චීනයේ බීජිං නුවර පිහිටි තුන්වන විශාලතම රෝහල වන මහජන විමුක්ති හමුදා මහ රෝහල (People's Liberation Army General Hospital) තුල, රෝහල්ගතව සිටි රෝගියෙකුගේ, ශල්‍යකර්මයක් වන Partial Prostatectomy ශල්‍යකර්මය, අති නවීන තාක්ෂණික උපකරණ (surgical console) භාවිතා කර, ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා වන මහාචාර්ය ෂැං ක්ෂූ මහතා ඉතාලියේ, රෝමයේ සිට (එනම් කි.මී. 8000km ක දුර සිට) ශල්‍යකර්මය සිදුකරන ලදි. ඉතාලියේ පැවති සම්මන්ත්‍රණයකදී සජීවී සැත්කම සිදු කළ අතර රෝගියාගේ පුරස්ථි ග්‍රන්ථියෙන් හානි වූ කුඩා කොටසක් ඉවත් කිරීමේ සියුම් කාර්යය ඉටුකල අතර ශල්‍යඋපකරණය (කොන්සෝලය) සහ ශල්‍ය රොබෝයන්ත්‍රය අතර අතර පරතරය කි.මී 8000km විය. එම ශල්‍යකර්මය ඔප්ටිකල් ෆයිබර් ජාලය ඔස්සේ, බොහෝවිට වෙන් කරන ලද අන්තර්ජාලයේ මාර්ගයක් ඔස්සේ දුරස්ථව රොබෝ අත් මෙහෙයවීම මගින් සිදුකලහ.
මෙවැනි දුරස්ථ සැත්කම් සිදුකිරීම සඳහා ශල්‍යකර්මය සිදුකරන යන්ත්‍ර දෙක අතර සන්නිවේදනයේ ප්‍රමාදය විවිධ වෛද්‍ය අධ්‍යයනයන් මගින් යෝජනා කරන ලද ප්‍රමිතිය වන මිලි තත්පර 200 වඩා අඩු විය යුතුය. මෙම සැත්කම සිදුකරන විට සන්නිවේදනයේ ප්‍රමාදය මිලි තත්පර 135ක්ව තිබූ අතර එය ඉතා හොඳ සන්නිවේදනයක් පවත්වා ගත හැකි විය. ඔප්ටිකල් ෆයිබර් ජාලයට අමතරව ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාලය ඔස්සේද මෙවැනි දුරස්ථ සැත්කම් සිදුකල හැකි අතර චන්ද්‍රිකා දෙකක්වත් සැමවිටම එම ප්‍රදේශය ආවරණය කලයුතුය. එනම්, කක්‍ෂගතකර ඇති ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 15000-20000 ඉක්මවිය යුතුය. එවැනි සැත්කමක් දුරස්ථව සිදුකරන ප්‍රථම අවස්ථාව වන නිසා උපස්ථ (අතිරේක) ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් රෝගියා සිටින ශල්‍යාගාරය තුල විමසිල්ලෙන් බලාසිටින අතරම යම් අයුරින් ගැටළු සහගත තත්වයක් උදාවුවහොත් එම වෛද්‍යවරු කණ්ඩායම විසින් එම ශල්‍යකර්මය නිම කිරීමට සූදානමින් සිටියහ.
මෙවැනි ටෙලිසර්ජරි (Telesurgery) හෙවත් දුරස්ථ සැත්කම්, ශල්‍යකර්ම ක්‍රමය අනාගතයේ ඉතා වැදගත් වන අතර එක් රටක විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් පහසුකම් ඇති තම රෝහලේ සිට, තවත් රටක ශල්‍යකර්මයක් සිදුකිරීමටත්, රටවල දුරස්ථ ගම්බද ප්‍රදේශවල උසස් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටත්, යුධ පිටියේ සොල්දාදුවන්ගේ සැත්කම් දුර සිට සිදුකිරීමටත්, එමෙන්ම, සාගරයේ ගමන්කරන නැව් වල ගමන්කරන පුද්ගලයින්ගේ හදිසි ප්‍රතිකාර වලදී වෛද්‍යවරයාට සහයවීමට, මාසගානක් දිය යට ගමන් කරන න්‍යෂ්ටික යුද සබ්මැරීන වල වෛද්‍යවරයාට සහයවීමට, ලොව ඉතාමත් හුදෙකලා වූ ප්‍රදේශවල සේවය කරන සහ ජීවත්වන පුද්ගලයින්හට හදිසි ප්‍රතිකාර කිරීමටත්, එම යන්ත්‍ර කෘතිම බුද්ධිය තාක්ෂණය අන්තර්ගත කිරීම තුළින් ශල්‍යකර්ම ස්වයංක්‍රීයව සිදුකිරීමටත්, අභ්‍යාවකාශයේ අඟහරු ග්‍රහයා වෙත ගමන් කරන හෝ චන්ද්‍රයා මත තැනීමට නියමිත කඳවුරේ සිටින ගගනගාමීන් ගේ ශල්‍යකර්ම සිදුකිරීමටත් ඉතා වැදගත් වේ.
