සංකීර්ණ කරුණු සරල බසින්

ප්‍රබන්ධ "නයිට් රයිඩර්" මෝටර් රථයට වඩා සැබෑ මෝටර් රථයක් ටෙස්ලා සමාගම නිපදවයි.
තාක්ෂණික නවෝත්පාදන

ප්‍රබන්ධ "නයිට් රයිඩර්" මෝටර් රථයට වඩා සැබෑ මෝටර් රථයක් ටෙස්ලා සමාගම නිපදවයි.

ඉලොන් මස්ක් මහතාගේ "ස්පේස් එක්ස් (Space X)" සමාගමට අයිති අනුබද්ධ සමාගමක් වන "ටෙස්ලා (Tesla)" විදුලි මෝටර්රථ නිශ්පාදන සමාගම විසින් ආසන දෙකකින් සමන්විත (Tesla Roadster) නව පරපුරේ මෝටර් රථයේ මූලාකෘතියක් ලොවට එළිදක්වන ලදි. කෙටි දුරක් පියාසර කිරීමට සහ මුණින් අතට ගමන් කිරීමේ හැකියාව ඇති පරිදි තනා ඇති මෙම මෝටර් රථය, 2026 ඔක්තෝබර් මස 15 දින, ටෙක්සාස්හි පිහිටා ඇති SpaceX පරීක්ෂණ මධ්‍යස්ථානයේදී මෝටර් රථයේ හැකියාවන් පෙන්වා දෙන ලද්දේ පැමින සිටි පිරිස මවිත කරමිනි. මෙම ටෙස්ලා "රෝඩ්ස්ටර්" මෝටර් රථය නරඹනවිට ක්‍ෂණිකව සිහියට නැගෙන්නේ අප කුඩා කල නැරඹූ "නයිට් රයිඩර්" රූපවහිනී කථා මාලාවයි.

කුඩා කල නැරඹූ "නයිට් රයිඩර්" විශේෂ හැකියාවන් ගෙන් යුත් තාක්ෂණික ප්‍රබන්ධ මෝටර් රථය.

අධි තාක්ෂණික මෙවලම් භාවිතා කරන මෝටර් රථයක් මෙන්, තාක්ෂණික ප්‍රබන්ධ මත පදනම්ව 1982 -1986 කාලය තුල රූප ගත කර තිබූ එම කතා මාලාව සෑම රසිකයෙක්වම, අනාගත දියුණු ලොවකට ගෙන ගියහ. එම කතා මාලාවේ රොබෝ මෝටර් රථය "කිට් (Kitt)" ලෙස නම් කර තිබූ අතර එය සිනමා තිරයේ විශේශ හැකියාවන් ගෙන් යුත් මෝටර් රථයක් වූ නමුත්, එම කාලයේ තිබුන තාක්ෂණය, "කිට්" වැනි මෝටර්රථයක් තැනීමට දියුණු තත්වයක නොතිබුනි. සැබෑ ජීවිතයේ කිට් සාමාන්‍ය අලංකාර මෝටර් රථයක් පමනි. "කිට්" මෝටර් රථයට සිනමා තිරයේ තිබූ විශේශ හැකියාවන් සලකා බැලූ විට එයට, කථා කිරීමේ හැකියාව, නියමුවා රහිතව ධාවනය කිරීමේ හැකියාව, නියමිත ස්ථානයකට ගෙන්වාගැනීමේ හැකියාව, ස්මාර්ට් ඔර්ලොසුවක් ආධාරයෙන් මෝටර් රථය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව, ගුවනින් ඉදිරියට පැනීමේ හැකියාව, දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව, අවදානම් තක්සේරුව, කළමනාකරණය සහ වැළැක්වීමේ හැකියාව ඒ අතර වේ.

එදා සිහිනයක් වූ දියුණු ලොව අද උදා වී ඇත. වර්ථමානයේ එම හැකියාවන්ගෙන් යුත් මෝටර් රථ පවතින නමුත් එම හැකියාවන් ඒකාබද්ද වූ එක් මෝටර් රථයක් මේ වන විටත් තනා නොමැත. එයට හේතුව තාක්ෂණික සීමාවන් නොව, එවැනි මෝටර් රථයක්, එහි නිශ්පාදන සහ නඩත්තු පිරිවැයත් සමඟ කිසිවෙකුට අවශ්‍යය නොවීමයි.

