ලංකාවේ අයිඩීඑච් (NIID - National Institute of Infectious Diseases/IDH - Infectious Diseases Hospital) රෝහලේ සිදුව ඇති මරණ දෙකකට හේතුව ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නම් ඖෂධය භාවිතාවෙන් පසු ඇති වූ සංකූලතා කිහිපයක් නිසා බව වෛයිද්‍යයවරුන් විසින් අනාවරණය කිරීමෙන් පසුව, විවිධ වෛයිද්‍යයවරුන්, විද්වතුන් සහ දේශපාලනඥයන් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශ ජන මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
13.12.2025 සිට මේ ඖෂධය ලංකාවේ භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කළ බවත් අයිඩීඑච් රෝහලේ සිදුව ඇති මරණ දෙක ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය, පරීක්ෂණ සිදුකරන බවත්, මෙම ඖෂධයේ සංකූලතා ගැන ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රසායනාගාරවල පරීක්ෂණ සිදුකරගෙන යන බවත්, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගරු ඇමති වෛයිද්‍යය නලින්ද ජයතිස්ස මහතා විසින් පවසන ලදි.
මෙරටට ආනයනය කරන ලද ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය සහ වෙනත් ඖෂධ ගණනාවක් (10ක් පමන) නිශ්පාදනය කර අපනයනය කර ඇත්තේ ඉන්දියාවේ ස්ථාපිත "මාන් ෆාමසියුටිකල්ස්" නැමැති ඖෂධ සමාගම විසිනි.
2021 වසරේ කරන ලද ඇණවුමක් සහ 2024 ඇණවුමක් මත 2025දී ගෙනවන ලද මෙම ඖෂධ තොගයෙන් සාම්පල් හතරක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය ඇති බව නිවේදනය කරන ලදි. "මාන් ෆාමසියුටිකල්ස්" ඖෂධ සමාගමෙන් මෙරටට ආනයනය කරනු ලබන මතභේදයට තුඩුදුන් "ඔන්ඩන්සෙට්‍රෝන්" ඇතුළු එන්නත් වර්ග 10ක් මෙරට භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ඖෂධ නියාමන අධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.
මෙම සිද්දිය පිළිබඳව, මෙරට සෞඛ්‍ය බලධාරීන් "මාන් ෆාමසියුටිකල්ස්" සමාගම වෙත යවන ලද ලිපියට පිලිතුරු දෙමින්, මතභේදාත්මක ඖෂධ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් (තෙවන පාර්ශවයක් විසින්) පරීක්ෂා කරන ලෙස මෙරට සෞඛ්‍ය බලධාරීන් වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ සඳහා යන වියදම් දැරීමට සිය සමාගම සූදානම් බව ද අදාළ ලිපියෙන් ඔවුන් දැනුම් දී ඇති බව "අද දෙරණ" කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කර ඇත.
එමෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත, ජාතික ඖෂධ නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඊයේ දිනයේ (19.12.2025) ලිපියක් යොමු කරමින් "මාන් ෆාමසියුටිකල්ස්" ඉන්දීය සමාගම දැනුම් දී ඇති බව නිවේදනය විය.
"මාන් ෆාමසියුටිකල්ස්" ඖෂධ සමාගම විසින් ඖෂධ අපනයනය කරන රටවල්
මෙම ඔන්ඩන්සෙට්‍රෝන් (Ondansetron) ඖෂධය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් දෙදෙනෙකු මියගියා යැයි, මතභේදාත්මක සාක්ෂි ඉදිරිපත් කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ ජන මාද්‍ය තුල සිදු කිරීම යෝග්‍යය නොවේ.
හොඳම පිලිවෙත වන්නෙ තෙවන පාර්ශවයක් මගින්, එනම්, විදේශ රටක බලය ලත් (ජාත්‍යන්තර මට්ටමේ) රසායනාගාරයකින් පරීක්ෂා කර, ඖෂධය කුමන හෝ ද්‍රව්‍යකින් දූෂිතද යන්න තවුරු කර ගැනීමෙන් පසුව චෝදනා කිරීමයි. ඒ සඳහා යන වියදම් දැරීමට "මාන් ෆාමසියුටිකල්ස්" ඖෂධ සමාගම සූදානම් බව අදාළ ලිපියෙන් ඔවුන් දැනුම් දී ඇත. එමෙන්ම, ඖෂධය දූෂිත නම්, එම සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන දැඩි දඩ මුදලකට යටත් කිරීම. ගිවිසුම් සියල්ල වහාම අහෝසි කිරීම. වැනි ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මට්ටමේ ඖෂධ ගනුදෙනු වල සිදු වන්නකි.