එපමනක් නොව මෙවැනි ශල්‍යකර්ම සිදුකරන ක්‍රමය සැබෑ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගැනීමට හැකි වී ඇත්තේ නවීන තාක්ෂණයේ දියුණුව නිසයි. එනම්, ඔප්ටිකල් ෆයිබර් හෙවත් ලේසර් ආලෝක තන්තු ඔස්සේ, ප්‍රමාදයෙන් තොර අධිවේගයෙන් දත්ත ගමන් කිරීමේ හැකියාව සහ වේගයෙන් දියුණු වන නවීන රොබොටික් ශල්‍යකර්ම උපකරණ ඔප්ටිකල් ෆයිබර් ජාලය ඔස්සේ සම්භන්ද කිරීම මගින් ප්‍රමාදයකින් තොරව ශල්‍ය වෛද්‍යවරයා විසින් ප්‍රධාන කොන්සෝලයේ සිදුකරන චලන, රෝගියා තබා ඇති රොබෝ යන්ත්‍රය වෙත ලබාදීමේ හැකියාව නිසාය. උදාහරණයක් ලෙස "මෙඩ්බොට් (MedBot)" සහ "ඩාවින්චි (Da vinci - Surgical System)" ශල්‍යකර්ම සිදු කිරීමේ රොබෝ යන්ත්‍රය දැක්විය හැකි අතර මේ වන විට එම යන්ත්‍ර 5 වන පරම්පරාවේ (5th GEN) පවතින අතරම නොදුරු අනාගතයේ කෘතිම බුද්ධිය තාක්ෂණය අන්තර්ගත කිරීම තුළින් ස්වයංක්‍රීයව ශල්‍යකර්ම සිදුකිරීමට සකස් කරනු ඇත. 2026 අගෝස්තු මස මුල්භාගය වනවිට, 5 වන පරම්පරාවේ පවතින යන්ත්‍ර කෘතිම බුද්ධිය තාක්ෂණය අඩංගු කර ඇති නමුත් එය ශල්‍ය වෛද්‍යවරයාට තොරතුරු සහාය ලබාදෙනවා පමණි.
ඊට අමතරව, එම යන්ත්‍රය මගින් සියුම් දේ කිරීමට ස්වයංක්‍රීයකරනය කර ඇති නමුත් මිනිසාගේ ශරීරය තුල යමක් කිරීමට අනුමැතිය නොමැත. එවැනි අනුමැතියක් ලබාගැනීමට හැකිවන්නේ 100% ක්ම රෝගියාගේ ආරක්‍ෂාව තහවුරු කල හැකි වූ විටය. සමහර රටවල සතුන් ගේ කුඩා ශල්‍යකර්ම දැනටමත් ස්වයංක්‍රීයව සිදුකිරීම පරීක්ෂණාගාර තුල සිදුකරනු ලැබේ.
රොබෝ සැත්කම් පද්ධති නවීන වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන ඉදිරි පිම්මක් නියෝජනය කරන අතර, ශල්‍යකර්ම ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරයි. එමෙන්ම, ශල්‍යකර්ම ක්‍රියා පටිපාටිවල නිරවද්‍යතාවය ඉහළ නැංවීම සඳහා මෙම පද්ධති නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් - ඉතා පැහැදිලි දෘශ්‍යකරණය, ඉංජිනේරු සහ පරිගණක විද්‍යාව ඒකාබද්ධ කර තනා ඇති මෙවැනි රොබෝ සැත්කම් පද්ධති නිසා ශල්‍යකර්ම ක්ෂේත්‍රය වේගයෙන් වෙනස් වෙමින් පවතී. මෙම තාක්ෂණය තවදුරටත් වර්ධනය වුවහොත්, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ට යම් දිනක ලෝකයේ ඕනෑම තැනක රෝගීන්ට සැත්කම් කළ හැකිය. ශල්‍ය වෛද්‍යවරයෙකු වෙනුවට භාවිතා කිරීමට වඩා, මෙම රොබෝ සැත්කම් පද්ධති දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සම්පූර්ණයෙන්ම පාලනය කරන විට යන්ත්‍රයේ හැකියාවන් තවත් පුළුල් කරමින් ඒකාබද්ධ පද්ධතියක් ලෙස ක්‍රියාකරයි.