නමුත්, එක් එක් විශේෂ හැකියාවන් මේ වන විටත් නොයෙක් මෝටර් රථ සඳහා යොදා ගැනේ. නියමුවන් රහිත මෝටර් රථ නිපදවීමට සමාගම් කීපයක් ආරම්භ කල අතර ගූගල් ආයතනය, රුසියානු "යන්ඩෙක්ස්" ආයතනය, චීන සමාගම් කිහිපයක් සහ ටෙසලා විද්‍යුත් වාහන නිපදවීමේ සමාගම් මේ අතර වේ. "ගූගල්" හා "ටෙස්ලා" සමාගමේ තාක්ෂණික විශේෂඥයින් එකව තනා ඇති නියමුවන් රහිත ටෙස්ලා විද්‍යුත් රථ වාහන අද ඇමෙරිකා එක්සත් ජනපදයේ නියමුවන් රහිතව ස්වයංක්‍රීයව ධාවනය වන බව අප සියලු දෙනා දනිමු. එපමනක් නොව චීනයේ තාක්ෂණික විශේෂඥයින් විසින් නිපදවන ලද නියමුවන් රහිත රථවාහන පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා අතරම වෙනත් ප්‍රවාහන සේවා සඳහා නියමුවන් රහිත ධාවන තාක්ෂණය, ඉතා වේගයෙන් තව තවත් දියුණු වෙමින් පවතී.

"ටෙස්ලා රෝඩ්ස්ටර් (Tesla Roadster)" කෙටි දුරක් පියාසර කරන "ටෙස්ලා" මෝටර් රථය

පැයට කි.මී. 370 km/h ඉක්මවා යාමට සැලසුම් කර ඇති ටෙස්ලා රෝඩ්ස්ටර් මෝටර් රථය වේගය 0 km/h සිට පැයට කි.මී 100 km/h ඉක්මවීමට ගත වන අවම කාලය තත්පර 1 කි. මෙම විද්‍යුත් මෝටර් රථයේ ඇති මෝටර ගනන 2ක් වන අතර එමගින් ලැබෙන බලය මෙගාවොට් 1 ක් මෙන්ම මෝටර මගින් නිව්ටන් මීටර 1400Nm ක ටෝර්ක් එකක් හෙවත් ව්‍යවර්ථයක්, එනම් කරකැවීමේ බලයක් ලබා දේ. එම මෝටර දෙක මගින්, රෝද හතරම හෝ පසුපස රෝද දෙක පමණක් සක්‍රීයව ධාවනය කල හැක. 4680-Cell බැටරිය, 15% සිට 80%ක් දක්වා ආරෝපණය වීමට ගතවන කාලය විනාඩි 10ක් තරම් වූ වේගවත් ආරෝපණ හැකියාවෙන් යුක්තය. එම එක් 100% ආරෝපනයක් සහිතව ගමන් කල හැකි උපරිම දුර සැතපුම් 300ක්, එනම් කි.මී. 483 km වේ.

මෙම ලොවට එළිදක්වන ලද, අවශ්‍යය අවස්ථා වලදී කෙටි දුරක් පියාසර කරන, ටෙස්ලා රෝඩ්ස්ටර් මෝටර් රථය, මූලාකෘතියක් වූ අතර එය ස්පේස් එක්ස් සමාගම සතුව ඇති අභ්‍යාවකාශ යානා තැනීමේ තාක්ෂණය උපයොගී කර ගනිමින් තනා ඇති මෙම මෝටර් රථය කෙටි දුරක් පියාසර කිරීමට / පැනීමට කුඩා රොකට් තෙරපුම් යන්ත්‍ර (Rocket Thrusters) 10 යොදාගනී. විශේෂත්වය වන්නේ එම කුඩා රොකට් යන්ත්‍ර ඉන්ධන භාවිතා නොකිරීමයි. එම රොකට් යන්ත්‍ර ක්‍රියාත්මක වන්නේ මෝටර් රථය තුල සවි කර ඇති සම්පීඩනය කල වාතය ගබඩා කර ඇති ටැංකියක් උපයෝගී කර ගනිමිනි. ඉතා සවිමත් නවීන මාදිලියේ කාබන් තන්තු වලින් තනා ඇති මෙම ටැංකිය අධික පීඩනයට ඔරොත්තුදෙන අතර එම ටැංකිය තුල ද්‍රව වාතය ලීටර 600L ක් පමන අඩංගු වන එහි බර කි.ග්‍රෑ. 250kg කි. රොකට් යන්ත්‍ර වල ඇති තුණ්ඩ (nozzles) හෙවත් පුනීලයක් වැනි ව්‍යුහ ඔස්සේ කුඩා සිදුරක් හරහා ක්‍ෂණිකව එම ගබඩා කර ඇති වාතය පිට කිරීමේදී ඇතිවන තෙරපුම් බලය මගින් මෝටර් රථයට පැනීමට සහ ගුවනේදී උපමාරු දැමීමට උපකාරී වේ.

