සංකීර්ණ කරුණු සරල බසින්

පෘථිවි වායුගෝලය පිළිබඳව විද්‍යාඥයින් සංවේදී නිවේදනයක් නිකුත් කරයි.
අභ්‍යාවකාශය

පෘථිවි වායුගෝලය පිළිබඳව විද්‍යාඥයින් සංවේදී නිවේදනයක් නිකුත් කරයි.

පෘථිවි වායුගෝලයේ පහළම ස්ථරය වන්නේ පරිවර්තී ගෝලයයි (troposphere). එහි පෘථිවි වායුගෝලයේ මුළු ස්කන්ධයෙන් 80% ක් සහ ජල වාෂ්ප හා අයරොසෝල් (වෙනත් වාෂ්ප) ස්කන්ධයෙන් 99% ක් අඩංගු වන අතර බොහෝ කාලගුණ සංසිද්ධි සිදුවන ස්ථරය වන්නේ මෙයයි. පෘථිවි වායුගෝලයේ සියලුම ගුවන් යානා පියාසර (වාණිජ ගුවන් ගමන්) කරන්නේ මෙම ස්ථරය තුලයි. ඊට ඉහලින් පිහිටා ඇති ස්ථරය වන්නේ පෘථිවි වායුගෝලයේ දෙවන පහළම ස්ථරය වන අපරිවර්තී ගෝලයයි (stratosphere). එය මෙසෝ ගෝලයට (mesosphere) පහළින් පිහිටා ඇත.

අපරිවර්තී වායුගෝලීය අංශු එකතු කිරීම සඳහා පෘථිවි වායුගෝලයේ ඉහල ස්ථර වලට දියත් කරන ලද බැලූනයක් ආධාරයෙන් වායුගෝලීය අංශු ලබා ගත් අතර අධ්‍යයනය අතරතුර විද්‍යාඥයින් විසින් අසාමාන්‍ය වස්තුවක් සොයා ගන්නා ලදී. එය ඩයටම් ක්ෂුද්‍ර ඇල්ගී කවචයක කැබැල්ලකි.

ඩයටම් යනු පෘථිවියේ සාගරයේ, වැව්, ජල මාර්ග සහ පසෙහි ජීවත් වන ඒක සෛලික ක්ෂුද්‍ර ඇල්ගී විශේෂයකි. ඒවා ජල තීරුවේ පළමු මීටර් 200 තුළ එනම් සූර්යාලෝකය ගමන් කරන ගැඹුර තුල වූ කලාපයේ ප්‍රභාසංස්ලේෂණය මගින් ජීවත් වන ස්වයංපෝෂිත ජීවීන් වේ. මෙම ජීවීන් ඉතා කුඩා වුවත්, ප්‍රමාණයෙන් මයික්‍රෝමීටර 2 ත් 200 ත් අතර (<0.2 mm මි.මි.) වුවද, ඒවා ජෛව ස්කන්ධයේ නොසැලකිය හැකි කොටසක් වුවද සෑම වසරකම පෘථිවියේ ඔක්සිජන් වලින් 20% සිට 50% දක්වා නිෂ්පාදනය සඳහා දායක වේ.

ඩයටම් සෛල, "ෆ්‍රස්ටූල්" (frustule) ලෙස හඳුන්වන සමමිතික කොටස් දෙකකින් සමන්විත කවචයකින් වට වී ඇති අතර එය අස්ඵටික සිලිකා හයිඩ්‍රේටඩ් වලින් සමන්විත වේ. ඔවුන්ගේ මරණයෙන් පසු, ඔවුන්ගේ සිලිකා කවච සාගර පතුලේ එකතු වී ඩයටොමයිට් හෝ ඩයටොමයිට් ඛනිජයක් (cherts) ලෙස තැන්පතු සාදයි. ඩයටම සාගරවල සෑම තැනකම දක්නට ලැබේ, නමුත් ඒවා ආක්ටික් ප්‍රදේශවලට ආසන්නව සංකේන්ද්‍රණය වී ඇති අතර, එහිදී ඔවුන් සිලිකාමය ඝන මඩ තට්ටුවක් සාගරයේ පතුල තුල සාදයි. පැරණිතම ඩයටම මුල් ජුරාසික් (Jurassic) යුගය (ඩයිනසෝර්ස් සිටි යුගය) දක්වා දිවෙන නමුත්, අවසාදිත සාක්ෂිවලින් පෙනී යන්නේ ඒවා මුල් ට්‍රයැසික් (Triassic) යුගයේ සිටම තිබෙන්නට ඇති බවයි. ට්‍රයැසික් යුගය - වසර මිලියන 251.902 කට පෙර, උරගයින්ගේ යුගය හෙවත් ජුරාසික් යුගයේ ආරම්භය දක්වා වූ කාලයයි.

වසර මිලියන 185 කට පමණ පෙර පෘථිවියේ ඩයැටම් ඇතිවන්නට ඇතැයි විශ්වාස කලද, ඒවායේ පිටසක්වළ සම්භවය පිළිබඳ න්‍යායක් පවතින බැවින්, මෙම කරුණ පර්යේෂකයන් අතර විශේෂ උනන්දුවක් ඇති කර තිබේ. විශේෂඥයින් විශ්වාස කරන්නේ මෙම ක්ෂුද්‍ර ජීවීන් අභ්‍යවකාශයේ සිට අපේ ග්‍රහලෝකයට ගෙන එන්නට ඇති බවයි. ඒ බව මුලින්ම ලොවට ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යයේ ශ්‍රීලාංකික ගණිතඥයෙක් වන නලින් චන්ද්‍ර වික්‍රමසිංහ විසිනි.

අධ්‍යයනයේ වඩාත්ම කැපී පෙනෙන නිගමනය වූයේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයට සාපේක්ෂව සමීපව පෘථිවියට සමාන ග්‍රහලෝකයක් පැවතිය හැකි බවයි. මෙම උපකල්පනයට පදනම වූයේ සොයාගත් පිටසක්වල ජීවියා භූමිෂ්ඨ තත්වයන්ට සාර්ථකව අනුවර්තනය වීමයි. එමෙන්ම මෙයින් පැහැදිලි වෙන්නේ මෙම ඇල්ගී වල DNA, ජීවයේ වර්ධනය සඳහා සමාන තත්වයන් පවතින වෙනත් ග්‍රහලෝකයක ජීව ස්වරූපයන්ට සමාන විය හැකි බවයි.

මෙම සොයාගැනීම උල්කාපාත සහ කොස්මික් දූවිලි හරහා විශ්වය පුරා ජීවය පැතිර යන බවට ඇති න්‍යායේ හැකියාව මෙන්ම අභ්‍යවකාශයේ කොතැනක හෝ පෘථිවියට සමාන ග්‍රහලෝකයක පැවැත්ම පිළිබඳව සිත්ගන්නාසුලු ප්‍රශ්න මතු කළේය.

Share:
අභ්‍යාවකාශය : ඛාණ්ඩයේ කෙටි පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්