- 3I/ATLAS වලට සූර්යාගේ බලපෑම උච්චතම අවස්ථාව
- මහාචාර්ය අවී ලෝබ් (prof. Avi Loeb) මහතාගේ නිරීක්ෂණ සහ නිගමන
- ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) අධෝරක්තකිරන ලබාගනී
- හබල් අභ්‍යවකාශ දුරේක්ෂය (Hubble Space Telescope) මගින් ලබා ගත් ඡායාරූප
- 3I-ATLAS ගමන් පථය
- කෙටි කාලයක් ඇතුලත අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගිය අනෙක් "ඉන්ටර්ස්ටෙලර්" සාමාජිකයින්.
2025 ජූලී 1 දින අපගේ සෞරග්‍රහ මණ්ඩලයට නව ආගන්තුකයෙක් පැමිනෙන බව පෘතුවියේ ඇති "අභ්‍යාවකාශ වස්තු වල භෞමික බලපෑම් අවසාන අනතුරු ඇඟවීමේ පද්ධතිය (ATLAS)" මගින් හඳුනා ගන්නා ලදි. එහි පූර්ව-සොයාගැනීම 2025 මාර්තු 7 වන දින නමුත්, නිල සොයාගැනීමේ දිනය ලෙස 2025 ජූලි 1 මෙන්ම මේ වන විට මාස 3ක කාලයක් තුල නිරීක්ෂණය කර, ලබාගත් තොරතුරු නාසා ආයතනය, ලොව තාරකා භෞතික විද්‍යාඥයින් සහ තාරකා විද්‍යාඥයින් විශ්මයට පත්කරවිමිනි. මෙම අභ්‍යාවකාශ වස්තුව ප්‍රමාණයෙන් විශාලතම වන අතර අසාමාන්‍යතා බොහොමයක් පෙන්නුම් කරයි. එම නිසා සියලු විද්‍යාත්මක ප්‍රජාවන් සහ හදුනා නොගත් පියාසර වස්තු සහ පිටසක්වල ජීවීන් පිලිබඳ සෝදිසියෙන් සිටින (UFO) ප්‍රජාව අති විශේශ අවධානයක් යොමුකර ඇත.
මෙම අභ්‍යාවකාශ වස්තුව, වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක සිට පැමිණි අභ්‍යාවකාශ වස්තුවකි (ඉන්ටර්ස්ටෙලර් / Interstellar). එය 3I-ATLAS (C-2025-N1) ලෙස නම් කරන ලදි. 3I යනු තුන්වන "ඉන්ටර්ස්ටෙලර්" හෙවත් තුනවන අන්තර් සෞරග්‍රහ මණ්ඩල / තාරකාන්තර අභ්‍යාවකාශ වස්තුව මෙන්ම, "අභ්‍යාවකාශ වස්තු වල භෞමික බලපෑම් අවසාන අනතුරු ඇඟවීමේ පද්ධතිය" (Asteroid Terrestrial-impact Last Alert System /ATLAS) එය හදුනා ගත් නිසා "ඇට්ලස්" යන වචනයද නමට එකතු වී 3I-ATLAS ලෙස නම් කර ඇත.
ස්වයංක්‍රීය "ඇට්ලස්" (ATLAS) පද්ධතිය මගින් හදුනා ගත් මෙම 3I-ATLAS වස්තුව දිගටි "සිගාරයක" හෝ "කිඹුලබනිස් ගෙඩියක" හැඩය ඇති අතර කි.මී. 5-6 ක් පමන දිගින් යුත්, වේගය ත්ත්පරයට කි.මී. 58 km/s (පැයට කි.මී. 208800) පමන වන, "ඉන්ටර්ස්ටෙලර්" වස්තුවකි.
29-10-2025
අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන අද්භූත අන්තර් සෞරග්‍රහ මණ්ඩල / තාරකාන්තර ආගන්තුක අභ්‍යාවකාශ වස්තුව සූර්යයා වෙත ළඟා වී ඇති අතර, ඊළඟට සිදුවන්නේ කුමක්ද? එය සාමාන්‍ය වල්ගා තරුවක්ද? නැතහොත් අභ්‍යවකාශ යානයක්ද? යන්න හෙළි වනු ඇතැයි විශ්වාස කෙරේ. 3I/ATLAS ලෙස නම් කරන ලද දැවැන්ත අභ්‍යාවකාශ වස්තුව 29-10-2025 බදාදා අපගේ සූර්යයා ට සමීපතම ප්‍රවේශය ගන්නා විට, බොහෝ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ එය සාමාන්‍ය වල්ගා තරුවක් අධික තාපය යටතේ කැඩී බිඳී යාමට පටන් ගන්නා බවයි. නමුත් එය එසේ සිදු වූවාද? කෙසේ වෙතත්, 3I/ATLAS නොවෙනස්ව පවතින අතර සූර්යයා ගෙන් ඈත් වී, මිනිසා විසින් සාදන ලද අභ්‍යවකාශ යානා සෞරග්‍රහ මණ්ඩලයේ වස්තූන්ගෙන් ඉවතට යාමට රොකට් එන්ජින් භාවිතා කරනවා සේම උපාමාරු දමන්නේ නම්, එය පිටසක්වල බුද්ධියේ ලකුණක් වනු ඇත. විද්‍යාත්මක ප්‍රජාව ඉතාමත් කුතුහලයකින් යුක්තව, ලැබෙන්නා වූ විස්තර පිළිබඳව මහත් අවධානයෙන් සිටී.
