සංකීර්ණ කරුණු සරල බසින්

හෙද වෘත්තිකයාගේ කාර්ය පහසු කරන රුධිර වාහිණී රූපකරණ තාක්ෂණය.
සෞඛ්ය ආරක්ෂණය

හෙද වෘත්තිකයාගේ කාර්ය පහසු කරන රුධිර වාහිණී රූපකරණ තාක්ෂණය.

NIR (Near-infrared) රුධිර වාහිණී රූපකරණ තාක්ෂණය හෙවත් ආසන්න-අධෝරක්ත කිරණ ආධාරයෙන් රුධිර වාහිණී රූපකරණ තාක්ෂණය මුලින්ම සොයා ගන්නා ලද්දේ වසර තිහකට පමණ පෙරය. ඉන් ටික කලකට පසු, මුල්ම ආකෘතිය සංවර්ධනය කරන ලද අතර පසුව ටයිම් සඟරාවේ "2004 වඩාත්ම විස්මිත නව නිපැයුම්" වලින් එකක් ලෙස සලකනු ලැබීය. දෘශ්‍යාබාධිත අයට සහාය වීම සඳහා උපකරණයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන අතරතුර, මුල් නව නිපැයුම්කරු VeinViewer විසින් අවට පටක වලින් රුධිර වාහිනී වෙන්කර හඳුනාගත හැකි බව වටහා ගත්තේය. තාක්‍ෂණය දියුණු වන විට මූලාකෘති කිහිපයක් පුනරාවර්තන සමඟ ඇති වූ අතර අද ස්මාර්ට් VeinViewer මාදිලි දක්වා සංවර්ධනය කරන ලදී.

මෙම උපකරණය ආධාරයෙන් රෝගියාට සහ හෙද වෘත්තිකයාගේ කාර්ය ඉතාමත් පහසු කල අතර කැනියුලා (cannula) ඇතුල් කිරීම, එන්නත්කිරීම (IV/IA injections) පහසු කිරීම මගින් හෙද වෘත්තිකයාගේ අත්දැකීම් විප්ලවීය ලෙස පහසු කර ඇත.

උපකරණයේ ක්‍රියාකාරීත්වය

මෙම උපකරණය, අධෝරක්ත කිරණ (Infrared - IR) කැමරාවක් ආධාරයෙන් රුධිර වාහිණී අවට පටක වලින් වෙන්කර හඳුනා ගන්නා අතර එසේ කරනු ලබන්නේ රුධිර වාහිණී තුල තාප ශක්තිය අනෙකුත් පටක වලට වඩා ඉහල නිසාය. එවිට රුධිර වාහිණී අවට පටක වලින් ඉස්මතු විම නිසා අධෝරක්ත කැමරාව විසින් පහසුවෙන් හදුනාගෙන එය ඡායාරූපයක් බවට පත්කරයි. ඉන් පසුව එය, ලේසර් කිරණ ආධාරයෙන් පරතරය (රෝගියා සහ උපකරණය) හඳුනාගෙන ලබාගත් ඡායාරූපයට සමාන අනුපාතයෙන් ලේසෙර් ආලෝකය ආධාරයෙන් නැවත ප්‍රක්ෂේපණය කිරීමයි. එමගින් අභ්‍යයන්තර රුධිර වාහිණී රටාව සම මතුපිටට ප්‍රක්ෂේපණය කිරීම මගින් හෙද වෘත්තිකයාට පියවි ඇසට නොපෙනෙන රුධිර වාහිණී පහසුවෙන් හඳුනාගත හැක.

මෙම උපාංග පරම්පරා හයකට පසු සහ රටවල් 40+ ක ගෝලීය පියසටහනක් තබමින් VeinViewer ගෝලීය සෞඛ්‍ය සහ ඖෂධ විශේෂඥයින් විසින් " හොඳම ජංගම රුධිර වාහිණී රූපකරණ පද්ධතියක්" ලෙස ප්‍රකාශ කරන ලදී.

 

Share:
සෞඛ්ය ආරක්ෂණය : ඛාණ්ඩයේ කෙටි පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්