මෙම රොබෝ ශල්‍යකර්ම පද්ධතිය ප්‍රධාන මොඩුයුල තුනකින් සමන්විත වන අතර ඒවා එකිනෙක සමග අන්තර්සම්භන්දතාවය පවත්වා ගැනීම තුලින් එකම පද්ධතියක් ලෙස ක්‍රියා කරයි. එම මොඩුයුල තුනට අයත් වන්නේ:
මෙම රොබෝ ශල්‍යකර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවම වශයෙන් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම ප්‍රධාන පුද්ගලයින් 4 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. ශල්‍ය වෛද්‍යවරයා (Surgeon), ශල්‍යකර්ම සහායක (Surgical Assistant), ශල්‍යකර්ම පද්ධතියේ කාර්මික (Surgical Technician) සහ සංසරණ හෙදිය (Circulating Nurse) වන අතර ශල්‍යකර්මයක් කිරීම සඳහා අමතරව නිර්වින්දන වෛද්‍යවරයා (anesthesiologist) ඇතුලුව වෛද්‍ය කාර්ය මණ්ඩලය මීට ඇතුලත් වේ.
ශල්‍ය වෛද්‍යවරයා විසින් මෙම රොබෝ ශල්‍යකර්ම පද්ධතියේ ප්‍රධාන කොන්සෝලය පාලනය කරන අතර එහි වූ ඉතාමත්ම පැහැදිලි ත්‍රිමාණ වීඩියෝකරණ තාක්ෂණය මගින් රෝගියාගේ ශල්‍යකර්මය සිදුකරන ප්‍රදේශය හොදින් පෙනෙන අතර ශල්‍ය වෛද්‍යවරයා විසින් සිදුකරන සියළුම ක්‍රියාවන් මෙහි වූ රොබෝ අත් හසුරුවන පද්ධතිය මගින් සිදු කරයි. එම පද්ධතියේ ඇති උපාංග ශල්‍ය වෛද්‍යවරයා විසින් අතින් සහ ඇගිලි වලින් ක්‍රමානුකූලව සියුම්ව චලනය කරන විට ඊට අනුකූලව, එයට සම්භන්ද කර ඇති රොබෝයන්ත්‍රය මත වූ රොබෝඅත් චලනය වේ. රෝගියා තබා ඇති ඇඳ අසල ඇති රොබෝ අත් කිහිපයක් සහිත මෙම රොබෝයන්ත්‍රය ප්‍රභල පරිඝණකයකින් සම්න්වීත වන අතර ශල්‍ය වෛද්‍යවරයා විසින් කරන සියලුම හැසිරවීම් ඉතාමත් නිරවද්‍ය ලෙස ගනණයකර ඊට අනුකූලව රොබෝ අත් සහ ඊට සම්භන්ද කර ඇති ශල්‍යකර්ම මෙවලම් චලනය/පාලනය කිරීම සිදු කරයි. එපමණක් නොව ප්‍රධාන කොන්සෝලය ද ප්‍රභල පරිඝණකයක් අඩංගුවන අතර ශල්‍ය වෛද්‍යවරයා විසින් සිදුකරන සියලුම ක්‍රියාවන් විධාන සහ කාල මුද්‍රා සහිත ඛණ්ඩාංක (XYZ) බවට පත්කර රොබෝයන්ත්‍රය වෙත යවනු ලැබේ.
රොබෝ ශල්‍යකර්ම පද්ධතියේ ඇති මෙම යන්ත්‍ර 3 වෙනවෙනම ඇති මොඩුයල වන අතර ශල්‍යාගාරය තුල වුවද පරිඝණක ජාල ප්‍රෝටකෝලය මගින් එකිනෙකට සම්භන්ද වේ. එම නිසා මෙම ප්‍රධාන මොඩුයුල දෙක වන ප්‍රධාන කොන්සෝලය සහ රොබෝයන්ත්‍රය අතර පරතරය කුමක් වුවත් සන්නිවේදනය ඉතා වේගයෙන් සිදුවන්නේ නම්, ශල්‍ය වෛද්‍යවරයා ශල්‍යාගාරය තුල සිටින්නා මෙන් එනම් ප්‍රධාන කොන්සොලය ශල්‍යාගාරය තුල තිබෙන්නා මෙන් කිසිම වෙනසක් නොමැතිව මෙම පද්ධතිය ක්‍රියාත්මක වේ. එම නිසා දැනට ඇති වේගවත්ම සන්නිවේදන ජාලයක් වන ඔප්ටිකල් ෆයිබර් (optical fiber) ජාලයක් ඔස්සේ හෝ රැහැන් රහිත 5G/6G සන්නිවේදන ජාලයක් ඔස්සේ හෝ ස්ටාර්ලින්ක් (< 100ms Low Latency) චන්ද්‍රිකා ජාලය ඔස්සේ මෙම රොබෝටික් සැත්කම් පද්ධතිය දුරස්ථව ක්‍රියාත්මක කල හැකිය. කෙසේ වෙතත්, කෙටියෙන් පැහැදිලි කලහොත් සිදුවන්නේ ප්‍රධාන කොන්සෝලය තුල සිදුවන සියල්ල (manipulator), රොබෝයන්ත්‍රය තුල "අවතාර් (Avatar)" කරනයට ලක්වේ.