29-10-2025 බදාදා දින එම වස්තුව සූර්යයාගේ සිට සැතපුම් මිලියන 209ක් (1.4 AU) පමණ දුරින් ගමන් කලහ. එම තීරණාත්මක සන්ධිස්ථානය "පරිහේලිකය (perihelion)" ලෙස හඳුන්වනු ලබන අතර, 3I/ATLAS අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමනේ හරි අඩක් වන අර්ධ ලක්ෂ්‍යය ද සනිටුහන් කරයි. නමුත් එම අවස්ථාව පෘතුවියේ තාරකා විද්‍යාඥයන් හට තාරකා නිරීක්ෂණාගාර තුල සිට දැක ගැනීමට නොහැකි විය. 3I/ATLAS සූර්යාට මුවා වීම, එයට හේතුව විය. ඉන් පසුව, එය සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් වීමට ආරම්භ කලහ. නොවැම්බර් මාසය තුල එය කන්‍යා තාරකා මණ්ඩලය පෙනෙන ප්‍රදේශය හරහා ගමන් කරන අතර නොවැම්බර් 3 වන දින එය සිකුරු සිට කිලෝමීටර මිලියන 97 ක් පමණ දුරින් ගමන් කරනු ඇත.
එමෙන්ම මේ වන විට අභ්‍යාවකාශ වස්තුව අඟහරු ග්‍රහයාගේ කක්ශ පථය හරහා ගමන් කරමින් පවතී.
අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල දුර මිනුම් සඳහා භාවිතා කරන්නේ තාරකා විද්‍යාත්මක ඒකකයි (Astronomical Unit/ AU). 1 තාරකා විද්‍යාත්මක ඒකකයක් (1 AU) යනු පෘතුවියේ සිට සූර්යයාට ඇති දුරයි (මධ්‍යන්‍ය අගය වන කි.මී. මිලියන 149.59). එය භවිතා කිරීම මගින් යම් සාපේක්ශතාවයක හැඟීමක් ඇති නිසා පහසුවෙන් දුර පිළිබඳව අවබෝදයක් ගත හැක.
3I-ATLAS අඟහරු ග්‍රහයා ආසන්නයෙන් කක්ශ පථයේ ගමන් කරන විට, නාසා ආයතනය මගින් යවන ලද අඟහරු ග්‍රහයා මතුපිට, පරීක්ෂණ නිරීක්ෂණ කරමින් ඇති කියුරියෝසිටි (Curiosity rover) රෝවරය (මෝටර් රථයක් තරම් වූ සෙමෙන් ගමන් කරන පරීක්ෂණ රථයකි) මගින් ඡායාරූප ලබාගත් නමුත් එම කැමරා ඉතාමත් දුරස්ථ වස්තු වල පහැදිලි පින්තූර ලබාගැනීමට හකියාවක් නොමැති හෙයින්, අමතර තොරතුරු ලබාගත නොහැකි විය. එමෙන්ම අඟහරු ග්‍රහයා මත කකශ ගත කර ඇති, මාවෙන් (MAVEN) චන්ද්‍රිකාව මගින්ද, අමතර තොරතුරු ලබාගත නොහැකි විය. 3I-ATLAS අභ්‍යාවකාශ වස්තුව අඟහරු ග්‍රහයා ආසන්නයෙන් ගමන් කල පසු, යම් හේතුවක් නිසා මාවෙන් චන්ද්‍රිකාව ක්‍රියාවිරහිත විය. මේ අවස්ථාව වන විට මාවෙන් ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා විය. ජපන් අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය මගින් නිෂ්පාදිත XRISM ( X-ray Imaging and Spectroscopy Mission) මෙම එක්ස් කිරණ ප්‍රතිබිම්බකරණ සහ වර්ණාවලී නිරීක්‍ෂණ උපකරණ අඩංගු මෙම චන්ද්‍රිකාව මගින් 3I-ATLAS ගෙන වැඩි දත්ත ප්‍රමාණයක් රැස්කලහැකි වූ බව වාර්තා විය.