මෙම මෝටර් රථයට එම හැකියාව ලබා දුන්නේ, අභ්‍යාවකාශ යානා වල උපමාරු දැමීමට භාවිතා කරන ප්‍රචාලන පද්ධතියක් වෙනස් කර භාවිතා කිරීමෙනි. එනම් ස්ටාර් ශිප් යානය, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යාස්ථානය මෙන්ම සියළුම යානා උපමාරු දැමීමට ප්‍රචාලන පද්ධතියක් අඩංගු වේ. එම ප්‍රචාලන පද්ධති බොහෝ අවස්ථාවල නිශ්ක්‍රීය වායුවක් අඩංගු වේ. නමුත්, පොලොවේ ඉන්න අපට වඩාත් ලබදායී පහසුම ක්‍රමය සාමාන්‍ය වායුගෝලයේ වාතය භාවිතා කිරීමයි.

ටෙස්ලා රෝඩ්ස්ටර් පලමු මෝටර් රථය තනා අවසන් වූ වහාම එය, ෆැල්කන් හෙවි රොකට් යානය මගින් අභ්යවකාශ ගතකරන ලදි. එයට හේතුව, මෙම මෝටර් රථය පැනීමට සහ කෙටි දුරක් පියාසර කිරීමට භාවිතා කරන ප්‍රචාලන පද්ධතිය පරීක්ෂා කිරීමට පහසුම ස්ථානය අභ්‍යාවකාශයයි. පොළොවේ එය පරීක්ෂා කිරීමට විශේෂ වේදිකාවක් අවශ්‍යය වන අතර, ස්පේස් එක්ස් සඳහා වඩා ලාබදායී ක්‍රමය වන්නේ අභ්‍යාවකාශයට යන වෙලාවක මෙම රථයද සූර්යයා ගේ කක්ෂයකට යොමු කිරීමයි. එයට හේතුව, මෝටර් රථය ආපසු ගෙන ඒම වියදම් අධික වනවා මෙන්ම පෘතුවියට කඩාවැටීමට සැලස් වීමට වඩා අභ්‍යාවකාශයේ වසර ගණනාවක් හුදකලා කිරීම යෝග්‍යය වන නිසයි. මෝටර් රථයේ තනියට "ස්ටාර්මන්" ලෙස නම් කෙරූ අභ්‍යවකාශ ඇඳුමක් පළඳවා ඇති ප්ලාස්ටික් පිළිරුවක් රියදුරු ආසන්නයේ වාඩි කරවා ඇත. 2018 පෙබරවාරි මස අභ්‍යාවකාශ ගතකල එය මේ වන විට එය සූර්යයා ට සාපේක්ෂ කක්ශයේ, පෘතුවියේ සිට කි.මී. මිලියන 99ක දුරකින් සූර්යයා දෙසට පාවෙමින් පවතී. 2035 වන විට එය අඟහරු ග්‍රහයා පසු කරන අතර යම් දිනක එය සූර්යයා දෙසට ඇදී පිලිස්සී යයි.

කෙසේ වෙතත් එසේ අභ්‍යාවකාශයට යොමුකල මෙම මෝටර් රථයට සවිකර ඇති, ප්‍රචාලන පද්ධතිය නිසි පරිදි පරීක්ෂා කිරීමෙන් පසුව නියමිත ක්‍රමාංකනය සක්සා එම දත්ත, මෝටර් රථය සමග සන්නිවේදන තාක්ෂණ ක්‍රම මගින් ලබාගෙන, ඇල්ගොරිත්ම සකසා, අනගත ප්‍රචාලන පද්ධති වල පරිගණක වලට ලබාදීම මගින් වඩාත් නිරවද්‍යතාවයකින් යුත් පද්ධතියක් නිර්මානය කර ඇත.

මෙම මෝටර් රථය එළිදැක්වීමේ වීඩියෝ පටයේ ඉන්ධන භාවිතා කර ඇති බව පෙනෙන්නට තිබේ. නමුත්, මෙම වර්ගයේ මෝටර් රථ මාලාවක් නිෂ්පාදනය කරනවිට වාතය යොදා ගැනීමට සලසුම් කර ඇති බව පෙනෙන්නට ඇත.