ස්ථිර සාක්ෂි නොමැතිව විදේශ ආයතනයකට චෝදනා කිරීම මගින් එම ආයතනයේ කීර්ති නාමයට වන හානිය මෙන්ම ආයතනයේ ආදායමට එක හෙලා බලපාන හෙයින් ඔවුන් ප්‍රති-හිමිකම් පෑමක් ලෙස මෙරට චෝදනා ගොනුකල ආයතන වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන දැඩි දඩ මුදලකට යටත් කිරීමේ අවදානමක් ඇත. සහෝදර අසල්වැසි ඉන්දියාව මේ අවස්ථාවේ එසේ නොකරයි. නමුත් මේ අවස්තාවේ ඉතාමත් වගකීමෙන් කටයුතු කල යුතුය.
මෙරට, දැනට ඇති සාක්ෂි අනුව, මෙම රෝගීන් මියගොස් ඇත්තේ යම් ද්‍රවයකින් දූෂිත වී ඇති ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතාවෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් බව මෙරට සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කිරීමෙන් පසුව, දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ අපදා තත්වයෙන් මිදීම සඳහා ඉන්දීය අධාර ලෙස මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක මුදලක් ලබාදෙන ලදි. එම නිසා තව දුරටත් සාවද්‍ය ප්‍රකාශ වලින් වැළකී, විදේශ රටක ස්ථාපිත, බලයලත් තෙවන පාර්ශව රසායනාගාරයක් විසින් පරීක්ෂා කර ඔවුන්ගේ නිගමනය මගින් ඖෂධයේ ආරක්‍ෂාව තහවුරු කර ගැනීමෙන් පසුව, මෙම ආයතනයෙන් ගෙන්වන ලද ඖෂධ නැවත ලංකාවේ භාවිතය සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට පත්කල හැකිය.
මෙරට, දැනට ඇති සාක්ෂි සලකා බැලූ විට, ඇත්ත වශයෙන්ම, රෝගීන් මියගොස් ඇත්තේ, නිශ්පාදන අවධියේදී ඔන්ඩන්සෙට්‍රෝන් (Ondansetron) ඖෂධය බැක්ටීරියා වලින් දූෂිත වීම නිසා නොවේ. විස්තරාත්මකව පැහැදිලි කිරීම පහත දක්වා ඇත.
ඔන්ඩන්සෙට්රෝන් යනු ඔක්කාරය හා වමනය වැළැක්වීම (antiemetic) සඳහා ප්‍රතිකාර කිරීමෙදී භාවිතා කරන ඖෂධයකි. වෛයිද්‍යයවරුන් මධ්‍යස්ථ අසාධ්‍ය රෝගීන්, සහ අසාධ්‍ය රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි. උදාහරනයක් ලෙස පිළිකා රෝගීන්ගේ රසායනික චිකිත්සාව කරන අවදියේ, මෙන්ම විකිරණ චිකිත්සාවට පෙර හා පසු. රෝගීන් ශල්‍යකර්ම යකට පසු නිර්වින්දන ඖෂධ හේතුවෙන් ඇතිවන ඔක්කාරය වැලැක්වීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගනී. ඊට අමතරව වෙනත් අවස්ථා වලදීද ඔක්කාරය හා වමනය වැළැක්වීම සඳහා ප්‍රතිකාරය ලෙස මෙම ඖෂධය භාවිතා කරන අතර වෛයිද්‍යයවරයා විසින් අවදානම් සාධක සලකාබලා ඒවා තුලිත කිරීම තුළින් නිර්දේශ කරයි.
ඔක්කාරය හා වමනය අප ශරීරයේ ආරක්ෂාවට ඇති ප්‍රතීක (reflex) ක්‍රියාවකි. ආහාර මාර්ගයේ යම් අහිතකර ද්‍රව්‍යයක් ඇති විට එයින් ආරක්ෂා වීම සඳහා වමනය හෝ පාචන (Diarrhea / බඩයාම) තත්වය ඇති වේ. එමෙන්ම, කුමන හෝ හේතුවක් නිසා (ආසාදන, විෂ සංයෝග, මානසික කම්පන, ස්නායු පද්ධතියේ ව්යාධි වෙනස්කම් ආදිය ...) මධ්‍යම ස්නායු පද්ධතියට යම් බලපෑමක් ඇති වුවහොත් මෙම ප්‍රතීක ක්‍රියාවන් සක්‍රීය වේ. එම ප්‍රතීක ක්‍රියාව ඇති කිරීම සඳහා ස්නායු පද්ධතිය මාර්ග කිහිපයක් මගින් සක්‍රීය කරනු ලබේ. ඒ සඳහා ස්නායු පද්ධතිය ස්නායු සම්ප්‍රේෂක කිහිපයක් භාවිතා කරයි. එනම්, හිස්ටමින්, ඩොපමයින්, සෙරොටොනින්, ඇසිටිල්කොලීන් සහ නියුරොකිනින් ය.