3I-ATLAS මෙතනෝල් (Methanol / CH₃OH) සහ හයිඩ්‍රජන් සයනයිඩ් (hydrogen cyanide / HCN) නව ජීවයක් ඇති කිරීමට ප්‍රමානවත් තරම් අඩංගු බව සොයා ගත්හ. පෘථිවියේ ජීවයේ ආරම්භයට හේතු විය හැකි රසායනික ක්‍රියාවලීන් වල, ඒවා පූර්වජ රසායන අණු වල ප්‍රධාන පූර්වගාමීන් ලෙස සැලකේ. මෙම සරල අණු "ජීවයේ ප්‍රාථමික ගොඩනැගිමේ කොටස්" ලෙස සැලකේ, මන්ද ඒවාට ඇමයිනෝ අම්ල, සීනි සහ ජෛව න්‍යෂ්ටික අම්ල (DNA, RNA) වල නියුක්ලියෝටයිඩ (Nucleotides) වැනි ජීවයේ ප්‍රාථමික කොටස් සහ DNA සහ RNA වැනි වඩාත් සංකීර්ණ ජීව විද්‍යාත්මක අණු සෑදීමට ප්‍රතික්‍රියා කළ හැකි බැවිනි.
පරිහේලිකය (perihelion) ස්ථානයේදී (සූර්යයාට ආසන්නම අවස්ථාව) 3I/ATLAS වලට සූර්යාගේ බලපෑම උච්චතම අවස්ථාවයි. සූර්යයා තුල සිදුවන්නේ න්‍යෂ්ටික විලයනය ප්‍රතික්‍රියාවකි. ප්ලාස්මය ලෙස හැදින්වෙන මෙම අධික උෂ්ණත්වයක් ඇති අංශු සමහර පිපිරීම් හේතුවෙන් සූර්යයාගෙන් ඉවතට අභ්‍යාවකාශයට නිකුත් වන අතර එය සූර්ය සුළඟ ලෙස හැදින්වේ. 3I/ATLAS සූර්යයාගේ ප්ලාස්මා කදම්භ වලට මුහුනදී, උෂ්ණත්වය අදික ලෙස ඉහලයාම නිසා ද්‍රව්‍ය රාශියක් වස්තුවේ මතුපිටින් අභ්‍යවකාශයට නිකුත් වේ. එනම්, ඝණ තත්වයේ සිට, ද්‍රව බවට පත් නොවී (රික්තක අවකාශයක් නිසා), කෙලින්ම වාශ්ප බවට පත්වීමේ එම ක්‍රියාවලිය සබ්ලිමේශන් (Sublimation) ලෙස හැදින් වේ. එනම්, වලිගය නිර්මාණය වන්නේ සූර්ය සුළඟ හේතුවෙනි. එම වස්තුවේ සිට නිකුත්වන, වායුව, වාශ්ප සහ දූවිලි අංශු මගින් වල්ගාතරුව මෙන් දිස් වේ.
වල්ගා තරුවක් සඳහා එය සාමාන්‍ය දෙයකි. නමුත්, වල්ගය සූර්යයාගෙන් ඉවතට සෑදෙනවා වෙනුවට සූර්යයා දෙසට සෑදීම හේතුවෙන් බොහෝමයක් දෙනා බියට පත්විය. එයට හෙතුව, අභ්‍යාවකාශ යානයක් තම ගමන් දිශාව වෙනස් කිරීමට හෝ වේගය මන්දනය කිරීමට ප්‍රචාලන පද්ධතියක් සක්‍රීය කිරීම මගින්, සිදු කරයි. ඇට්ලස් ගේ වල්ගය සූර්යයා වෙතට යොමු වූ විට බොහෝ දෙනා නිගමනය කලේ, එය තරුවක් නොව යානයක් බවයි. නමුත් සැක සහිත බොහෝ දේ මේ තුල සැගවී ඇත. එම නිසා ආන්දෝලනාත්මක මත ඇතිවිය හැක.
එපමනක් නොව, සබ්ලිමේශන් ක්‍රියාවලියේදී අමතර තල්ලු කිරීමේ ප්‍රචාලන බලයක් ඇතිවේ. ගුරුත්ව බල වලට අමතරව එම ප්‍රචාලන බලය නිසා වස්තුවේ වේගය මදක් වැඩිවිය හැක. නමුත් 3I/ATLAS අසාමාන්‍යතා රාශියක් පෙන්නුම් කරයි.
