්වන චාපයෙන් (7th Arc) පිටත සෙවුම් කලාපයේ සම්පූර්ණ ගිනිකොනදිග කොටස ස්කෑන් කර අවසන් කර MH370 බෝයිං 777 යානය සෙවීමේ මෙහෙයුමේ 3 වන අදියර (Phase 3 from 30.12.2025 - 23.01.2026) අවසන් කල නමුත් සුන්බුන් ඇති ස්ථානය සොයාගත නොහැකි විය. "අර්මාදා 86-05" නෞකාව ඕෂන් ඉන්ෆිනිටි සමාගමේ වෙනත් කාර්යයන් සදහා පිටව ගියහ.

තවකෙනෙකුට Share කරන්න:
ගුවන් යානා හා ගුවන් සේවා : ඛාණ්ඩයේ පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්