ඔක්කාරය හා වමනය ප්‍රතීක (reflex) ක්‍රියාව පාලනය කරනු ලබන්නේ මධ්‍යම ස්නායු පද්ධතියේ (CNS), එනම්, මොළයේ (medulla oblongata) වමනය පාලන මධ්‍යස්ථානය (vomiting centre) මගිනි. එම මධ්‍යස්ථානය මගින් වාගුස් (Vagus nerve) ස්නායුව (ආහාර මාර්ගය පාලනය කරන ස්නායුව) සහ මොළයේ වූ න්‍යෂ්ටියක් වන "tractus solitarius" සංයුක්තයක් ලෙස ක්‍රියා කරයි. ඔන්ඩන්සෙට්‍රෝන් වලින් සිදුකරනු ලබන්නේ "සෙරොටොනින්" ස්නායු සම්ප්‍රේෂකය, 5-HT3 ප්‍රතිග්‍රාහකයේදී (receptor) ඇතිවන ක්‍රියාව නිශ්ක්‍රීය (antagonist) කර ඔක්කාරය හා වමනය වළක්වයි.
"ඔන්ඩන්සෙට්‍රෝන්" සෙරොටොනින් වල ක්‍රියාව නිශ්ක්‍රීය කරන කාණ්ඩයට අයත් ඖෂධයකි. එම කාණ්ඩයේ (ක්‍රියාකාරීත්වය සමානයි) වෙනත් ඖෂධ ඇති අතර "ඔන්ඩන්සෙට්‍රෝන්" බහුලව භාවිතා කරයි.
සෙරොටොනින් වල ක්‍රියාව නිශ්ක්‍රීය (5-HT3 ප්‍රතිග්‍රාහක තාවකාලිකව වසා දමයි) කරන කාණ්ඩයට අයත් ඖෂධ වන ග්‍රැනිසෙට්‍රෝන් (Granisetron), පැලොනොසෙට්‍රෝන් (Palonosetron), ඔන්ඩන්සෙට්‍රෝන් (Ondansetron) ඉතා ඵලදායී, මෙන්ම අතුරු ආබාධ හා සංකූලතා සහිතය.
එමෙන්ම ඔක්කාරය හා වමනය වැළැක්වීම සඳහා ප්‍රතිකාර කිරීමෙදී වෙනත් ඖෂධ කාණ්ඩ වල ඖෂධ ද භාවිතා කල හැකිය. එවා අතර ඇන්ටිහිස්ටමින් කාණ්ඩයේ සයික්ලිසීන්, ප්‍රොමෙතසීන් වැනි සරල ඖෂධ, කැරකිල්ල නිසා ඇතිවන ඔක්කාරය හා වමනය වැළැක්වීම සඳහා භාවිතා කරන අතර ඩොක්සිලමයින් + විටමින් බී-6 සමග ගැබිනි මව් වරුන්ගේ ඔක්කාරය හා වමනය වැළැක්වීම සඳහා වෛයිද්‍යයවරු ද භාවිතා කරයි.
ඩොපමයින් අවහිර කරන්නන් ලෙස ඇති ඔක්කාරය හා වමනය වැළැක්වීමේ ඖෂධ කාණ්ඩයේ වූ ඩොම්පෙරිඩෝන් (Domperidone), මෙටොක්ලොප්‍රමයිඩ් (Metoclopramide), ප්‍රොක්ලෝර්පෙරසීන් (Prochlorperazine) වැනි මෙම කාණ්ඩයේ ඖෂධ සාමාන්‍ය ඔක්කාරය හා වමනය වැළැක්වීම සඳහා භාවිතා කරයි.
මෙම නියුරොකිනින්-1 (NK-1) අවහිර කරන්නන් කාණ්ඩයට අයත් ඖෂධ වන අප්‍රෙපිටන්ට් (Aprepitant), ෆොසාප්‍රෙපිටන්ට් (Fosaprepitant) සහ රොලාපිටන්ට් (Rolapitant) වැනි ඖෂධ ඔක්කාරය හා වමනය වැළැක්වීම සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිතාකරන තවත් ඖෂධ කාණ්ඩයකි.
ඔන්ඩන්සෙට්රෝන් සාමාන්‍යයෙන් ආරක්ෂිත ඖෂධයකි. නමුත් එය ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුය.
