ලන්ඩනයේ පිහිටි මහජන පර්යේෂණ විශ්ව විද්‍යාලයක් වන කිංග්ස් කොලේජ් හි විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට විද්‍යාගාරයක මිනිස් දතක් වර්ධනය කර ඇති අතර, රෝගියෙකුගේ තම දන්ත සෛල භාවිතා කර එම රෝගියාටම ආවේනික වූ දතක් වර්ධනය කර ඇත.
විදුරුමස සහ පරිදන්ත පටක වල ඇති මෙසෙන්හිමා ප්‍රාග් සෛල (mesenchymal stem cells) දත් වර්ධනය හා අලුත්වැඩියාව සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. විද්‍යාඥයින් විසින් මුල් දත් වර්ධනය සඳහා අවශ්‍ය සාධක හා තත්ව ප්‍රතිනිර්මාණය කළේය. මෙය සෛල අන්තර්ක්‍රියා කර නව දත් සෑදීමට ඉඩ සලසන අතර, නවෝත්පාදනය මගින් දන්ත චිකිත්සාව සඳහා දිගුකාලීන හා වඩාත් ස්වාභාවික විසඳුමක් ලබා දෙයි.
මෙම ඉදිරි ගමන යම් දිනක දත් පිරවුම් සහ දත් බද්ධ කිරීම් වැනි සාම්ප්‍රදායික දන්ත ප්‍රතිකාර, වලට වඩා සැබෑ, ස්වාභාවිකව වැඩුණු දත් ප්‍රතිස්ථාපනය කළ හැකිය.
මෙම ක්‍රම දෙකම අනාගතයේදී දන්ත චිකිත්සාව සඳහා නව පෙරලියක් ඇති කල හැකි බව විද්‍යාඥයින් විශ්වාස කරති.