ශල්‍යකර්ම සහායක විසින් ජීවානුහරණය කල ශල්‍ය මෙවලම් ශල්‍ය වෛද්‍යවරයාට අවශ්‍යය පරිදි මාරුකිරීම සිදුකිරීම ප්‍රධාන කාර්ය වන අතර සැත්කම සිදුවන අවදියේ චූෂණ ක්‍රියාවලිය මගින් වැගිරිනු රුධිරය, කපා ඉවත් කල පටක කොටස්, විශබීජහරණය සඳහා සැත්කම සිදුවන පටක වෙතට යොදන ලද ද්‍රාවණ ඉවත් කිරයි. එමෙන්ම නව සේලයින් ද්‍රාවණ (NSaline) හෝ විෂබීජ නාශක (Antiseptic) ද්‍රාවණ යොදා එම ක්‍රියාවලිය පවත්වා ගනී. එයට හේතුව බොහෝ අවස්තා වල සැත්කම සිදුවන්නේ ඉතාමත්ම කුඩා සිදුරක් හරහා වන නිසාත්, රෝගියාගේ ශරීරයේ සැත්කම සිදුකරන ස්ථානය දෙස බලන්නේ රොබෝ අත් වල වූ කැමරා වලින් වන නිසා එම ස්ථානය ඉතා පිරිසුදු වියයුතුය.
ශල්‍යකර්ම පද්ධතියේ කාර්මික විසින් රොබෝ ශල්‍යකර්ම පද්ධතිය සූදානම් කිරීම, ජීවානුහරණය කල ශල්‍යකර්ම මෙවලම් / උපකරණ කළමනාකරණය කිරීම සහ ඔහු විසින් ශල්‍යකර්ම සහායක වරයාට, ශල්‍යකර්ම මෙවලම් ලබාදෙන අතර ඒවා නියමිත ස්ථානයට සවිකිරීමට උපදෙස් ලබාදෙයි.
සංසරණ හෙදිය විසින් විෂබීජහරණය නොකළ කාමර රාජකාරි වන, දත්ත දර්ශන පුවරුව පාලනය කිරීම, තිරයේ ස්පර්ශ මෙනු එක කළමනාකරණය කිරීම, රෝගියා ස්ථානගත කිරීම සහ පද්ධතියේ විදුලිබලය ලබාදීම සඳහා සහාය වේ.
රොබෝ සැත්කම් පද්ධති මගින් රෝගීන්ට ප්‍රධාන වාසි ලබා දෙන්නේ ඉහළ නිරවද්‍යතාවයකින් අවම කුඩා කැපුම් තුලුන් සැත්කම සිදුකරන නිසා, සාම්ප්‍රදායික විවෘත සැත්කම් හා සසඳන විට රෝගීන්ගේ අඩු රුධිර වහනය, අඩු ආසාදන අවදානම, ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන වේදනාව අවම වීම, ඉතාමත්ම කෙටි රෝහල් ගතවී සිටීමේ කාලසීමාව සහ වේගවත් සුවය ලැබීම, ඉන් ප්‍රධාන තැනක් ගනී.