ඇමෙරිකානු ෆෙඩරල් රජය දින 43 කට වසා දැමීම හේතුවෙන්, දත්ත නිකුත්කිරීමට අවසර ලබාගැනීමේ දුෂ්කරතාවය නිසානාසා (NASA) ආයතනය දත්ත සීමා කර ඇති අතර රුසියාව, චීනය, යුරෝපියානු අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථාන තොරතුරු අනාවරනය නොකරයි.
බොහෝමයක් තාරකා භෞතික විද්‍යාඥයින්ගේ මතය අනුව, දිගු කාලයක් තුල වල්ගා තරු සහ ඇස්ටරොයිඩ අධීක්‍ෂණය සහ අධ්‍යයනය කිරීම තුලින් ලොව විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කොට ඇත. ඒ සමගම විශේශ දැනුමක් හා බොහොමයක් අත්දැකීම් සමග අනාවැකි පලකිරීමේ හැකියාව ඇත. නමුත් මෙම 3I-ATLAS අභ්‍යාවකාශ වස්තුව අසාමාන්‍යතා බොහොමයක් පෙන්නුම් කරයි.
ඇමරිකා එක්සත් ජනපදයේ, මැසචුසෙට්ස්හි පිහිටි හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අවී ලෝබ් (prof. Avi Loeb) මහතා, ප්‍රවෘත්ති සම්මුඛ සාකච්ඡා වල පවසන්නේ, 3I/ATLAS පිළිබඳව හැකි තරම් දත්ත රැස් කළ යුතු බවයි.
ඔහු 3I-ATLAS අභ්‍යාවකාශ වස්තුවේ ඇති අසාමාන්‍යතා බොහොමයක් අතරින් පෙන්වා දෙන්නේ, එය පිටසක්වලින් පැමිණි කෘතිම අභ්‍යාවකාශ වස්තුවක් විය හැකි බවයි.
පලමු කරුණ වන්නේ, මෙම 3I-ATLAS අභ්‍යාවකාශ වස්තුව අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කක්ශ තලයේම පැමිණියා පමණක් නොව, බ්‍රහස්පති, අඟහරු, සිකුරු සහ සූර්යා හොඳින් නිරීක්ෂණය කල අතර, පෘතුවියෙන් සැඟවී සිටීමට, මාර්ගය විශේශයෙන් ගනණය කරන ලද මාර්ගයකි.
"ඉන්ටර්ස්ටෙලර්" අභ්‍යාවකාශ වස්තු විශාල ඒවා පමණක් පැමිනීම. එම අභ්‍යාවකාශ වස්තු ස්වාභාවික ඒවා නම් කුඩා ඒවාද පැමිනිය යුතුය. නමුත් මේ දක්වා පැමිණි "ඉන්ටර්ස්ටෙලර්" අභ්‍යාවකාශ වස්තු සංඛ්‍යාව 3කි. එවා විශාල ඒවා විය.
3I-ATLAS තාරකා වර්ණාවලි විශ්ලේෂණය (Spectral Analysis) අධ්‍යයනය කිරීම තුලින් අවබෝද වී ඇත්තේ, එහි, පිරිසිදු නිකල් ලෝහය අඩංගු බවයි, එසේ පිරිසිදු නිකල් ලෝහය අඩංගු වන්නේ කෘතිමව තනන ලද නිකල් ලෝහ ස්ථර භාවිතා කරනු ලබන්නේ අභ්‍යාවකාශ යානා තැනීමේදීය. සාමාන්‍ය කොමට් පාෂාණයක, පිරිසිදු නිකල් ලෝහය අඩංගු නොවේ. එය සැම විටම යකඩත් සමග මිශ්‍ර වී පවතී. එපමනක් නොව, මෙම අභ්‍යාවකාශ වස්තුවේ ජලය අඩංගු වන්නේ 4-5%ක් පමණි. එය පෘතුවියේ ඇති සියලුම කාන්තාර වලට වඩා වියලි වස්තුවකි. තවද, වර්ණාවලියේ රටාව මෙයටම ආවේනික වූ අද්විතීය රටාවක් ඇති අතර එම රටාව, මෙතෙක් වූ කිසිම අභ්‍යාවකාශ වස්තුවක රටාවට සමාන නොවේ, එයින් අදහස්වන්නේ මෙය අද්විතීය ගුන ඇති අභ්‍යාවකාශ වස්තුවක් බවයි.