"ශොක්" - වෛද්‍ය විද්‍යාවේ "ශොක්" යනු කම්පනය නොවේ. ශොක් යනු ක්‍ෂණිකව රුධිරපීඩනය පහතවැටීම නිසා මුලු ශරීරයේම පටක සහ අවයව වලට රුධිරය මගින් ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබෙන අතර, එමඟින් වේගවත් ලෙස අවයව වලට හානි (rapid organ damage and failure) වන අතර ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයකි.
ඇනෆිලැක්ටික් ශොක් : දරුණු, වේගවත්, ජීවිතයට තර්ජනයක් වන අසාත්මිකතා (ඇලජික්) ප්‍රතික්‍රියාවක් වන අතර එහිදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් (මාස්ට් සෛල සහ බැසොෆිල්), රුධිර වාහිනී ප්‍රසාරණය වීමට සහ ශ්වසන මාර්ග (Bronche) ඉදිමීම නිසා සංකෝචනය වීමට හේතු වන රසායනික ද්‍රව්‍ය (ප්‍රධාන වශයෙන් හිස්ටමින්=histamine නම් රසායනිකය) ගණනාවක් මුදාහරින අතර එමඟින් රුධිර පීඩනය හදිසියේ පහත වැටීම සිදුවන අතර හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම අවයව අක්‍රිය වීමට හේතු වේ.
මෙරට සෞඛ්‍ය බලධාරීන් සැක පලකරන්නේ ඖෂධය නිශ්පාදන අවධියේදී බැක්ටීරියා වලින් ඖෂධය දූෂිත වීම නිසා, රෝගියා අසාදනයකට ලක්වීම හේතුවෙන් උණ ගත් බවත්, ඇති වූ සංකූලතා හේතුවෙන් රෝගීන් මියගිය බවයි. එය එසේ නොවේ.
ශ්‍රීලංකාවේ ජෛව රසායනාගාරයක් තුල පරීක්ෂණයකින් පසුව මෙරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළේ, ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය රයිසෝබියම් (Rhizobium) නම් බැක්ටීරියාවකින් දූෂණය වී ඇති බවයි. එය ව්‍යාජ පරීක්ෂණයකි. හේතුව, රයිසෝබියම් බැක්ටීරියාව පොළොවේ ජීවත් වන ග්රෑම් නෙගටිව් (Gram-Negative) බැක්ටීරියාවකි. එය බොහෝ විට ආසාදන වන්නේ ශාක වලටය. රනිල කුලයේ ශාකවල මුල් වල ඇති එම බැක්ටීරියාව (symbiotic) මගින් වායුගෝලයේ ඇති නයිට්‍රජන්, ඇමෝනියා වලට පත්කර පස සාරවත් කරයි. රයිසෝබියම් බැක්ටීරියාව මිනිසාට ආසාදනය විය හැකියි, නමුත් ඉතා දුර්ලභය, නොසැලිකිලිමත් ලෙස පසේ ගොවිතැන් කරන ගොවීන් වැනි පුද්ගලයන් හට, ප්‍රතිශක්තිකරනය ඉතා දුර්වල අවස්ථාවක ආසාදනය විය හැකිය. පරීක්ෂණයට භාජනය කල ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය තුල එය කිසිසේත්ම අඩංගුවිය නොහැක. හේතුව, එන්නත් කුප්පි තුල බැක්ටීරියා නාශක (preservatives) අන්තර්ගත කර ඇත. එමෙන්ම, රයිසෝබියම් බැක්ටීරියාව බීජාණු (bacterial spore) නොසාදයි. එය ශාක සෛල සමග සහජීවනයෙන් (symbiotic) ජීවත්වන අතර බැක්ටීරියාව බෙදීම තුළින් තම වර්ගයා බෝ වීම සිදුවේ. එම නිසා බැක්ටීරියා බීජාණු ද ඖෂධය තුල කිසිසේත්ම අඩංගුවිය නොහැක. එබැවින්, නිෂ්පාදන ක්‍රියාවලියේදී ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය රයිසෝබියම් බැක්ටීරියාවෙන් දූෂිත වී ඇති බවට මෙරට සෞඛ්‍ය බලධාරීන් කරන ප්‍රකාශය අසත්‍යයකි.