සම්පීඩනය කල වාතය ගබඩා කර ඇති ටැංකිය අවසන් වූ පසු එය නැවත පිරවිය යුතුය. වායු ටැංකිය පිරවීම ක්‍රම දෙකකට සිදුකල හැකිය. ඉන් එක් ක්‍රමයක් වන්නේ මෝටර් රථයේ ප්‍රධාන බැටරියෙන් බල ගැන්වෙන අභ්‍යන්තර විදුලි සම්පීඩකය (electric compressor) ආධාරයෙන් වායු ටැංකි නැවත පිරවීම හෝ අනෙක් ක්‍රමය ටැංකිය පිරවීමට සම්පීඩනය කල සාමාන්‍ය වායුගෝලයේ වාතය, ඉතා ලාබදායී වන නිසා පාරිභෝගිකයාට එය පහසුවෙන් ලබාගත හැකිය. මෙම වාතය ආධාරයෙන් මෝටර් රථය පැනීමේදී වාතය ප්‍රමාණවත් වන්නේ තත්පර 5 - 11 sec. තරම් වූ කෙටි කාලයකට පමනි. නමුත් එම කාලය අනතුරක් මගහැර යාමට ඉතාමත්ම ප්‍රමාණවත් වේ.

මෙම මෝටර් රථයේ කෙටි දුර පැනීම කුමක් සඳහා උපයොගී කර ගත හැකිද? හදිසි අවස්ථාවකදී අනතුරක් මග හැරීමට, මාරගයෙන් ඉවතට ගොස් කුඩා ප්‍රපාතයකට වැටීමේදී නිරුපද්‍රිතව අනතුරෙන් බේරීමට, මෝටර් රථය ධාවනය වෙමින් පවතින විට අනපේක්ෂිත මාර්ග බාධකයක් මගහැර යාමට, අනපේක්ෂිත ලෙස මඩ සහිත හෝ අයිස් සහිත මාර්ගයක සිරවී ඇත විට එයින් මිදීමට, අයිස් සහිත මාර්ගයක ලිස්සා යනවිට එයින් ආරක්ෂා වී මෝටර් රථය නිසි මාරගයට යොමු කිරිමට එය ඉතා වැදගත් මෙවලමකි.

මෙම මෝටර් රථයේ ඊලග විශේෂත්වය වන්නේ ඉහල පෘශ්ඨයක් මත මුණින් අතට ධාවනය හෝ නවතා තැබීමේ හැකියාවයි. එනම් උමන් මාර්ගයක ඉහල පෘශ්ඨයක්, එනම් එහි සිවිලිමේ මුණින් අතට මෝටර් රථය ගම්න් කිරීම හෝ නවතා තැබීම සිදුකල හැකිය. මෙම ටෙස්ලා රෝඩ්ස්ටර් මෝටර්රථය එසේ ගමන් කරන්නේ එහි පතුල මත සවිකර ඇති ඉතා වේගයෙන් කැරකෙන විදුලි පංකා චූෂණ පද්ධතියක් ආදාරයෙන් චැසිය යට ඇති වාතය උරාගෙන අඩු පීඩනයක් ඇති කර, එම හේතුවෙන් පහලට ඇති ගුරුත්ව බලයට වඩා දෙගුණයක්, එම උරාගැනීමේ බලය මගින් ඉහලට බලය ක්‍රියා කර මෝටර් රථය ඉහල පෘශ්ඨයක් මත ඇලී සිටීමට හෝ මුණින් අතට ගමන් කිරීමට හැකියාව ලබා දෙයි.

එම නිසා එම බලය උපයෝගී කර ගනිමින්, සීත ශීත ඍතුවේ අයිස් බැදී ඇති ලෙස්සන මාර්ගයක, මාර්ගය ග්‍රහණය කිරීමේ හැකියාව වැඩි කල හැකි අතර උමන් මාර්ගයක අනතුරක් මගහැර යාමට උපමාරු දැමීමට ප්‍රයෝජනවත් වේ. එපමනක් නොව යුරෝපයේ නාගරික ඉතාමත් පටු මාර්ගයක මාර්ගය අවහිර වූ විට, සිරස් බිත්තියක මත ගමන් කිරීම තුලින් බාධකය මගහැර යා හැකිය. මෙම මෝටර් රථය ජේම්ස් බොන්ඩ්ගේ මීලඟ මෝටර් රථය විය හැකිය.

 

තවකෙනෙකුට Share කරන්න:
තාක්ෂණික නවෝත්පාදන : ඛාණ්ඩයේ පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්