3I-ATLAS "ඉන්ටර්ස්ටෙලර්" අභ්‍යාවකාශ වස්තුව, ජූලි සිට අගෝස්තු දක්වා කාලය තුල වල්ගය සූර්යයා දෙසට ඇති වූ අතර, සූර්යයා වෙත කිට්ටුම අවස්තාවේදී සාමාන්‍ය කොමට් වල මෙන් රතු පැහැය වෙනුවට, නිල් පැහැයෙන් දිස්වන්නට විය. එමෙන්ම, තත්පරයට කි.ග්රෑම් 150ක පමන වේගයෙන්, එහි මතුපිට ස්ථරය සූර්යයාගේ බලපෑම නිසා විනාශ වෙමින් පැවතින. හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අවී ලෝබ් මහතා පවසන අන්දමට, අදික නිල් පැහැයෙන් දිස් වන්නේ එය සූර්යයාටත් වඩා අධික උෂ්ණත්වයයක් ඇති නිසා බව ඔහු පවසයි. එසේ අධික තාපයක් උත්පාදනය වන්නේ, පිටසක්වල බුද්ධිමත් ජීවීන් විසින් සාදන ලද අභයන්තර තාප උත්පාදකයක් හේතුවෙනි. සූර්ය විකිරණ වොට් 770ක් පමන එක් වර්ගමීටරකට බලපෑම නිසා, අභ්‍යාවකාශ වස්තුවෙන් 10% ක් පමන ක්ෂය විය යුතුව තිබුනද, එසේ සිදු නොවේ. එයද වෙනත් කොමට් වලට වඩා අසාමාන්‍ය දෙයකි. එමෙන්ම, මම විශ්වාස කරනවා, මෙම 3I-ATLAS "ඉන්ටර්ස්ටෙලර්" අභ්‍යාවකාශ වස්තුව අපගේ ආවර්තිතා වගුවේ නොමැති මූලද්‍රව්‍යයක් (3I-ATLAS may have an unknown new chemical element) එහි අඩංගු විය හැකි අතර උෂ්ණත්වය ඉහලයනවිට නිල්පැහැයෙන් (450 - 495 nm තරංග ආයාමයකින් යුත්) යුත් ෆොටෝන නිකුත්කරන බැවින් එය දීප්තිමත් නිල්පැහැයක් ගත හැකිය.
ඊලඟ කරුන වන්නේ, මෙය බොරීසොව් කොමට් එකට සහ ඕමුආමුආ වලටත් වඩා විශාල මෙන්ම, වේගයෙන් ද ඉහල අගයක් ගනී. වේගය ත්ත්පරයට කි.මී. 58 km/s එනම් පැයට කි.මී. 208800 කි. එම වේගය, ලොව වේගවත්ම රොකට් යානයට වඩා කිහිපගුනයකින්ම ඉහල අගයක් ගනී.
මීලඟ ප්‍රධාන කරුනක් වන්නේ, මෙම 3I-ATLAS "ඉන්ටර්ස්ටෙලර්" අභ්‍යාවකාශ වස්තුව පැමිණියේ, 1977දී, 1940Mhz සංඛ්‍යාතය ඔස්සේ ලැබුන "වාව්/WOW" සංඥාව ලැබුන දිශාවෙන්මය.
පරිහේලිකය (perihelion) හෙවත්, සූර්යයාට ආසන්නම අවස්ථාව පෘතුවියෙන් වසන් කිරීමට 3I-ATLAS තීරනය කර ඇත. පෘතුවිය සතුව ඇති දෘශ්‍ය දුරේක්ෂ වලින් මෙන්ම රේඩියෝ දුරේක්ෂ වලින් පමනක් නොව රේඩාර් දුරේක්ෂ වලින් පවා එය දැක ගැනීමට අපොහොසත් විය. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාශයේ පෘතුවිය වටා ගමන් කරමින් තිබේ. එවායේ පිහිටීම අනුව සහ, ආවරණය වීම නිසා යොමු කල නොහැක. එමෙන්ම, මෙම දුරේක්ෂ වලට හානි වීම හේතුවෙන් කිසිසේත්ම සූර්යයා දෙසට යොමු කල නොහැක. එම නිසා මෙම දුරේක්ෂ ආධාරයෙන්ද නිරීක්ෂණය කිරීමට අපොහොසත් විය. මෙම අවස්ථාවේ සිදුවන සියල්ල පෘතුවියේ වාසය කරන අපහට ඉතා වැදගත්ය. එය ගමන් මාර්ගය සුලු ලෙස හෝ වෙනස් කලහොත්, පෘතුවියේ ජීවයේ පැවැත්මට තර්ජනයක් විය හැකිය.