කරුනු සලකා බලමු:
රෝගීන් ඩෙංගු රෝගය හේතුවෙන් රෝහල් ගතකර ඇත. ළග සිටි පුද්ගලයින් පවසන අන්දමට, රෝගී කාන්තාවට සේලයින් ලබා දී ඇති අතරතුර එන්නතක් ලබාදී ඇත. ඒ හැර වෙන ඖෂධ ලබාදී නොමැත. පසුව රෝගියා අසාධ්‍ය තත්වයට පත් වී, මරණයට පත්විය. වාර්තා වල මරණයට හේතුව, සදහන් වන්නේ ඩෙංගු ශොක් ලෙසයි. එනම්, රෝගියා ඩෙංගු හේතුවෙන් මියගිය ලෙසයි. මෙහිදී, ලබාදී ඇති එන්නත ඔක්කාරය හා වමනය වැළැක්වීම සඳහා ප්‍රතිකාර ලෙස "ඔන්ඩන්සෙට්‍රෝන්" ඖෂධය ලබාදී ඇත. පසුව, මෙරට සෞඛ්‍ය බලධාරීන්, ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය දූෂිත යැයි මාන් ඖෂධ සමාගම වෙත චෝදනා සහගත ලිපියක් ඉද්රිපත් කලහ.
දැනට ඇති දත්ත අනුව පෙනී යන්නේ, ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය ලබාදීමෙන් පසුව රෝගය ඉක්මනින් අසාධ්‍ය තත්වයට හැරුනු බවයි. එසේ සිදු වුයේ හේතු කිහිපයක් නිසා විය හැකිය.
- ඔන්ඩන්සෙට්‍රෝන් ඇලජික් වූවා නම් ඉතාම ඉක්මනින් ඇනෆිලැක්ටික් ශොක් තත්වය කරා වර්දනය වී අසාධ්‍ය වෙයි. මෙම අවස්ථාවේදී ඩෙංගු ශොක් එකටත් වඩා ඇනෆිලැක්ටික් ශොක් ඉක්මනින් වර්ධනය වීමේ අවදානමක් ඇත. රුධිර වාහිනී ප්‍රසාරණය වීම නිසා රුධිර පීඩනය හදිසියේ පහත වැටීම සහ ශ්වසන මාර්ග සංකෝචනය වීම නිසා, සෛලවලට ඔක්සිජන් සහ සියලු ද්‍රව්‍ය වල හිඟය නිසා අවයව අක්‍රීයවීම. ඩෙංගු ශොක් ඇතිවන්නේ රුධිර වාහිනී වල සිට තරලය, ඉන් පිටතට නිකුත් වීම නිසයි. එම ක්‍රියාවලි දෙකම එකම දිශාවකට වර්ධනය වෙයි. එනම් අවසාන ප්‍රතිඵලය ශොක් (ක්ෂනික රුධිර පීඩනය පහත වැටීම) තත්වයයි. අවසාන් ප්‍රතිඵලය අවයව අක්‍රීයවීමයි.
(ඉහත අර්ථනිරූපණය කර ඇත : කරුණාකර ඔන්ඩන්සෙට්‍රෝන් සංකූලතා වලට හේතු > පස්වන කරුන කියවන්න)- ඔන්ඩන්සෙට්‍රෝන් අතුරු ආබාධ සහිතය. ඔන්ඩන්සෙට්‍රෝන් වලින් ප්‍රතිකාර කරන විට, යම් විදියකින් රෝගියාට නිදන්ගත හෘද රෝග, අක්මා රෝග හෝ ඉලෙක්ට්‍රොලීට අසමතුලිතතා ඇත්නම් ඉක්මනින් හෘදයාබාධයක් දක්වා වර්දනය විය හැකිය. එමෙන්ම, ඩෙංගු රෝගියෙකුගේ අක්මාව ඉතා දුර්වල මෙන්ම හෘදයද දුර්වලය,ඉලෙක්ට්‍රොලීට අසමතුලිතතා ද ඇත. ඩෙංගු රෝගියෙකුගේ ඔක්කාරය හා වමනය වැළැක්වීම සඳහා ඔන්ඩන්සෙට්‍රෝන් වලින් ප්‍රතිකාර කරන විට, හෘදය නැවතීමේ අවදානම ඉතා ඉහලය.
(ඉහත අර්ථනිරූපණය කර ඇත : කරුණාකර ඔන්ඩන්සෙට්‍රෝන් සංකූලතා වලට හේතු > පලමුවන කරුන කියවන්න)රෝගියාට ඖෂධ ලබාදුන් පසු නිතර නිරීක්ෂණය කිරීම ඉතා වැදගත්ය. සමහර වෛයිද්‍යයවරු තම රාජකාරි කාලය තුල රෝහලේ රැදීසිටිය යුතුව තිබුණද, ආර්ථික හේතුන් මත පෞද්ගලික රෝහල් කරා යාම, මහත් කනස්සල්ලට කරුණකි.