ශල්‍ය වෛද්‍යවරයා විසින් වඩා හොඳ නිරවද්‍යතාවයකින් යුතුව වඩාත් සංකීර්ණ සැත්කම් කළ හැකි අතර රොබෝ අත් මගින් ශල්‍ය වෛද්‍යවරයාගේ අත් චලනයන් ඇතිවන වැරදි නිරවද්‍ය කරයි. ශල්‍ය වෛද්‍යවරුන්ට වඩාත් සුවපහසු ස්ථානයක වැඩ කිරීමට ද ඉඩ සලසන අතර අති නවීන් තාක්ෂණික මෙවලම් මගින් සැත්කම් කිරීම පහසු කරයි. සාමාන්‍ය ශල්‍යකර්ම ක්‍රම වලට වඩා රෝගියාගේ ශල්‍යකර්මය කරන ස්ථානය විශාලනය කරන ලද ඉතා පැහැදිලි ත්‍රිමාණව පෙනීම, මෙන්ම රෝගියාගේ ශල්‍යකර්මය කරන ස්ථානයේ ගැඹුර ගෙන වබෝධය නිසා, වෙනත් ලැපරස්කොපික් ශල්‍යකර්ම හෙවත් උදරයේ කුඩා කැපුමක් හරහා කරන සැත්කම් වලට වඩා ශල්‍ය වෛද්‍යවරයාගේ අත් චලනයන් ඇතිවන වැරදි අඩුකරයි.
කොන්සෝලයේ ප්‍රධාන පාලක-චාලක මගින් ශල්‍ය වෛද්‍යවරයාගේ අතින්, මැණික් කටුවෙන් සහ ඇඟිලි වලින් කරන චලනයන් සුමටව රොබෝයන්ත්‍රයේ රොබෝ අත් සහ මෙවලම් වල ක්‍රියා බවට පරිවර්තනය කරයි. එම අවස්තාවේ යම් අයුරින් මහන්සිය නිසා අතේ වෙව්ලීමක් හෙවත් ට්‍රේමර් තත්වයක් ඇති වුවහොත් එම චලන රොබෝයන්ත්‍රය මගින් නොසලකා (Tremor Filtration) හැර ස්ථාවර පාලනය පවත්වාගෙන යනු ලැබේ.
එපමනක් නොව, ශල්‍ය වෛද්‍යවරයා විසින් කරන ලද චලන වල පරිමාණය (Motion Scaling Up/Down) අඩු සහ වැඩි කල හැකිය. එනම්, ශල්‍ය වෛද්‍යවරයා අතින් කරනු ලබන ලොකු චලන ශරීරය තුළ ක්ෂුද්‍ර පරිමාණයේ නිරවද්‍ය චලනයන් බවට පත් කර සංකීර්ණ ශල්‍යකර්ම ඉහළ නිරවද්‍යතාවයකින් සිදුකල හැකිය.
රොබෝයන්ත්‍රයේ බහු-සන්ධි රොබෝ අත් මගින් රෝගියාගේ ශරීරය තුල පහසුවෙන් ළඟා විය නොහැකි ස්ථාන වෙත ප්‍රවේශ වීම පහසු කරවන අතරම යන්ත්‍රයේ උපකරණ/මෙවලම්, ශල්‍ය වෛද්‍යවරයාගේ අතට වඩා සීමාවන් ඉක්මවා ගිය නැමෙනසුලු සහ අංශක 360 භ්‍රමණය වන බහු-සන්ධි උපකරණ/මෙවලම් මගින් ශල්‍ය වෛද්‍යවරයාගේ කාර්ය ඉතා පහසු කරවයි. ඒ සඳහා විවිද මෙවලම් මගින් සන්නද්ධ කල හැකි අන්තර්ක්‍රියාකාරී රොබෝ අත් තුනක් ඇති අතර එක් රොබෝ අතක් මගින් ඉතාපහැදිලි ත්‍රිමාණ වීඩියෝ දර්ශන ලබාදෙන කැමරාව අඩංගු කර ඇත.
ඒකාබද්ධ වූ තවත් උසස් තාක්ෂණයක් වන්නේ රොබෝ අත්වල ඇති මෙවලම් මගින් සියුම් පටක වලට යොදන භෞතික බලය මැනීමට සහ අඩු කිරීමට සංවේදක අඩංගු කර ඇති අතර ඒවා මගින් ලැබෙන සංඥා මගින් කොන්සෝලයේ චලන සීමාකරවයි. එය සියුම් පටක සහ අවයව වලට හානි නොවී ඉතා සියුම් ලෙස සැත්කම කිරීමට ඉඩසලසයි. එපමනක් නොව අති නවීන රොබෝයන්ත්‍ර වල අඩංගුකර ඇති උපකරන මගින් යම් අවයවයක හෝ පටකයක රුධිර ප්‍රවාහය, පටකයට ඔක්සිජන් සැපයුම, පෝෂ්‍ය පදාර්ථ සැපයුම සහ අපද්‍රව්‍ය ඉවත් වීම (පර්ෆියුෂන්) තත්‍ය කාලීනව නැරඹීමට හැකිවන අතර ඒ සදහා එම උපකරනය ආසන්න අධෝරක්ත කිරණ තාක්ෂණය භාවිතා කිරීමට තනා ඇත.