ජේම්ස් වෙබ් (James Webb) අභ්‍යවකාශ දුරේක්ෂයෙන් දත්ත ලැබෙන තුරු නාසා ආයතනය බලා සිටී. හේතුව, එහි පිහිටීම අනුව එය තවමත් (13.12.2025) 3I-ATLAS වෙත යොමු කල නොහැකි නිසාය. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පෘතුවියේ සිට කි.මී. මිලියන 1.5ක් දුරින්, පෘතුවියේ දෙවන ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යය (L2 / Lagrange point-2) ලෙස හඳුන්වන ප්‍රදේශයේ, කක්ෂයක ගමන් කරයි. පෘතුවියේ දෙවන ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යය (L2) ලෙස හඳුන්වන්නේ, සූර්යයා පෘතුවියට යා කරන රේඛාවේ පෘතුවියට පසුපසින් (සූර්යයා නොපෙනෙන පරිදි) පිහිටි, මෙම L2 ලක්ෂ්‍යය පිහිටා ඇති අතර එය ගැඹුරු අභ්‍යාවකාශයේ වස්තු නිරීක්ෂණය සඳහා වඩාත් යෝග්‍යය වේ. එම නිසා ජේම්ස් වෙබ් අධෝරක්ත දුරේක්ෂය මෙම ලක්ෂ්‍යය වටා කක්ශ ගත වෙමින් පෘතුවියත් සමග එකම පද්ධතියක් සේ සූර්යයා වටා ගමන් කරයි. එම නිසා සූර්යයා වටා ගමන් කරන ගමන් පථය තරංගාකාර ස්වරූපයක් ගනී.
එමෙන්ම, ජේම්ස් වෙබ් දුරේක්ෂය ගැඹුරු අභ්‍යාවකාශය නිරීක්ශනය කරනු ලබන්නේ, ලැබෙන්නා වූ අධෝරක්ත කිරණ ලබාගැනීමෙනි. එම නිසා එය සූර්යයාගෙන්, සූර්ය විකිරණ ( විකිරණශීලී ප්ලාස්මය) සහ සඳ එළියෙන් ආරක්ෂා කලයුතු වේ. ඒ සඳහා එය සූර්යයා දෙසට යොමු වන පරිදි තිරයකින් සන්නද්ධ කර ඇති අතරම තිරය මත ඇති සූර්ය පැනල (සූර්යකෝෂ) මගින් අවශ්‍යය විදුලි බලය ලබා ගනී. ජේම්ස් වෙබ් දුරේක්ෂය සැම විටම ගැඹුරු අභ්‍යාවකාශය නිරීක්ෂණය කිරීමට අඳුරු දෙසට යොමු කර ඇත. එය පෘතුවියේ දෙවන ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යය වටා එක් වටයක් ගමන් කිරීමට මාස හයක කාලයක් ගත වේ.
සූර්යා-පෘතුවියට සාපේක්ෂව ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යයන් (Lagrange points) 5ක් ඇති අතර මෙම ලක්ෂ්‍යයන් සූර්යා-පෘතුවි ගුරුත්වයේ තුලිතතාවයක් පෙන්නුම් කරයි. එම නිසා අඩු ඉන්ධන ප්‍රමාණයකින් එනම්, ගමන් පථය නිවැරදි කිරීම සඳහා අඩු ප්‍රචාලන බලයකින් වඩාත් ස්ථායී ලෙස තබා ගත හැක. නමුත්, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දෙවන ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යයයේ නොව, මදක් පෘතුවිය දෙසට බරව, කක්ෂයක (දෙවන ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යය ප්‍රදේශයේ) ගමන් කරයි. එවිට ගමන් පථය නිවැරදි කිරීමේ පද්ධතියේ යම් දෝෂයක් සිදු වුවහොත් එය පෘතුවිය දෙසට ඇදෙන්නට පටන් ගනී. ප්‍රචාලන පද්ධතිය මගින් එය නැවත L2 වෙතට තල්ලු කර දමයි. දෙවන ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යයේ (L2) තිබුනා නම් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පෘතුවියේ ගුරුත්වාකර්ශනයෙන් මිදී ගැඹුරු අභ්‍යවකාශයේ ගිලිහී යයි.
කෙසේ වෙතත් මේ වනවිට, 3I-ATLAS "ඉන්ටර්ස්ටෙලර්" අභ්‍යාවකාශ වස්තුව, තම ගමන් පථය වෙනස් නොකල අතර එය සාමාන්‍ය කොමට් එකක් මෙන්, භෞතික ගරුත්ව නීති වලට අනුකූලව ගමන් කරයි. 2025 නොවැම්බෙර් 5-6 දින වනවිට, 3I-ATLAS "ඉන්ටර්ස්ටෙලර්" අභ්‍යාවකාශ වස්තුව, සූර්යයාගේ පිටුපස සිට නැවත මතුවේ. 2025 දෙසැම්බර් 19 දින එය පෘතුවියට ඉතාමත් කිට්ටුම අවස්ථාව ලෙස තාරකා භෞතික විද්‍යාඥයින් විසින් ගනණය කර ඇත. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සහ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය එය වෙත කෙලින්ම යොමු කිරීමට නාසා ආයතනය සූදානමින් සිටී.
3I/ATLAS, 2025 වසරේ නොවැම්බර් 30 දින (වම් ඡායාරුපය) සහ 2025 දෙසැම්බර් 27 දින (දකුණු ඡායාරුපය) හබ්ල් (Hubble) දුරේක්ෂය මගින් NASA ලබා ගත් ඡායාරූප
3I/ATLAS, 2025 වසරේ දෙසැම්බර් 12 දින (වම් ඡායාරුපය) සහ 2025 දෙසැම්බර් 27 දින (දකුණු ඡායාරුපය) හබ්ල් (Hubble) දුරේක්ෂය මගින් NASA ලබා ගත් ඡායාරූප
ඉහත ඡායාරූප වල පෙනෙන විශාල වාශ්ප කදම්භ (jet beams) 4ක් දක්නට ලැබෙන අතර ඒවායේ පිහිටීම සමමිතික තාවයක් පෙන්වයි. ප්‍රධාන කදම්භය කි.මී. 100,000 km පමන දිගින් සහ එය සූර්යා දෙසට යුමු වී ඇති අතර අනෙක් කුඩා කදම්භ තුන, ප්‍රධාන කදම්භයට වඩා දස ගුණයකින් පමන කුඩා වන අතර, ඒවා එකිනෙකට අංශක 120o ක පමන පරතරයකින් පිහිටා ඇත.
2026 මාර්තු 16 වන දින, 3I-ATLAS බ්‍රහස්පති ග්‍රහයා පසු කර යන විට කුමන හෝ තවත් නව තොරතුරක් ලබාගැනීමට නාසා (NASA) ආයතනය බලාපොරොත්තුවෙන් ඇත. ඔවුන්විසින් 2016 වසරේ බ්‍රහස්පති ග්‍රහයා අධ්‍යනය කිරීමට එම ග්‍රහයා වටා කක්ෂ ගත කර ඇති ජූනෝ (Juno spacecraft) අභ්‍යවකාශ යානය මගින්, 3I-ATLAS වස්තුව ගවේෂණය කර, තොරතුරු අනාවරණය කර ගැනීමට උත්සාහ කරනු ඇත.
2026 මාර්තු 16 වන දින, 3I-ATLAS බ්‍රහස්පති ග්‍රහයා පසු කර යන අවස්ථාව
අද 21-11-2025, ඇමෙරිකා එක්සත් ජනපදයේ රජය 2025 නොවැම්බර් මස දින ගනනාවක් වසාදමා තිබූ නිසා, නාසා (NASA) ආයතනය, අභ්‍යාවකාශයේ ඇති උපකරණ ගන්නාවකින් ලබාගත්, 3I-ATLAS අභ්‍යාවකාශ වස්තුවේ ඡායාරුප නිකුත්කරන ලදි. එමෙන්ම, මාර්ගගත ක්‍රමයට නාසා ආතනයේ තාරකා හා භෞතික විද්‍යාඥයන් විසින් සම්මුඛ සාකච්ඡාවක් පැවත්වූ අතර විවිද මාධ්‍යය වේදීන්ගෙ ප්‍රශ්න වලට පිලුතුරු සැපයූහ. නාසා ආයතනය විස්වාස කරන්නේ 3I-ATLAS අභ්‍යාවකාශ වස්තුව කෘතිම අභ්‍යාවකාශ වස්තුවක් නොව සාමාන්‍ය කොමට් එකක් බවයි.
අපගේ සෞරක්ග්‍රහ මන්ඩලය හරහා 3I-ATLAS අභ්‍යාවකාශ වස්තුවේ ඉතිරි ගමන නිරීක්ෂණය කරනු ලබන අතර එම කාලය තුල 3I-ATLAS අභ්‍යාවකාශ වස්තුව හට තම සම්භවය තහවුරු කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
අද 18.12.2025 දිනය වන විට 3I-ATLAS පෘතුවියට ළඟා වෙමින් පවතී, තව දින 1 කින් එනම් 19.12.2025 දින පෘතුවියට ඉතාමත් ආසන්නයෙන්, පෘතුවියේ සිට කි.මී. මිලියන 270ක පමන දුරින් ගමන් කරයි. සඳ නැති එම දින කීපයේ රාත්‍රී අහසේ එය නැරඹීම සඳහා සෙ.මී. 20 ක පමන දුරේක්ෂයක් ප්‍රමානවත් වේ.
2026 මාර්තු 16 වන දින, 3I-ATLAS බ්‍රහස්පති ග්‍රහයාට බොහෝ සමීප වන අතර සැතපුම් මිලියන 33 ක් (කිලෝමීටර් මිලියන 53) ඇතිව ගමන් කරනු ඇත. එම අවස්ථාවේදී 3I-ATLAS වස්තුවට බ්‍රහස්පති ග්‍රහයාගේ ගුරුත්වයේ බලපෑම සූර්යයාගේ ගුරුත්වයේ බලපෑමට වඩා ඉහලය. 2030 වසර මැද භාගය පමන වන විට එය අන්තර් තාරකා (අන්තර් සූර්යග්‍රහමන්ඩල) අවකාශයට ළඟා වනු ඇත. එනම් අපගේ සෞරක්ග්‍රහමන්ඩලයෙන් පිටවනු ඇතැයි නාසා ආයතනය නිවේදනය කරයි.
නව තොරතුරු සමඟ යාවත්කාලීන කරනු ලැබේ!
සියලු කරුණු පිළිබඳ අර්ථ නිරූපණයන් පැහැදිලි වන්නේ, 3I/ATLAS පිටසක්වළ ශිෂ්ටාචාරයක පරීක්ෂක යානයක් හෝ වෙනත් ග්‍රහලෝක වෙත ජීවය ගෙන යන යානයක් විය හැකි බවයි.
අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ප්‍රථමයෙන්ම පැමිනියේ "ඕමුඅමුආ" (1I-Oumuamua/ 1I-2017-U1) ලෙස නම් කරන ලද අභ්‍යාවකාශ වස්තුවයි. ඕමුඅමුආ (Oumuamua) යනු හවායි දූපත් වල භාෂාවෙන් "දුර සිට පැමිනි පළමුවෙනි පණිවිඩකරු" යන අරුථය ඇත. Oumuamua 2017 දී අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කල අතර, සූර්යයා පසුකලපසු වේගය මන්දනයක් පෙන්නුම් කල යුතුව තිබූ නමුත් එය ත්වරණයකින් යුතුව ගමන් කල නිසාත්, වල්ගා තරුවක මෙන් වල්ගය නොතිබීමත් නිසා බොහෝ දෙනා එය පිටසක්වල ගවේෂකයෙක් (පිටසක්වල අභ්‍යාවකාශ යානාවක්) බව නිගමනය කලහ. හවායි විශ්ව විද්‍යාලයේ කැනේඩියානු භෞතික විද්‍යාඥයෙක් සහ තාරකා විද්‍යාඥයෙක් වන රොබට් ජේ. වෙරික් (prof. Robert J. Weryk) විසින්, මවුයි (හවායි දූපත්) දූපතේ පිහිටා ඇති හලෙයාකාලා තාරකා නිරීක්ෂණාගාරය තුලින් සොයාගන්න ලදි. දිගටි සිගාරයක හෝ කිඹුලා බනිස් ගෙඩියක හැඩයකින් යුත්, මෙම පලමු වන "ඉන්ටර්ස්ටෙලර්" අභ්‍යාවකාශ වස්තුව දිගින් මීටර 400m ක් පමන වූ අතර වේගය තත්පරයට කි.මී. 38 km/s පමන වූ එය, අපගේ ග්‍රහලෝක වල තලයට ඉහලින් පැමිණි අතර, සූර්යා වටා ගොස්, නැවත ඉහලට ගමන් කලහ.
දෙවන "ඉන්ටර්ස්ටෙලර්" වස්තුව, 2019 අගෝස්තු මස, රුසියානු-යුක්‍රේන තාරකා විද්‍යාඥ ගෙනාදී ව්ලදිමීරොවිච් බොරිසොව්, ක්‍රිමියාව තුල වූ තාරකා නිරීක්ෂණාගාරය තුලින් සොයාගන්න ලදි. පසුව එය 2 අයි-බොරිසොව් (C-2025-V1) ලෙස නම් කරන ලද අතර, පලමු "ඉන්ටර්ස්ටෙලර්" වස්තුවට සාපේක්‍ෂව මදක් විශාල (කි.මී. 1.6 km) වූවත්, එය සාමාන්‍ය වල්ගාතරුවක ඇති සියලුම ගුණ තිබූ නිසා ආන්දෝලනයක් ඇති නොවීය. එයද අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ තලයට පහළින් තත්පරයට කි.මී. 33 km/s පමන වේගයෙන් පැමින අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කර ඉහලට ගමන් කලහ.